October 2019

වැස්සෙම කෙල්ල එතනට වී හිදියත් කොල්ලා කෙල්ලව නොදුටු ලෙස එතනින් නික්ම ගියේ ය. කෙල්ල යලිත් මෝටර් රථයට ගොස් එය පණ ගැන්වීමට බොහෝ උත්සහ කළද එය ක්රියාත්මක නොවුනි. ඒ නිසා කෙල්ල සීතලේම මෝටර් රථයට වී හිඳියේ කළ යුත්තේ කුමක්ද කියා හිතා ගැනීමටවත් නොහැකිව ය.

සාශුට දුරකතන ඇමතුමක් ගන්නට කෙල්ලට ඒ වෙලාවේ මතක් උවද ඒ වන විටත් දුරකතන⁣ය ක්රියා විරහිත වී තිබුණි. නිවසින් එළියට ගිය ප්රථම දිනයෙදීම කෙල්ලට ආයෙමත් සියල්ලම එපා විය. ශීර් ගැන නම් කෙල්ලට සිදුවූයේ කරදර ගොඩකි. ඒ ගැන කෙල්ල වූයේ ඒසේ මෙසේ කේන්තියක් නොවේ. ඒ්ත් ඒ නපුරු ඇස් බැල්මට කෙල්ල හරි බයය. එ් නිසා කෙල්ල හැකි ඉක්මනට ශීර් ගැන හිතට එන ඒ තවමත් නමක් නොදන්න අමුතු සිතුවිලි ඉවත් කිරීමට උත්සහ කළා ය. ඇයට දරා ගන්න බැරි සීතලක් දැනෙද්දි කෙල්ල තමන්ගේ සිරුර දෙස බැලුවා ය.

ඇගටම තද වන සේ ඇද තිබුන ලා කහ පැහැති බ්ලව්ස් එක සහ තද දුඹුරු පැහැති ස්කර්ට් එක තෙත් වී අැගටම ඇලී තිබුණි. කෙල්ලගේ හැඩ ඇග පමණක් නොව එ් සිරුරේ සියුම් තැන්වල ඇති හැඩ පවා එම නිසා හොදින් කැපි පෙනුනි. ඉතිං කෙල්ලට දැනුන ලැජ්ජාව නිසාම කෙල්ල වාහනයෙන් එළියටවත් බැස්සේ නැත. ගෙවී යන තත්පරය පවා කල්පයක් ලෙස කෙල්ලට දැනුණි.

අවසානයේ කෙල්ල වෙව්ලන්නට වූයේ ශරීරයට දැනුන සීතල වැඩි වන්නට ගත් නිසාම ය. විකල්පයක් ඇයට තිබුනේද නැත. ඇය වෙව්ලමින් මෝටර් රථයෙහි අහු මුළු අතර හැම තැනක්ම කුමක් හෝ අැදුමක් ඇතිදැයි සිතමින් ⁣අදුරේම අත ගාමින් සොයන්නට වූවා ය. ⁣නැත පෙරදිනක ඇය සාශුගේ අවශ්යතාවයකට ඇයට මෝටර් රථය ලබා දුන් නිසා කෙල්ල වෙනදාට ලඟ තබා ගන්නා කිසිදු දෙයක් එහි වූයේ නැත. අවම පෝන් එකස්විච් ඔන් කර ගැනීමට අවශ්ය පවර් බෑන්ක් එකවත් ඇයගේ රථයෙහි නොවී ය.

#දුර්ග__ආශීර්__මංචනායක. කොල්ලා හදිස්යේම දැනට මාස කිහිපයකට කලින් ලංකාවට එන්නේ හේතු කිහිපයක් නිසාම ය. ඉතිං කොල්ලට මේ ආරම්භ වුන රාත්රිය ඉතාමත් විශේෂයි. ඔහු යමින් සිටියේ කොල්ලගේ යහළුවෙකු වූ තේමිය රාජමන්ත්රිව මුණ ගැසෙන්නට ය. ඔහු සතුව වටිනා විස්තර කිහිපයක් තිබුනා කොල්ලගේ ජීවිතේට සම්බන්ධව. ඉතිං ඒ නිසා තේමියගේ නිවසට යෑමට තිබුන තද බල අවශ්යතාවය නිසා කොල්ලා ජීප් රථය හැසිරුවේ උපරිම වේගයෙන්.

ඒත් අවසානයේදි කොල්ලගේ වාහනයෙහි වේගය වැඩි කම නිසා සිදුවුනේ අනතුරකි. ඒත් එයින් කොල්ලගේ රථයට නොව ඇයගේ රථයට විශාල ලෙස හානි සිදුවී තිබුනි.

කොල්ලට රථය හසුරුවන අවස්ථාවේදි පවා මතකයට නැගුනේ අැයගේ ලස්සන දිගු ඇස් දෙකයි. ඒත් ඇය හැම අවස්ථාවකම උත්සහ කළේ ඒ ඇස් කොල්ලගෙන් හංගන්න. හරියට ඒ ඇස් ඇතුළේ හැංගිලා තියෙන දුක කොල්ලා කියවයි කියලා බයට කෙල්ල හිතා මතාම කොල්ලගේ තියුණු අැස් වලින් කෙල්ලගේ අැස් සඟවන්නී ය.

අනතුර සිදු වු තැන තරමක් පාළු ප්රදේශයකි. ඉතිං එතැන ඇයට උදව්වක් දෙන්නට තරම් කෙනෙක් නොවී ය. ඒ වන විටත් කෙල්ල ගැන ⁣කොල්ලාට සියුම් අනුකම්පාවක් දැනෙමින් තිබුණි. අනුකම්පාවටත් වඩා තමා කොතරම් දෙඩවූවත් කෙල්ලට එලෙස සිදු වූයේ තමාගේ වරදින් බව කොල්ලා දැනගෙන සිටියේ ය. කොල්ල⁣ට ඒ මොහොතෙම හිතට නැඟුන සිතුවිල්ලත් සමඟ කොල්ලා රථය හරවා ගත්තේ ඇය ලඟට යෑමට ය.

⁣විනාඩි කිහිපයකින් එම තැනට පැමිණි කොල්ලා කෙල්ලගේ මෝටර් රථය අනතුරට පත් වූ තැනටම පැමිණ ජීප් රථය නතර කළේ ය. ඉන්පසු රථයෙන් බැස්ස කොල්ලා කෙල්ල⁣ගෙ මෝටර් රථයෙහි ඉදිරි දොාර හරින්නටඋත්සහ කළේ ඇය ඇතුළේ සිටිනවාදැයි බලන්නට ය. කොල්ලාගෙ හිත පැවසු දෙය හරි ය. පසුපස ආසනයකට ගුලිවී ⁣වෙව්ලමින් සිටියේ ඇය ය. ඉතිං කොල්ලා දෙවරක් නොසිතාම කෙල්ලට කතා කළා ය.

"ඕයි... තමුසෙට මේකෙන් ගන්න ඕන රෙද්දවල් ටික අරගෙන එළියට එනවා."

⁣කෙල්ල වෙව්ලමින් වුවද ⁣බැට්රි බැස ඕෆ් වී තිබුන දුරකතනය සහ ඇයගේ බෑග් එක අතට ගෙන හරි අපහසුවෙන් රථයෙන් බැස්සා ය.

"යනවා ගිහින් ජීප් එකට නගිනවා."

කෙල්ල දෙස නොබලාම කොල්ලා එලෙස පැවසුවද දෑස් කොනකින් මෙන් තෙමුන නිසා අැගටම ඇලි තියෙන ඒ හිර ඇදුම් වලින් හොදින් පෙනෙන ඒ කෝමල රේඛාවන් පවා දුටුවේ ය.

"ඒයි යක්ෂනි.. තමුසේ මෙහෙමද දැන් ⁣මගෙත් එක්ක වාහනේ යන්න එන්නේ?. බලනවා ඇදුමේ හැටි. තමුසේ ගෑනියෙක්නේ නේද?. ලැජ්ජාවක් කියලා දෙයක් දන්නෙම නැහැ... අාහ් මේක අැද ගන්නවා. ශිට් මේ ගෑනු නම්...."

කොල්ලා ඇදගෙන සිටි තද නිල් සහ කළු චෙක් ශර්ට් එකෙහි බට්න් ඕපන් කරමින් එය ගලවා කෙල්ල අත තැබමින් පැවසුවේ ය.

උඩු කය නිරුවත්ව සිටින කොල්ලා දෙස කෙල්ල වෙව්ලමින් වුවද බලාගෙන සිටියේ ඇස් දෙක ලොකු කරගෙන ය. මනාවට සකසා තිබුණ ඒ ශරීරය දෙස කොතරම් වෙලාවක් උවද බලාගෙන සිටිය හැකි ය. ඉතිං කෙල්ලගේ දෑස් බැල්ම බිමට යොමු කරගත්තේ කොල්ලා අායෙම ගුගුරන්න ගත්ත නිසා.

"ඒයි... ඇස් දෙක ගලවලා අතට දෙන්න කලින් යනවා ගිහින් නගිනවා ජීප් එකට."

ඒ වන විට තද වැස්ස තරමක් අඩු වී තිබුණි. ඒත් තවමත් වැසි වැටේ. කොල්ලගේ ශර්ට් එකත් ඇගේ දවටාගෙන කෙල්ල ජීප් එකේ පසුපස අාසනයකට බර විය.

"මම තමුසෙගේ ඩ්රයිවර් නෙවෙයි. නගිනවා ඉස්සරහින්."

කිසිම තෙතමනයක් නැති ඒ වචන කෙල්ලගේ හිත රිදවද්දි කෙල්ල ඉක්මනින් පසුපස ආසනයෙන් ඉදිරි ආසනට මාරු උනා. තමුසෙගේ ගෙදරට යන පාර කියනවා.

කෙල්ල වෙව්ලමින් කොල්ලට තිබුන බිය නිසාම මාර්ගය පැවසුවා ය. අනතුර සිදු වූ තැන සිට කෙල්ල⁣ගේ නිවසට විනාඩි විස්සක් පමණ දුරක් තිබුණි. ඉතිං කෙල්ල මාර්ගය පැවසීමෙන් අනතුරුව කළුවර අතරින් පසුවෙන ලයිට් එළි දෙස බලාගෙන හිටියේ කෙල්ල හිටියේ ඇයගේ ශරිරයට දැනෙන අපහසුව ගැන නොහිතාම ය.

"එ්යි..මෙතනින් කොහෙටද?."

"වමට දාන්න."

කෙල්ල හරි අහිංසක විදිහට එහෙම කීවේ. නැතිනම් කොල්ලා කෙල්ලව එ් තැනම දාලා යයි කියලා ලොකු බයක් හිතට දැනුනා.

"ඔය ඔතන බ්ලැක් කලර් ⁣ගේට් එක ඇතුළේ තියෙන ගෙදර."

කෙල්ලට පවසන්නට හැකි වුයේ එපමණකි. කෙල්ල හිටියේ ඒ වන විට පියවි සිහියෙන් ගොඩක් ඈතට ගිහින්. කොල්ල⁣⁣ගේ දුහුල් ශර්ට් එක සමත් උනේ නැහැ කෙල්ලගේ සීතල අඩු කරන්න.ඉතිං තමන්ගේ නිවස අභියසදිම කෙල්ලගේ දෑස් බොදවී සියල්ලම අන්දකාරයෙන් වැසෙන්නට ගනිද්දී කෙල්ල ⁣හිද වුන් ආසනයටම අැය කඩා වැටුනේ තවත් කෙල්ලට ශරීර අපහසුව දරාගෙන ඉන්න බැරි වුන නිසා.

ශීට් එක මතට එක වරම කඩා වැටුනු කෙල්ලගේ සුදු මැලි වී ගිය මුහුණ දුටු විගස කොල්ලා බිය වූවේ ය. කොල්ලා කෙල්ලගේ නිවස ඉදිරියට වී වාහනයේ හෝන් එක නාද කළේ පිස්සුවෙන් වගේ. ශාසු ඇවිත් ⁣ඉක්මනට ගේට් එක විවර කළ තත්පරයෙදිම කොල්ලා වාහනය ඇතුළට දැම්මේ ය.

උඩු කය නිරුවත්ව දිගු ඩෙනිම් කලිසමක් පමණක් හැද වාහනයෙන් බහින කොල්ලා දෙස සාශු බලාගෙන හිටියේ බය වෙලා වගේ. ඒත් කොල්ලා සාශු දෙස ඇස් කොණකින් වත් බැලුවේ නැහැ.

කොල්ලා වාහනයෙහි ඉදිරි පස දොර හැරලා ශායල්ව දෑතින්ම අර ගත්ත ආශීර් ඉදිරි දොරෙන් ගේ අැතුළටම ගියා.

"ඒයි... තමුසේ යකෙක් දැක්කා වගේ මගේ දිහා බලාගෙන ඉන්නේ නැතිව මට මෙයාගේ කාමරේ පෙන්නනවා. නැතිනම් ඉතිං මම මෙතනම අත අරින්නම්."

"උඩ තට්ටුවේ තියෙන දෙවෙනි රූම් එක."

"ඉක්මනට මේ මනුස්සයට කවන්න පුළුවන් දෙයක් හදලා ගන්නවා. තව උණු වතුරෙන් වෙට් කරපු ටවල් එකක් අරගෙන උඩට එනවා."

"ආශිර් එහෙම කියලා පඩිපෙල නගින්න ගත්තා."

සාශු කිව්ව කාමරයෙහි වු ඇද මත කෙල්ලව තැබුව ශීර් කල්පනා කරන්නට විය. කිසිම ⁣දෙයක් හිතට එන්නේ නැති වෙද්දී කොල්ලා කාම⁣රයෙහි දොරගුළු ඇතුළතින් දැම්මේ ය. අකමැත්තෙන් උනත් කොල්ලා කෙල්ලගේ ගත වටා බ්ලැන්කට් එක ඔතමින් වැස්සට තෙමි තවමත් වතුර වියලි ගොස් නැති ඒ ඇදුම් එකින් එක ඉවත් කරන්නට විය. පසුව කෙල්ලගේ හිස කෙස්ද ටවල් එකකින් එතුවේ ය.

"කරන්න දෙයක් නැහැ කෙල්ලේ. මට සමාවෙන්න.."

කොල්ලා හිතෙන් එය දහස් ගණනින් එය මතුරන්නට ඇත. ඉන්පසු ඇය සහ ඔහු වැසි යන ලෙසට ඇයගේ ඇදෙහි වූ තවත් බ්ලැන්කට් එකක් පෙරවාගෙන ඇයව ඔහුගේ නිරුවත් පපුවට තුරුළු කර ගත්තේ ය.

කිසිම දිනයක මෙවැනි අත්දැකීමක් විද නැති ශීර්ගේ හිත තුළට පැමිණෙන ඒ ආගන්තුක හැඟීම් ශීර් අඩපන කරද්දි කොල්ලා එකම එක වතාවක් ඒ ගෙල මත සහ නලල මත හාදුවක් තැබා ඇයව තම සිරුරට යට කර ගත්තේ හිත තුළ ඉපදෙන හැඟීම් දහස් ගණනක් මායිම් නොකරම ය.

දැනෙන උණුසුම වැඩි වෙද්දී කෙල්ල හෙමින් හෙමින් ඇස් හැර බැලුවා ය. ඇය සිටියේ ඔහුගේ සිරුරට යට වී ය. ඉතිං කෙල්ලට කෑ ගැසීමට සිත් වුනද අහම්බෙන් අද දුටුව ඒ පිරිමි රුව වෙනුවෙන් හිත ගැඹුරෙම තැම්පත් වී ඇති හැඟීම් සිත මතට ඇවිත් දඟ කරද්දි කෙල්ල කළේ තවත් ඒ පපුවට තුරුළු වීම ය. ඇය අවදි වූවත් ඒ මුව බැලීමට හැකියාවක් ඇයට තිබුනේ නැත. ඒ වගේම ඔහුගේ ඒ නපුරු වචන වලට හිත රිදවා ගැනීමට මේ වගේ අවස්ථාවක කෙල්ල අකමැති විය.

කෙල්ලව ඒ පපුවට තුරුළු කරගෙන කෙල්ලගේ හිස කෙස් මත ඇඟිලි යවමින් සිටි ශීර් කාමරයෙහි දොර⁣ට ගසන ශබ්දයත් සමඟ ඉක්මනට කෙල්ලගේ මදක් උණුසුම් වි තිබුන සිරුර මතින් නැගිට්ටේ ය.

ඒත් ඇය තවමත් ඇස් පියාගෙන ය. විනාඩි විස්සක් හෝ විසි පහක් ගෙවී ⁣ගොස් ඇතිවාට සැකයක් නැත. ඉතිං ඔහු වරක් හෝ දෙවරක් ඇය දෙස බැලුවේ අැය ඇසි පියන් හරීවි යන විශ්වාසයෙනි. ඇය තවමත් නිසොල්මනේ හිදින්නීය. අඟුලු දමා තිබුන දොර විවර කළ ශීර් පසෙකට වූයේ ශීලා අැන්ටිට සහ සාශුට කාමරය තුළට පැමිණීමට පහසු වන ලෙස ය. කාමරයට පැමිණ සිටි සාශු සහ ශිලා ඇන්ටි ශීර් දෙස බලාගෙන සිටියේ ප්රශ්න රැසක් අසන්නට තිබු උවමනාව පවා යටපත් කරමිනි. ඒත් ඊට පෙර ශීර් කතා කරන්නට පටන් ගත්තේ ය.

"තව ටිකකින් එයා නැගිටියි. එයා නැගිට්ටම අහන්න ඕන දෙයක් අහගන්න.එයාගේ ඇඟ ⁣වැහෙන විදිහට ඇදුමක් අන්දවලා තව බ්ලැන්කට් එකක් දාන්න ටිකක් රශ්නේ එන විදිහට. පුළුවන් නම් එයා කන්ඩිශර් එකත් එයාට පහසු ටෙම්පරේජ් එකකට හදන්න. මම යනවා."

"මහත්තයා කවුද?."

ඒ ශිලා අැන්ටි ය.

"මම කවුද කියන එක වැඩක් නැහැ. කිව්ව දේවල් විතරක් කරනවා. තව එකක් තමුසෙගේ යාළුවට කියනවා මගෙ පාර ඉස්සරහට එන්න එපා කියලා. එහෙම නැති වුනෙත් එයාට සෑහෙන්න විදවන්න වෙයි."

අන්තිම ටික සාශු ⁣දෙස බලාගෙන කිව්ව කොල්ලා කාමරයෙන් එළියට පැමිණියේ ආයෙම සැරයක් කෙල්ල දෙස බලමින්ම ය.

කෙල්ල කොල්ලා යනතුරුම සිටියේ දෑස් පියාගෙනම ය. කොල්ලා ගිය තත්පරයෙදීම කෙල්ල දෑස් හැර බැලුවද තවමත් ඒ මුවෙහි වූ සුදුමැළි ගතිය නම් මැකී ගොස් තිබුනේ නැත.

"ඒහ් බං ශායල් මොකද බං උනේ?. කොහෙද බං උඹගේ පෝන් එක."

සාශු හරි ඉක්මනට කියවගෙන ගියත් කෙල්ල කළේ මද සිනහවක් පෑම පමණි. ඉතිං ශිලා ඇන්ටි ශායල්ගේ ඇග සෝදවා අත් දිග පිජාමා කමිසයක් සහ දිගු පිජාමා කලිසමක් ඇන්දුවා ය. පසුව සකසා තිබු සුප් බදුන පොවා පැනඩෝල් දෙකක් දුන්නේ ඇයගේ සිරුර තරමක් උණුසුම්ව තිබුණ නිසාම ය.

"නිදා ගන්න මැණිකේ. අපි හෙට උදෙන්ම කතා කරමු."

ශිලා ඇන්ටි ශායල්ට නින්ද යනතුරු හිස අතගාමින් සිටියේ ඇය ගැන උපන් ආදරය නිසාම ය.

කෙල්ල අවදි වන විට උදෑසන නවයත් පසු වී තිබුණි. ඇගේ තෙහෙට්ටුව තිබුනත් කෙල්ල නාන කරයට ගොස් හොදින් නා ගත්තා ය. පසුව සැහැල්ලු කොට කලිසමකට කෙටි ටී ශර්ට් එකක් දමාගෙන පහළට එද්දි සාශු සහ ශිලා ඇන්ටි සෝෆා එකට වී ඉඳගෙන සිටියෝ ය..

කෙල්ල ඇවිත් සාශු සහ ශීලා ඇන්ටි ලඟම ඉද ගත්තේ පෙර දින සිදු වූ සියල්ල පැවසීමට ය. ඉතිං කෙල්ල උදෑසන කාර්යාලයට ගි.ය මොහොතේ සිට කෙල්ලට සිහිය නැති වෙන අවස්ථාව දක්වා සිදුවුන සියළුම දේවල් පැවසුවා ය.

"අයි අයියෝ සාමි... අපි තුන්සිය හැට පස් දවසෙම එළියට ගියත් මෙච්චර කාලයකට වුනේ නැති දේවල් ටිකක්නේ උඹට වෙලා තියෙන්නේ. හැබැයි ශායල් උඹ පේන්ට් උනේ නම් බොරුවට නේද?. අර නහරකාරයාගේ අතින් ගෙදර ඇතුළට එන්න ආස හිතුනවත්ද?."

කෙල්ලට ඒ වෙලාවේ ආයෙම ශීර්ව මතක් උනා. ශීර්ව මතක් වෙද්දී කෙල්ලගේ ඇස් දිලිසෙනවා. මුවට ලස්සනම ලස්සන හිනාවක් එනවා. ඉතිං කෙල්ල ඒ වෙලාවට කරන්නේ සාශුගෙන් ඒ මුව හංග ගන්න එක.

"මම දැක්කා උඹෙ මල් හිනාව. ඔහොම යමුකෝ #යේරා.."

කෙල්ලට සාශු ආදරේට කතා කරන නම. ඉතිං කෙල්ල සාශු දෙස බලාගෙන හිටියා විතරයි.

"ඒයි... සාශු කාර් එක බලන්න ලලිත් අයියාට යන්න කියලා කීවද?."

"ඔව් මම කීවා බං. තව ටිකකින් කතා කරයි අනිවා."

"ඒහ් සුද්දි උඹ අද රෙස්ට් කරපං. මම දැන් යන්න ඕන ඔෆිස් එකට. තේමිය සර් කෝල් බර ගානක් දැනටම ගත්තා."

සාශු එහෙම කියලා හිද සිටි තැනින් නැගිට ගත්තේ කාර්යාලයට යෑමට ය.

විරාමයකට අවසර 




>> මේ කතාව ලියන්නේ - සේයා දිසානායක ❤️


කෙල්ල එතන තිබුන කොන්ක්රීට් බෙන්ච් එකේ ඉද ගත්තේ මෙතෙක් වෙලා කෙල්ලගේ හිතට දැනුන සැනසීම එක වරම අතුරු දහන්ව ගිය නිසාම ය. නැගෙන බැස යන රළ වලින් දෑස් ඉවතට ගෙන සිටි කෙල්ල බලාගෙන සිටියේ වෙනත් ඉසව්වක් දෙස ය.

ඇයට පිටුපා තවත් කොල්ලෙක්ගේ කරට අතක් දමාගෙන මොනවා හෝ කියවමින් සිනහා වෙමින් ඈතට යන කෙල්ලගේ හද ගැස්ම මොහොතකට නතර කළ ඒ පිරිමි රුව දෙස කෙල්ල බලාගෙන හිටියේ ඒ රුව ඈත තිතක්ව ඇදි කෙල්ලට නොපෙනී යන තුරුම ය.

"අැන්තී.."

කෙල්ල අැයට පිටුපාලා ඈතින් ඈතට ඇදෙන ඒ රුවෙන් ඇස් ඉවතට ගත්තේ පුංචි රෝස පාට බොල ගෙඩියක් වගේ කොල්ලෙක් ඇවිත් කෙල්ල ලඟ ඉඳ ගත්ත නිසා.

"මොකද පොඩ්ඩෝ..."

කෙල්ල ලඟ ඉදගෙන හිටිය පොඩි කොල්ලව උස්සලා අරගෙන කෙල්ලගේ කකුල් උඩ තියා ගන්න ගමන් කතා කරලා අැහුවා.

"අල...අපේ අම්මි ඉන්නේ.. ඔයා දල්ලව⁣ද අනේ එයාව.."

"ම්ම්... නැහැනේ පුතු."

"එයා මත අයික්කීම් අලගෙන එන්නම් කීලා ගියා අනේ. මට තදී බබා එක්ක තෙල්ලම් කරන්න කීලා. ඒත් තදී බබාගේ තාත්ති ඇවිත් එයාව එක්කලගෙන ගියානේ. අම්මි එනකල් මම මෙතන ඉන්නද අැන්තී. ඔයත් තනියමනේ."

"හා පුතු.."

කෙල්ල ඒ හිස සිඹිමින් පැවසුවා ය.

කෙල්ලගේ උකුලෙහි හිඳගෙන හිදින රෝස බෝලේ කෙල්ල දෙස ඇස් ලොකු කරගෙන බලාගෙන සිටියි. කෙල්ලත් ඔහු දෙසම බලාගෙන සිටියා ය. පසුව ඔහු කෙල්ලගේ මුහුණ මත ඒ සුසිනිදු දෑතකින් අත ගෑවේ ය. පසුව ඔහු ඒ අත්ල දෙස බලාගෙන සිටියේ ය.

"ඇන්ති.. ඔයා ගාන්නේ නැතිද ඒවා.."

"මොනවද බබා.."

"අල එක එක පාත ඒවා මුණේ. අපේ අම්මි ගාන ඒවා. ලත්තන වෙන්න."

ඔහු මේ කියන්නේ මේක් අප් කිරීම ගැන බව කෙල්ලට හොදින් තේරුම් ගියා ය. රෝස බෝලෙගේ පණිඩිත කතාවට කෙල්ලගේ මුවඟට මද සිනහවක් නැගුනද කෙල්ල ඔහුට කතා කළා ය.

"නැහැනේ පුතු."

"ඒකනේ.. ඇන්ති ඒවා ගෑවෙ නැති වුනාට ඔයා අපේ අම්මිට වඩා ලත්තනයි අනේ. හලියට අල ටීවි ⁣එකේ ඉන්න සින්දූල් අක්කි වගේ."

පුංචි එකා කට හද හද පවසයි.

"අනේ අනේ පණිඩිත කතාව."

කෙල්ල ඒ රෝස කොපුලක් මත මගේ තොල් තද කරමින් පැවසුවා ය.

"ඇන්ති මයි නේම්... සිතාල් අභීව්. ඇන්තිගේ නේම්."

"ඩියේරා ශායල්.."

"දියේලා තායල් වාව්...නයිත් නේම් ඇන්ති.. අපේ අම්මි දිල්තා නන්දිතා,තාත්ති නේහාල් කුයාම..."

ඒ නම් ඇසූ මෙහොතේ නම් කෙල්ල කෙල්ලගේ සිනහව පාලනය කර ගත්තේ බොහෝ වෑයමක් දරා ය.

"ඇන්ති අල ඈතින් එන්නේ මගේ අම්මි."

⁣ශායල් ඔහු පෙන්වූ දෙස බැලුවා ය. කෙල්ලගේ වයසට සමාන වයසක් ඇති යැයි පැවසිය හැකි තරුණියක් අයිස්ක්රීම් කෝන් දෙකක් රැගෙන තරමක් ඈතින් එනවා වගේ ඇය දු⁣⁣ටුවා ය..

"අල බවුන් කලර් හෙයා තීන කෙනා. ඒ මගේ අම්මි. අම්මි... අම්මි.. මම මෙහේ. එන්න එන්න මේ ලත්තන ඇන්ති ලඟත ඔයත්..."

කෙල්ලගේ උකුලට වෙලා කියවා කියවා හිටිය ⁣රෝස බෝලේ කෑ ගහන්න ගත්තේ ය.

"තැන්ක් යු ඇන්ති. අම්මි ඇහුවොත් කියන්න මම දඟ බබෙක් නෙවෙයි කීලා. තේලුනා නේද?."

"සිතු.. මම කිව්ව තැනද දැන් ඔයා ඉන්නේ."

"අල තදීගේ තාත්ති තදීව එක්කලගෙන ගියානේ අම්මි. මම මේ ඇන්ති එක්ක හිතියේ. අම්මිගේ දඟ බෝලේ දඟ කළේ නැහැ අම්මි. ගෝඩ් පොමිත්.."

කොල්ලා අන්තිම ටික කීවේ එක අතකින් උගුර අල්ලගෙන. කෙල්ල ඇත්තටම ඔහු දෙස බලාගෙන හිදිද්දි මීට විනාඩි දහයකට පමණ කලින් සිදුවුන සියළුම දේවල් හිතින් අමතකව ගොස් තිබුණි. ඒ තරමට ඒ හිනාව හරි අව්යාජය. ඒ වගේම ඒ කතාව හරි හුරතල් ය. ඒ නිසාම කෙල්ල ඒ සුදුම සුදු හුරතල් මුහුණ දෙස ටික වෙලාවක් බලාගෙන සිටියා ය.

"තැන්ක් යු මිස්. මෙයාගේ යාළුවගේ තාත්ති හැමදාම එහෙමයි. මට කියන්නෙත් නැතිව වෙලාවකට දෙන්නවම එක්කගෙන යනවා. බබා මිස්ට කරදර ⁣කළා නම් සොරි."

"නැහැ නැහැ.. එයා මට කරදර ක⁣ළේ නම් නැහැ."

"ඇන්ති එනවද යන්න අපේ ගෙදර.."

කොල්ලා තවම මගේ උකුලේ හිටියේ. උකුලට වෙලා සැපට ඉදගෙන කකුල් දෙකත් හොල්ලා හොල්ලා අයිස්ක්රීම් කෝන් දෙකක් අත් දෙකේම තබාගෙන අයිස්ක්රීම් කන ගමන් මට කියනවා.

"ම්ම්.. ඇන්ටි වැඩට යන්න ඕනනේ බබා.."

කෙල්ල එහෙම කීවේ ඒ නිවසට යෑමට වැඩි කැමැත්තක් නොතිබුණු නිසාම ය.

"අම්මි අනේ ලත්තන ඇන්තිව ගෙදර එක්කගෙන යමුකෝ. බබාත කවුලුත් සෙල්ලම් කලන්නත් නෑ.."

පොඩි එකා දුක හිතෙන මුහුණක් හදාගෙන කියනවා.

"මිස් මෙතන ඉඳලා ටුවෙන්ටි මිනිට්ස් වලින් අපේ ගෙදරට යන්න පුළුවන්. යමුද?. නැතිනම් අද මෙයාගෙන් ⁣බේරෙනවා බොරු."

බබාගේ අම්මා මද සිනාවකින් යුතුව ⁣එහෙම කියද්දි කෙල්ල නිරුත්තර උනා. කෙල්ල මේ විලස එළියට ආව දිනයක් කෙල්ලගේ මතකයේ කොහෙවත් නැහැ. ඉතිං එහෙම එළියට ආව පළමු දිනයෙම මෙහෙම දෙයක් වෙයි කියලා කෙල්ල හිතුවේ නැහැ. ඒ නිසා කෙල්ල කල්පනා කරන්න ගත්තා.

"අනේ ඇන්ති ඔයා එන්නම ඕන... ඔයා ආවොත් ඔයාට මම අසම රිමොත් කාල් එක දෙනවා."

ඉතිං කෙල්ල එහි යෑමට තීරණය කරගෙනම රෝස බෝලේගේ අතින් අල්ලගෙන හිඳ සිටි තැනින් නැගිට්ටා ය.

"යේහ්... අම්මි ලත්තන ඇන්ති එනවා.. අම්මි... අම්මි... කාල් එක කෝද?."

⁣රෝස බෝලේ කෙල්ලගේ අතේ එල්ලිලා උඩ පනින ගමන් අහනවා.

"අම්මිට ඒක තවම හදා ගන්න බැරි උනා බබා."

"අයියෝ අම්මි.. ඒකවත් ඔයාත බැලිද ⁣අනේ?. ලත්තන ඇන්තිව කොහොමද දැන් අපි ගෙදල අලං යන්නේ."

"අපි කාර් එකකට එන්න කියමු."

"ඕන නැහැ. මගේ වෙහිකල් එක තියෙනවා. ඒකේ යමු. කෙල්ල ඇයට සිනා මුසුව පැවසුවෙමි."

වෙලාව කොතරම් ගෙවුනාද කියා කෙල්ලට ගාණක් වත් නැත. බිල්ඩින් බොක්ස් ගොඩකට යටවුනු කෙල්ල සහ රෝස බෝලේ බොහෝ වෙලාවක් සෙල්ලම් කරමින් සිටියහ. ඇය සිටියේ බොහේ සතුටිනි. කලාන්තරයකට පසුව කෙල්ල හදවතින්ම සිනහ වන්නී ය.

"අක්කි..."

රෝස බෝලේගේ අම්මි ඇවිත් කෙල්ලට කතා කළා.

"නංගි.."

කෙල්ල පොඩ්ඩත් එක්ක ක්ලේ වලින් එක එක රූප හදමින සිටියේ. ඉතිං කෙල්ල රෝස බෝලෙගේ අම්මිට කතා කළා.

"කෑම කමුද?. මම ඉක්මනට උයලා ගත්තා."

ඇය සිනහ වෙමින්ම පැවසුවා ය.

අවසානයේ කෙල්ල නිවසට ගියේ රාත්රිය උදා වෙද්දිම වගේ ය.

"ඇන්ති ඉත්කූල් නැති දවසක මම එන්නම්කෝ ඔයාගේ ගෙදර. එද්දි මේ බිල්දින් බොත්ක් ඔක්කොම තික මම අලගෙන එන්නම්. ඔයත් එක්ක තෙල්ලම් කලන්න."

රෝස බෝලේ කෙල්ලගේ කකුලක් බදා⁣ගෙන කියනවා. කෙල්ල ඒ රෝස කොපුලක් සිපගෙන මෝටර් රථයට ගොඩ වුනේ බබාගේ අම්මිගෙන් සමුගෙනමය.

♥️♟️♟️♟️♟️♟️♟️♟️♟️♥️

කෙල්ල හිතෙන් රෝස බෝලේ සමඟ ගෙ⁣වනු ඒ පැය කිහිපය ගැන හිතමින් රථය හැසිරුවා ය. ඒත් එක වරම අතුරු මාර්ගයකින් ඩිෆෙන්ඩර් රථයක් මාර්ගයට අවතීර්ණ කළ නිසා කෙල්ලගේ මෝටර් රථය කෙල්ලට පාලනය කර ගැනීමට බැරි වී අසල තිබු තාප්පයෙහි ගැටුණි. ඒ රථයද මාර්ගයෙහි මැදම නතර කර එක රුවක් රථයෙන් බැස්සේ ය. කෙල්ල ඒ වන විටත් හිටියේ කෙල්ලගේ රථය වැදුනු තාප්පය ලඟ හිදගෙන රථයට කුමක් සිදු වී ඇති දැයි බලමින්ම ය.

"ඒයි මොකද අයිසේ වෙලා තියෙන්නේ. සිහියෙන් වාහනේ අරගෙන යනවා."

ඒ හඩ වේගවත් ය. ඒත් ඒ හඩ අසා පුරුදු ය. ඉතිං කෙල්ල මුව ඔසවා ⁣ඒ දෙස බැලුවේ ඒ ඔහුමද කියා සැක හැර දැන ගැනීමට ය. ඒ ඔහු ය. ඉතිං කෙල්ලගේ මුව ඒ තත්පරයෙම බිමට නැඹුරු විය.

සැහ්.. මේ යකා. දන්න කියන එකෙක් නම් ⁣කොහිල කටු මාලුවක් හදලා දෙන්න තිබුනා ශිලා ඇන්ටිට කියලා.

කෙල්ලගේ හිත කෙල්ල සමඟ දොඩමළු වෙද්දී කෙල්ල නැගිට ගත්තේ තවත් මෙතන හිදීමෙන් පලක් නොමැති නිසාම ය. වාහන⁣යෙහි පැත්තක් යන්තම් සීරී ගොස් තිබුණි. ⁣වැඩි ඩැමේජ් නැති නිසා කෙල්ල වාහනය රැගෙන නිවසට යෑමට හිතුවා ය.

"ආහ්... මේ තමුසෙනේ... තමුසේ මාව ෆලෝ කරනවද ඕයි.?."

කොල්ලා එලෙස අසද්දි නම් කෙල්ලට තරමක් කේන්ති ගියා ය. කෙල්ල කොල්ලව දුටුවේත් අදම ය. ඉතිං කොල්ලා ගැන කෙල්ල මොනවා හොයන්නද?.

"ඒහ්... මිස්ටර්.. මට පිස්සුවක් නැහැ තමුන් වගේ කුකුළෙක්ව ෆලෝ කරන්න."

කෙල්ල කේනිතියෙන් වගේ පැවසුවා ය.

"මොකක්... කුකුලා.. ඒ කතාවට නම් තමුසෙට විදවන්න වෙයි."

"ඒක තමයි මටත් බය."

කෙල්ලත් නතරවන පාටක් නැත.

"අයිසේ කට ගහගෙන එන්න එපා මේ #ශීර් එක්ක. තේරුනාද?."

"ඇයි තමුසේ මට මොනවා කරන්නද?."

"දන්න එකෙක්ගේ අහ ගන්නවා ශීර් කියන්නේ කවුද කියලා. ඒ කරලා එනවා කට ගහගෙන."

"තමුසේ කවුරු උනත් මට මොකද හලෝ. අයින් වෙනවා මගේ පාරෙන්."

අද උදෑසන ඔහු කෙල්ලට පැවසු ⁣දෙය දැන්⁣⁣ කෙල්ල දැන් ඔහුට පවසමින් හිදියි.

"තමුසෙගේ කට නම් හොදටම වැඩියි. බලා ගන්නවා තමුසෙට මම කරන් දේ."

"මම මේ... බයවෙලා මේ බිත්තර කට්ටක් හොයනවා."

කෙල්ල කියද්දි කොල්ලා කට ඇරගෙන කෙල්ල දෙස බලා⁣ගෙන ඉන්නවා.

"ඒ මොකටද?."

"තමුසෙට බයේ හැංගෙන්න."

"⁣තොගේ කට වැඩියි ගෑනියේ."

"ගෑනි ගෑනි ගාන්නේ මොකටද මනුස්සයෝ. මගේ නම ශායල්."

"හරි හරි මොකී උනත් කමක් නැහැ. කතා කරන්න ඉගෙන ගන්නවා."

කොල්ලා කෑ ගැසුවේ ය. ඒත් ඒ දෙදෙනාගේ රණ්ඩුව තවත් දුරකට යෑමට ගෙන යා නොහැකි වුනේ මෙතෙක් වෙලා කළු කර තිබු අහස එක වරම හයියෙන් හඬන්නට පටන් ගත් නිසාම ය. කෙල්ලගේ ඔෆිස් අැදුම් තෙත බරිත කරන්න තත්පර කිහිපයකදි ඒ වැස්සට හැකි විය.

"ඕහ්.. ශිට් මේ වැස්ස."

කොල්ලා අත්දෙකෙන්ම තමන්ගේ හිස කෙස් අදිමින්ම පැවසුවේ ය.

කෙල්ල ඉක්මනට මෝටර් රථයට ගොඩ වුනද ⁣ඒ වන විට කෙල්ල වැස්සට හොදටම තෙමි සිටියා ය. වැහි කළුවරත් එක්ක රාත්රි කළුවරත් එකතු වී මුළු කොළඹ පුරවරයම දැඩි අදුරකින් වැසි යද්දි කෙල්ල මෝටර් රථය ස්ටාර්ට් කිරීමට උත්සහ කළේ ශීර්ටත් හිතෙන් බැන බැනම ය. ඔහුගේ නොසැලකිලිමත් බව නිසා මෙය සිදු වූ බව කෙල්ල හොදින්ම දනියි. ඒත් ශීර් එය පිළිගැනීමට තබා කතා කිරීමටද ඉඩක් නොදෙන බව ඇය දනියි.

තද වැස්සෙම කෙල්ලගේ ශටර් එකකට ⁣ශීර් ගසන්නට වූ නිසා කෙල්ල ආයෙමත් රථයෙන් බැස්සේ කේනිතියෙනි.

"තමුසෙගේ කාර් එකේ ලයිට් වැඩ කරන්නේ නැහැ. දැන් මේ තරම් වෙලාවක් ඒවා හොදට වැඩ කලා. තමුසේ මොනවා හරි කළාද ඔය මඟුල අස්සට නැගලා. තමුසේ කොහෙ හරි ගිහින් අැන ගන්න කලින් ඔන්න මම කීවා. මම ගියා එහෙම නම්."

සමච්චලයට වගේ කියපු කොල්ලා මාර්ගයේ මැද්දටම වන්නට නතර කර තිබුණ ජීප් එක ලඟට ගියේ කෙල්ල දෙස බලන්නෙවත් නැතිව ය.

කෙල්ල මහ වැස්සේ තෙමි තෙමීම පාර අයිනෙහි තිබුන කෙල්ලගේ කාර් එකට හේත්තු වෙලා කෙල්ලට පිටුපා යන ඒ නපුරු අඩම්බරකාරයාගේ රුව දෙස බලාගෙන හිටියේ දුකක් මිශ්ර කේනිතියක් හිත පුරාවටම කීරි ගසමින් තිබියදී ය.

විරාමයකට අවසර ♥️♥️♥️

ශායල් කොහොමත් නපුරුයි... ශීර් ඊ⁣ටත් වඩා නපුරුයි හරිද බබලා.



>> මේ කතාව ලියන්නේ - සේයා දිසානායක ❤️

"එ්යි බං... #ශායල් ඉක්මනට වරෙ⁣න්කෝ."

"අැයි බං සුද්දි.. මොකක්ද ⁣උඹට එක පාරම දැනුන තදියම."

කෙල්ල ඇසුවේ අැයගේ හොදම යෙහෙළිය වූ #සාශුගෙන්. සාශු කියලා කතා කළාට කෙල්ල⁣ගේ හොදම යාළුවගේ නම #සසුණි___තිවංගි__අධිකාරි.

"ඒහ් බං මැණිකෝ ඔය දොරට තඩිබාන එක නතර කරලා හිටු. උඹ කියන මෙලෝ මළදානයක් මට ඇහෙන්නේ නැහැ. හරියට කොත්තු කඩේකට ගියා වගේ."

කෙල්ල කෑ ගහල වගේ කී⁣වා.

"මේ ඔෆිසර් තේමිය උඹව අහනවා. මේ දැනුත් කෝල් කළා."

"ඒ මොනවටද?."

"මම දන්නවද බං.. උඹ දැන් පැයක් තිස්සේ බාත් රූම් එකට වෙලා පොල් ගානවද?. ඉක්මනට වරෙන් එළියට. මගේ උගුරත් එක්ක රිදෙනවා උඹට කෑ ගහලම."

"විනාඩි පහක් දියන් මට.."

කෙල්ල එහෙම කියලා ඉක්මනට ශවර් එක යටට උනා. අතීත මතක කෙල්ලගේ හිත පාරද්දි අැස් දෙක පියාගෙනම කෙල්ල හිතින් අම්මටයි අප්පටයි කතා කතා කළා."

#ඩියේරා__ශායල්__සෙල්වනායගම. ඒක තමයි කෙල්ලගේ නම. මීට වසර කිහිපයකදි සිදුවුන රිය අනතුරකින් ඇයගේ අම්මා සහ අප්පා මිය යනවා. ඇය එතැන් පටන් නිවසෙහි මෙහෙකාරිය සමඟ තනි වෙනවා. ඉතිං ඒ දුක හිතෙන මතකය කෙල්ලගේ මනස පුරාවට ආයේ ආයෙමත් සිතුවම් වෙද්දී ශවර් එක යටට වෙලා කෙල්ල උත්සහ කරන්නේ අඩන්නේ නැතිව ඉන්න. ඒත් කෙල්ලගේ ඇස් ඒ වෙද්දිත් කදුළු වලින් තෙත් වෙලා ඉවරයි.

විනාඩි පහක් කීවට මොකද කෙල්ල බාත්රූම් එකෙන් එළියට එද්දි ⁣විනාඩි පහළොවක් විතර ගෙවිලා ගිහින් තිබුනා.

"ආහ් බිසවුන් වහන්සේ සැපත් උනාද?."

සාශුගේ වැඩේ කෙල්ලව විහිළු ගන්න එක. ඒත් රතුවෙලා ඉදිමිලා තිබුන කෙල්ලගේ ඇස් දැක්කම සාසුට දැනුනේ කේන්තියක්.

"ශායල් මම උඹට හැමදාම කියනවා.. ඒත් මට අදත් ඒ දේවල් කියන්න උඹ සිද්ධ කරා."

"මම දන්නවා උඹගේ අතීතේ අපි හිතන තරම් ලස්සන නැහැ කියලා. ඒත් ප්ලීස් පුළුවන් හැම තත්පරෙන්ම ඒකෙන් මිදෙන්න බලපං. අම්මයි අප්පයි ගෙනාව අායුශ අරගෙන එයාලා යන්න ගියා. ඒත් උඹ තවම ජීවත් වෙනවා. බලපං බැහැලා එළියට. හැම සිකුරාදාටම කෝවිලට යන එක ගැන නෙවෙයි මම කියන්නේ. උඹටත් ජීවිතයක් තියෙනවා ඒක විඳපන් මේ විඳිහට මුළු ගැන්විලා ඉන්නේ නැතිව."

"නිධානයක් පහල වෙලා නෙවෙයිනේ උඹට. උඹගේ පුංචි බිස්නස් බලා ගන්න එක ඇත්ත. පොඩ්ඩක් ඒවා ගැනත් හොයලා බලපං. ඕනර් විදිහට අන්තිම සයින් එක ගහන එකම නෙවෙයි උඹට තියෙන වගකීම. ඒ හැමදේකම තියෙන්නේ උඹගේ අම්මිගෙයි අප්පගෙයි මහන්සිය."

"උඹ ලෑස්ති වෙලා වරෙන්. මම යනවා."

සාශු කේන්තියෙන් කියලා යන්න ගියා. කෙල්ල දැනට පදිංචි වෙලා ඉන්නේ කොළඹ. කෙල්ල කොළඹ ඉන්නේ කෙල්ලගේ ජොබ් එකට පහසු නිසා. නැතිනම් කෙල්ලගේ ගම නුවර එළිය. ඒත් කෙල්ලට ගොඩක් වෙලාවට රට පුරාම යන්න සිදුවෙනවා කෙල්ලගේ ජොබ් එකේ වැඩ වලට. කෙල්ල සේවය කළේ ආරක්ෂක අමාත්යාංශයේ වුනත් ඇය හිටියේ අති දක්ශ නියෝජිතයන් දස දෙනෙක්ගෙන් පමණ හැදුන විශේෂ රහස් නියෝජිත කණ්ඩායමක. මෙතෙක් නොවිසදුණු හෝ අත හැර දමන පරණ අපරාද පිළිබඳව පවා මේ කණ්ඩායම හොයලා බැලුවා.

ඉතිං කෙල්ල ඉක්මනට ⁣ලා කහ පැහැති අත් දිග ඔෆිස් බ්ලව්ස් එකට තද දුඹුරු පැහැති ටයිට් ස්කර්ට් එකක් ඇදගෙන, කවර් හීල්ස් දෙකකුත් දමාගෙන කලින් දින සූදානම් කරගෙන තිබුන ඔෆිස් බෑග් එකත් අතට අරගෙන, පෝන් එක සහ කාර් කී එකත් අරගෙන පහළට ආවේ ශාසු පහළ ඇති කියලා හිතාගෙන. ඒත් ඇය පහළ හිටියේ නැති නිසා ඇය නිවසෙහි සේවය කරන ශිලාට කතා කළා.

"ඇන්ටි ශිලා.. කොහෙද සාසු?.."

"දෝණි බබා.. සාසු නෝනා ගියා."

සාසු හිටියේ තරමක් කේන්තියෙන්. ඒ නිසා ඇය යන්නට ඇත. කෙල්ලට එහෙම හිතුනා. ඉතිං කෙල්ල හිස් හිතෙන්ම කාර් එකට නැගලා එය ස්ටාර්ට් කරගෙන ඕපන් කර තිබුණ ගේට් එකෙන් මාර්ගයට දැම්මේ උදේ අහාරය නොගෙනම ය.

♥️♟️♟️♟️♟️♟️♟️♟️♥️

"මිස් ශායල්.. මිස්ටර් තේමිය ඔයාව අහනවා."

ආයතනයෙහි ලිපිකාරිනියක් වූ දනුකි ඇවිත් කෙල්ලට පැවසුවා.

කෙල්ල එයාගේ කැබින් එනට පැමිණියා පමණයි. මොහොතක් දෙකක් එයාගේ ශීට් එකට වෙලා හිටිය කෙල්ල සූදානම් වෙලා හිටියේ සාසුව මුණ ගැහෙන්න යන්න. ඒත් එය පසුවට කල් දැම්ම කෙල්ල ගියා තේමියව හොයාගෙන එයාගේ කැබින් එකට.

"ගුඩ් මෝර්නින්ග් මිස්ටර් තේමිය. මම ඇතුළට එන්නද?."

"එන්න ශායල්.. මම ඔයා එනකල් තමයි මේ බලාගෙන හිටියේ."

ඔහුගේ කාර්යාලය ඇතුළට පැමිණි කෙල්ල ඔහු ඉදිරියෙහි වූ පුටුවෙහි හිඳ ගත්තා. කිසිම කතාවක් නැතිව ඔහු කෙල්ල වෙත දිගු කළේ ෆයිල් කිහිපයක්.

"සොරි ශායල්.. ඒක ඇක්සිඩන්ට් එකක් විතරයි."

කෙල්ල ඇසිපිය නෙහෙලා ඒ ෆයිල් කවර වල ඇති ලිපි දෙස හිස් හැඟීමෙන් බලාගෙන හිටියේ. තේමිය ටික වෙලාවකට පසුව එහෙම කියද්දි කෙල්ල ඉක්මනට ඇස් උස්සලා ඔහු දෙස බැලුවා.

"මම හිතුවෙත් මර්ඩර් එකක් කියලා. ඒකයි මම පෞද්ගලිකවම ඒ ගැන හොයන්න ගත්තේ. ඒත් මට කිසිම තැනක සැකයක් ඇතිවෙන විදිහට දෙයක් මුණ ගැහුනේ නැහැ. වාහනේ ස්පීඩ් එක කන්ට්රෝල් කර ගන්න බැරිව තමයි ඒක වෙලා තියෙන්නේ. අනික සීසිටීවී චෙක් කළාම උනත් ඒක තේරුම් ගන්න පුළුවන්."

ඒ ෆයිල් එකෙහි වූ ලිපි ගොනු පුරාවටම වූයේ මීට වසර කිහිපයකට පෙර සිදුවුනු කෙල්ලගේ අප්පගේ සහ අම්මගේ මරණය ගැන කරන ලඳ විමර්ශනයන් වල සටහන්.

සාසු අද උදෑසනම කේන්තියෙන් කෙල්ලට පැවසු දේවල් කෙල්ලට මතක් උනා.කෙල්ල ඒ මෙහොතේ ඉඳලම පුදුම උත්සහයක් ගත්තේ පරණ හිත පාරවන මතක වලින් මිදෙන්න. එය හිතන තරම පහසු දෙයක් නොවෙයි.

කෙල්ලට අවුරුදු දා හතරෙදි කෙල්ලගේ අම්මා, අප්පා කෙල්ලව අත හැරලා යන්නම ගියාම කෙල්ලගේ තනියට හිටියේ කෙල්ල⁣ගේ පුංචි අම්මයි ගෙදර වැඩට හිටිය ශිලා ඇන්ටියි විතරයි. කෙල්ලෙක්ට අම්මා කෙනෙක් උවමනා කාලයේදි කෙල්ලට සිදු වුනා අම්ම නැතිව ජීවිතේ පටන් ගන්න. තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඉතිං කෙල්ලට කල්පනා උනේ තමන්ගේ ජීවිතේ අඳුරටම සින්න උන ඒ දවස ගැන.

ජීවිතය අපිට හැම⁣ මොහොතෙම දෙන්නේ අපි කැමති දේවල් නොවේ. ඉතිං ජීවිතය අපිට දෙන සියල්ලම අපි බාර ගෙන කාලයත් එක්ක අපි ඉදිරියට යා යුතු ය. කෙල්ල ඒ ගැන හොදින් තේරුම් අරගෙන හිටියත් කෙල්ලට බැරි උනා ඒ අදුරෙන් එළියට එන්න.

මසකට වරක් තමන්ට අවශ්ය සියළුම දේවල් ගැනීමට කල එළි බහින කෙල්ලගේ ජීවිතය උනේ උදේට ඔෆිස් යෑම සහ හවසට නිවසට පැමිණීම පමණි. ඒ වගේම කිසිම කෙනෙක් සමඟ එක වචනයකින් එහා⁣ට කතා නොකරන කෙල්ලගේ එකම යෙහෙළිය වුයේ සාශු පමණි. ඇය සාශු හා ඇන්ටි ශිලා සමඟ නම් ගිරවියක සේ කියවන්නේ ඒ දෙදෙනා කෙල්ලට නිශ්ශබ්දව සිටිමට කිසිදු අවස්ථාවක් නොදෙන නිසාම ය.

ඉදහිට රාජකාරිමය ලෙස කටයුතු කිරිමේදි කෙල්ල කතා කළද ඒ්ත් ඒවා තිර ලෙසම වචන දහයකට දොලහකට සීමා වී තිබුණි. ඉතිං ඇත්ත නම් කෙල්ල බොහෝ අවස්ථා වල ජීවත් වුනේ ඒ අදුරු දවසේ ය. ⁣දින ගෙවෙනවාට ඉර පායනවාට කෙල්ල ජීවත් විය. අැය⁣ට අැයගේ දෙමාපියන් අහිමි වීම ඇයගේ ජීවිතය බොහෝ ලෙස මන්දගාමී කර තිබුණි. එය හරියට දෙවියන් කෙල්ලට දුන් විශාල දඬුවමක් මෙන් විය.

"මිස්ටර් තේමිය. මට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕන. මම එළියට ගියාට කමක් නැතිද?."

හිතින් සෑහෙන දුරක හිටිය කෙල්ල තේමියගෙන් ඇසුවේ ලස්සන දිග ඇස් වලින් ඔහු දෙසම බලාගෙන. ඇත්තටම කෙල්ලට උවමනා උනේ තරමක් හෝ මේ හිතට එන ඒ දුක හිතෙන මතක වලින් මිදෙන්න.

ඇය මෙතරම් දුරක් පැමිණියේ ඒ මරණ පිටුපස කුමක් හෝ අදිසි හස්තයක් ඇති යැයි සිතුනු නිසාය. ඇය මේ ක්ශේත්රය තෝරා ගත්තේද ඒ නිසාම ය. ඉතිං ඇයට මීට මොහොතකට පෙරත් මේ රාජකාරිය කිරීමට ඉලක්කයත් තිබුණි. ඒත් මේ මෙහොත වන විට ඒ සියල්ලම කෙල්ලගේ හිතෙන් ගිලිහි ගොස් තිබුණි. අම්මා සහ අප්පාගේ මරණය අනතුරකින් සිදුවූවක් බව දැනගෙන දැන් කෙල්ලගේ හිත හදා ගත යුතුම ද?. කෙල්ලට කවදාවත් එය හිතීමටවත් බැරි ය.

"ශුවර්.. යූ කැන් ශායල්."

තේමියගේ හඩින් පියවි සිහියට පැමිණි කෙල්ල ඔහුට මද සිනහවකින් සංග්රහ කර කාර්යාලයෙන් එළියට බැස්සා ය. ඇයගේ අධි සුපෝකභෝගි මොටර් රථයට ගොඩ වුන තත්පරයෙදිම ඇයට සාසු සිහි වූ නිසා කෙල්ල සාසුට කෙටි පණිවිඩයක් තබා රථය මාර්ගයට යොමු කළේ ය.

වැඩි රථ වාහන තද බදයක් නැති කොළඹ ගාලුමුවදොර මාර්ගයෙහි කෙල්ල හරි හිතේ බරින් රථය හැසුරුවා ය. ඒත් මර්ගයෙහි අනෙක් පසින් පෙනෙන ගාලු ⁣මුවෝදර වෙරළ තීරය දුටුව කෙල්ලට හිතුනා තත්පරයකට හරි එතන නවතින්න.

විශ්වාස කරන්න දහස් වතාවක් ඇය එතනින් එහෙ මෙහේ ගොස් ඇත. ඒත් ඇයගේ ජීවිතයේ එකදු එක තැනකවත් ඇය මෙතන නතර වී හිද නොමැත. කෙල්ලගේ හිතට ඒ මොහො⁣තේ ආව ක්ශනික ආශවත් සමඟ ඇය අසල වූ රථ ගාලෙහි රථය නතර කළා ය.

ස්කර්ට් එකට යට කර හැද සිටි ඔෆිස් බ්ලව්ස් එක ස්කර්ට් එකට උඩින් දමාගෙන, උඩට කර බන් එකක් ලෙස සකසා තිබුන තරමක් දිගු ස්ට්රේට් කොණ්ඩය ඇය මුදා හැරියා ය. ඉන්පසු රථයෙහි වූ එක්ට්රා ප්ලැට් සැන්ඩ්ල්ස් දෙක දමාගෙන පෝන් එක සහ වොලට් එක පමණක් අරගෙන කෙල්ල රථයෙන් බැස්සා ය.

මුහුදු රළ නැගෙන බහින අයුරු බලමින් කෙල්ල ඉදිරියට හෙමින් හෙමින් අඩිය තබමින් ඉදිරියට ගියේ හිතට දැනුන අපමණ සැනසීමත් එක්කම ය. මේ තරම් ලස්සන මුහුද විටෙක රුදුරු වන බව ඇය දනි. ජීවිතයත් හරියට මහ මුහුද වගේ ය. කෙල්ලට එහෙම හිතුනත් දුක හිතෙන ඒ අතීත මතකය අමතක කළ යුතු බව තේරුම් ගෙන සිටි නිසා තවත් ඒ ගැන සිතන්නට උත්සහ කළේ නැත. කෙල්ල අැසි පිය නොහෙලාම මුහුද දෙස බලාගෙනම ඉදිරියට පියවර තිබ්බේ කවදාවත් හිතට දැනිලා නැති ඒ සැහැල්ලුව මුළු හදවතින්ම විඳින ගමන්ම ය. කෙල්ලගේ ඇස් යොමුවෙලා තිබුනේ නැගෙන හා බැස යන රළ පෙළ දෙසට පමණි. ඉතිං අවට පරිසරයෙහි සිදුවන කිසිම දෙයක් ගැන ඇයට නිනව්වක් නොවුණි.

එකවරම කෙල්ලට දැනුනේ ඇය ගොස් ලොකු ගල් පර්වතයකක හැපුනා වැනි හැඟීමකි. මුහුද දෙස බලාගෙන සිටි කෙල්ලගේ ඇස් බැල්ම එයින් මුදවාගෙන තමා ඉදිරියේ උන් පිරිමි රුව ලඟ රැදුණි.

දකුණු අතින් කොණ්ඩය පිටි පසට කරමින් කෙල්ල දෙස හරි නපුරු විදිහට බලාගෙන ඉන්න පිරිමි රුව දෙස කෙල්ල මොහොතක් දෙකක් බලාගෙන හිඳින්නට ඇත. ඒ රුව දුටුව ප්රථම තත්පරයෙදිම කෙල්ලගේ හිත සසැලුනේ නැහැ කීවොත් එය මුසාවකි. හරි දැඩි හිතක් තිබුන කෙල්ලගේ හිත සසල කරන්නට ඒ කඩවසම් පිරිමි රුව සමත් වී තිබුන බව කිව යුතුය.

වර්ණ ගන්වන ලඳ ස්ට්රේට් කොණ්ඩය අතින් පසුපසට අදිමින් සිටිය කොල්ලගේ මුවට කෙල්ල දුටුව තත්පරයෙදීම දැනුනේ දරා ගන්න බැරි කේන්තියක්. ඒ කේනිතිය වැඩි කමට නපුරු ඇස් රත් පැහැයට හැරුනේ කෙල්ල බලාගෙන හිඳිද්දිම ය. ඒත් කෙල්ල තවමත් අසිපිය නොහෙලා කොල්ලා දෙස බලාගෙන ම සිටිය ය.

ඉතිං කෙල්ලගේ හිතට නුහුරු වුත් නුපුරුදු වූත් හැඟීම් රාශියක් හිතට දැනෙද්දි ඒ හැඟීම් ගැන හිතමින්ම ඔහු දෙසම කොතරම් වෙලාවක් බලාගෙන සිටියාද කියා කෙල්ලවත් නොදන්න තරම්. ඒත් ඒ රුව දුටුව තත්පරේම ඇති වූ නුහුරු වූත් නුපුරුදු වූත් හැඟීම ඒ තත්පරේම විනාශ වෙලා ගියේ කොල්ලගේ රළු වදන් වලට.

"ඇස් පේන්නේ නැතිද අයිසේ.. ඇවිත් ඇඟේ හැප්පෙන්නේ... පාර බලාගෙන ඇවිදිනවා."

කෙල්ල අැස් ලොකු කරගෙන⁣ කොල්ලා දෙස බලාගෙන හිටියා මිස කිසිවක් පැවසුවේ නැත.

"මොකද කරන්නේ ඕයි මගේ මූණ දිහා බලාගෙන. දැන්වත් අයින් වෙනවා මෙතනින්."

කෙල්ල පියවි සිහිය ලද පළමු තත්පරේම එතනින් ඉවත් උනා.

"ශිට්... මේ ගෑනු නම්.. කොහොන් හරි ඇතිල්ලෙන්නමනේ එන්නේ."

#ආශීර් එහෙම මුමුණමින් ඉක්මන් ගමනින් එතනින් නික්මුනේ කෙල්ල දෙස ඇස් කොණිකන් වත් බලන්නේ නැතිවමයි..

මතුවටත්....❤️❤️

මගේ අළුත් කතාව. තවම ලොකු අදහසක් නැහැ. ඒත් ඔයාලා වෙනුවෙන් ලස්සනට ලියන්න බලාපොරොත්තු වෙනවා..
#කී__කුරුළු
#ශිව්__නූහි
චරිත වලට වගේම
#ආශීර්___ශායල් ටත්
ඔයාලා ආදරේ කරයි කියලා මම විශ්වාස කරනවා..



>> මේ කතාව ලියන්නේ - සේයා දිසානායක ❤️

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget