හයවන දිගහැරුම
💕
මං එහෙම්ම ඒ මූණ දිහා බලා ඉදියේ ඔය ඇත්තමද කියලා අහන්නා වාගෙයි..ඇයි මෙහෙම සැරෙන් සැරේ වෙස් පෙරලෙන්නේ කියලයි..
ඒ පාර මුණ දිහා බලන් ඉන්නවා.. ඇත්තටම තමා කිව්වේ.. මං එන්නම් ඔයා යන්කෝ..
හරි මහත්තයා.. එහෙම කියලා මං බැල්කනියට වෙලා මහත්තයා එනකම් බලා ඉදියා.. මං බත් එකත් එතන තිබුණු මේසේ උඩින් තියලා බලා ඉදියේ පහලින් පේන ඒ විදුලි පහන් ආලෝකයේ ඇති අපූරුවත්වය දෙසයි.. ඒත් එක්කම මගේ ඇස් දෙක වහමින් මගේ ලඟට ආව ඒ රුව.. කරපු දෙයින් මාව කූල් වෙලා අහසේ පාවෙලා යනවා වගේ හැඟීමක් දැනුනේ...
කව්ද මේ.. අනේ අතඅරින්න.. සඳුන්යා හිතුවේ ඒ මිගාර මහත්තයා කියලා.. ඒකයි ඒ පහස හරි අපූරුවට ඇය විදගත්තේ.. ඒත් ඒ රළු අත්වලින් තවමත් ඇස්දෙක වහගෙන ඉන්න නිසාත් ආපු රටබීම වල ගදටත් ඇයට සිතුනේ ඒ නම් මිගාර මහත්තයා නෙවෙයි කියලයි... ඒක නිසාමයි ඒ රළු ග්රහණයෙන් මිදෙන්නට ඇය වෙහෙසුනේ..
අනේ කිව්වම අහලා අතඅරින්න..
හරි අතඇරියොත් මට මොනවද දෙන්නේ.. එහෙම කියමින්ම ඔහු හරි පරිස්සමට සඳුන්යාගේ නිරුවත් ගෙලෙහි හාදුවක් තැබුවේ ඇගේ හදවත වේගයෙන් ගැහෙන ගමන් කඳුලු කැටත් කොපුල් දිගේ වැටෙද්දීය...
ම්ම්ම් ඉතිං කියන්නකෝ.. එහෙම කියනවත් එක්කම එතෙන්ට ආවේ මිගාර..
මොනවද යකෝ කියන්න කියන්නේ.. අතඇරපන් ඔය කෙල්ලව.. එහෙම කියමින්ම එතෙන්ට ආව මිගාර ඔහුගේ කමිසයෙන් ඇදලා අරං ගහගෙන ගහගෙන ගියේ වියරුවෙන් වගේ.. දත් මිටි කමින් ඇස් දෙකත් රතුගෙන නොයෙකුත් දේ කියන ගමන් ඒ ගහන පාහරවල් වල සැර වැඩීකමට ඔහුගේ නාසයෙන් කටින් ලේ වැගිරෙන්න ගත්ත තැන සඳුන්යා මැද්දට පැනලා නොයෙකුත් දේ කියමින් රණ්ඩුව නැවැත්වීමට මහත් වෙහෙසක් දැරුවා..
රොවේන් තෝ දැනගනින් මට තෝව ලොකු නෑ.. හරිද.. මට උබව මෙතනම ඉවරයක් කරලා මේ බැලකනියෙන්ම බිමට දාලා තෝ මැරුණේ එහෙමයි කියලා ප්රසිද්ධ කරලා මට පාඩුවේ අත පිහදාගෙන ඉන්න පුළුවන්... අන්න ඒක හොඳට මතක තියාගනින්.. පාටියට ආවානම් එ් විදියට ඒක භුක්ති විදපං අනවශ්ය විදියට හැසිරිලා මෙතන ප්රශ්න ඇති කරන්නැතිව.. අනිත් එක මට දැං උබව පල්ලෙහාට ගෙනිහින් හැමෝම ඉස්සරහ ලැජ්ජකරලා තමුන්ගේ චරිතේ නැති කරලා දාන්න පුළුවන්.. මට ඒක කරන්නත් ආසයි.. ඒත් උබව අතරින්නේ හැමෝම ඉස්සරහ මේ කෙල්ලගේ නම්බුව නැති කරන්න තරම් හයියක් මට නැති නිසයි..අන්න ඒක මතක තියාගනින්.. දැං පල යන්න මෙතනින් මගෙන් මැරුම් නොකා..
රොවේන්ගේ මුහුණෙන් වැගිරෙන රුධිර පැල්ලම් මකා ගනිමින් නොන්ඩිගසමින් ඔහු පහත මාලය වෙත ඇදුනේ මහත් කෝපයෙනි.. ඒ මුහුණේ දැං ඇදී ඇත්තේ පලිගැනීමේ රේඛාවන්ය..
ඒ දෙස තරහෙන් පුපුරන බැල්මක් හෙලමින් මිගාර ගියේ සඳුන්යා ලඟට.. කෙල්ලට ඔහු නැති අතරේ කරදරයක්වත් වුනාද කියලා ඒ හිත වේදනාවෙන් කකියද්දී.. ඔහු හඬ අවදි කලා..
සඳුන්යා.. ඔයාට කරදරයක් එහෙම වුනේ නෑ නේද.. අනේ කියන්නකෝ.. එහෙම කියමින්ම ඔහු ඇය ලඟට ඇවිත් ඇයව තුරුලු කරන් අහද්දී.. තවමත් ඇයගේ නෙතින් ගලන කඳුලු වල නම් අඩුවක් වුනේ නෑ...
අනේ ඇයි සඳුන්යා.. කියන්නකෝ.. කරදරයක් වුනාද...
අනේ මහත්තයා.. මට කිසිදෙයක් වුනේ නෑ මහත්තයා.. මහත්තයා එන්න තව ටිකක් පරක්කු වුනානම් මට මොනාවෙයිද දන්නෑ...
ඒ මොනවා වුනත් මහත්තයා මට මහත්තයාට කරදරයක් වෙනවා බලන්න බෑ... මං නිසා හැමවෙලේම මහත්තයාට කරදර.. මං කොහේ හරි..
ෂ්.. මුකුත් කියන්න එපා තව.. එතනින් එහාට සඳුන්යාට කතා කරන්න දුන්නෑ.. මිගාරගේ දඹරඟිල්ල කෙලින්ම ඇවිත් නතරවුනේ ඇගෙ දෙතොල් ලඟ.... ඇය ඇයගැනටත් වඩා වද වුනේ මිගාර ගැන.. ඇය නිසා හැමවෙලේම එක පිට එක මිගාරට කරදර එද්දී.. ඇයට හිතුනෙම කොහේහරි යන්න.. ඒත් ඒ හිත ඇතුලේ මිගාරවෙනුවෙන් මෝදුවෙමින් තිබූ ආදරේ හමුවේ ඇයට ඒ වගේ දෙයක් කරන්න තරම් ශක්තියක් තිබුනේ නෑ..
හැමවෙලාවෙම ඔයවගේ කතා කියන්න එපා සඳුන්යා.. මං ඉන්නකං ඔයාට කිසිම කරදරයක් වෙන්න මං ඉඩ තියන්නැ හරිද.. එහෙම දෙයක් වුනානම් මං ඌවත් මරාගෙන මැරෙනවා.. අනික වූ සුද්දිගේ යාලුවෙක්.. මේ හැමදෙයකටම වගකියන්න ඕනි සුද්දි.. මං එයත් එක්ක ඒ ගැන පස්සේ බලාගන්නම්කෝ.. තවත් නම් මට බලන් ඉන්න බෑ සඳුන්යා.. මං බැල්කනියට එන්න කිව්වේත් ඔයත් එක්ක තනියම කතා කරන්න ඕනි නිසයි... මං එදා කොළඹ ආව දවසේ ඉදං අපේ ගෙදරට එන්න කලින් ගමේදී මොකද වුනේ කියලා අකුරක් නෑර කියන්න මට..
හරි මහත්තයා මං කියන්නම්.. මිගාර සඳුන්යාවත් එක්ක එතන තිබුනු බෙන්ච් එකෙන් ඉඳගත්තේ ඇගේ කතාව අහන්නයි.. ඇයත් සැදිපැහැදි කතාව කියන්න ලැස්ති වුනේ.. හැමදෙයක්ම කියන්න මේක තමයි හොදම අවස්ථාව කියලා දැනෙද්දීයි..
මහත්තයා එදා ගියයින් පස්සේ සඳකැලුම් අයියා අපේ ගෙදර ඇවිත් පිස්සු නැටුවා..
💜
සඳකැලුම් කියන්නේ සඳුන්යාගේ මස්සිනා..රශ්මිගේ එකම අයියා.. සඳුන්යාගේ තාත්තාගේ අක්කා වූ නිමාලිගේ එකම පුතා..ඔහුට තවම රැකියාවක් නොමැති අතර ඔහු සාමාන්ය පෙල දක්වා අධ්යාපනය ලබා ඇත..ඔහු අවුරුදු තුනකින් සඳුන්යාට වඩා වැඩිමහල්වන අතර කවදාහෝ දවසක සඳුන්යාව තමන්ගේම කරගැනීමේ අධිඨනින් පසුවෙයි..පෙනුමින් තරමක් උස සිහින් සිරුරක් ඇති අතර මහුණ පුරා අපිලිවෙලට වැවූ රැවුලක් ද ඇති අතර නපුරුකමත් දුෂ්ටකමිනිත් පිරුනු හිතක් ඔහුට ඇත..
💕
සඳුන්යා මේ.. මෙතන නාඩගම් නටන් තියාගන්න එපා එක එක මිනිස්සු ගෙනල්ලා.. උබ කවදාහරි කසාදබඳින්නේ මාව.. අන්න ඒක මතකතියාගෙන වැඩ කලොත් හොදයි..
සඳකැලුම් අයියා හැමදාම ජරාව බීලා ඇවිත් ගේ ඉස්සරහ කෑගහලා යන්න තියා ගත්තා.. මං ගොඩක් අසරණ වුනා මහත්තයා.. මට අත්තම්මා එක්ක මුකුත් කියන්නත් බෑ.. හැමදේම ඉවසගෙන ඉන්න සිද්ධ වුනා.. හැමදාම පාරෙදී වුනත් මාව අල්ලගෙන මට කරදර කරන්නමයි එයා හැදුවේ.. ඒත් ඒ හැමවෙලාවකම රශ්මි මාත් එක්ක හිටියා.. එයා නිසා මං බේරුනා..
💕
අනේ අයියේ මගේ අත අතරින්න.. මං ආවේ මල් කඩන් යන්න.. මෙතන විකාර කරන්න මට වෙලාවක් නැ..
ඔව් උබට අපිත් එක්කනේ වෙලාව නැත්තේ නේද.. පිට ගංකාරයොත් එක්කනේ උබට හැමවැඩක්ම තියෙන්නේ..
අනේ මේ අයියේ ඕන්නැති කතා කියන්න එපා.. අනික මට ඔයාට කිසිදෙයක් පැහැදිලි කරන්න ඕනිත් නෑ.. මට යන්න දෙන්න..
ඔව් ඔව් උබට දැං කොළඹ රැස් ගහලා තියෙන්නේ.. හිටපංකෝ මං ඒ රැස් බස්සන්නම්..
අනේ මේ අයියා.. ලැජ්ජනැද්ද හලෝ.. තමන්ගෙම නෑනට කරදර කරන්නේ.. ඔයාට සඳු කැමති නැත්නම් අයියේ වෙන අතක් බලාගන්න.. ඒ ලමයට පාඩුවේ ඉන්න දීලා..
අනේ මේ.. නංගි උබ මගෙන් මුකුත් අහගන්නැතුව උබ උබේ වැඩක් බලාගෙන ඉදපං හරිද.. මං පස්සේ බලාගන්නම් සඳුන්යා.. පුළුවන් නම් බේරියං..
💕
අත්තම්මා ගෙදර ඉන්න නිසා සඳකැලුම් අයියා අපේ ගෙදරනම් ආවේ නැහැ.. පාරේ ඉදං කෑ ගහලා යනවා...
පස්සේ දවසක් අත්තම්මා කිව්වා.. මං ඉන්නකං මේ ගෙදරින් ගෑනු ගන්න බලන් ඉන්නවා නම් ඒක කවදාවත් වෙන එකක් නෙවෙයි.. කියලා... අත්තම්මා හරි චණ්ඩියෙක් වගේ ඉස්සරහට ගිහින් අතපය දික්කර කර හරි අපූරුවට එදා කතා කලා.. මාත් පැත්තකට වෙලා බලා වුන්නේ එයාගේ චණ්ඩි කම් දිහා... මට පුදුමත් හිතුනා අත්තම්මා එහෙම කතාකරද්දී.. ඒත් මං පහුවදා මල් විකුණලා හවස ගෙදර එද්දී හැමදාම වැට අයිනෙන් බංකුවක් තියාගෙන මං එනකම් මඟ බලාගෙන ඉන්න අත්තම්මා එදා හිටියේ නැහැ මහත්තයා.. එතන තිබුනේ බංකුව විතරයි.. මගේ හිතට මොකක්දෝ අමුතුම බයක් දැනෙන්න ගත්තා.. මං ලහි ලහියෙ දිව්වේ අත්තම්මා ගේ ඇතුලෙද බලන්න.. ඒ යද්දී අත්තම්මා ඇඳ උඩ හිටියා නිදාගෙන.. ඇත්තටම මං හිතුවේ අත්තම්මා නිදි කියලා මහත්තයා.. ඒත් මං සැකෙට වගේ අත්තම්මාට කතා කලා තේ බොන්න කියලා..
💕
අත්තම්මා නැකිටින්නකෝ තේ බොන්න.. අත්තම්මා... අත්තම්මා.. අනේ අත්තම්මා කතා කරනකෝ.. අනේ අත්තම්මා.. අනේ ඔයත් මාව දාලා ගියාද දෙයියනේ.. මං මොකද කරන්නේ දැං...
මට මුකුත් හිතා ගන්න බැරුව හඬමින් ඉන්නකොට.. මට වෙන කියන්න කව්රුත් නැති තැන මට එකටම මතක්වුනේ මහත්තයාව... එතකොටයි මහත්තයා දීපූ නම්බරේ මං හොයන්න ගත්තේ.. ඒ නම්බරේ පරිස්සමට මං පොතක් ඇතුලට දාලා තිබ්බේ.. ඒත් කලබලේට මං කොච්චර හෙව්වත් මට ඒක හොයාගන්න බැරිවුනා මහත්තයා.. මට අඬනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තේරුන්නැ .. මං පුළුවන් තරම් අඬලා අඬලා දිව්වේ නිමාලි නැන්දලගේ ගෙදර..
මට හරියට පාරවත් මතක තිබුනේ නෑ.. එහේ යන්න.. මොකද පොඩි කාලේ ගියාට පස්සේ ඒ පැත්තකටවත් මං ගිහින් තිබුන්නෑ.. මොකද නැන්දා මට කැමති නෑ.. මගේ පවුලටම මමලු අවාසනාව ගෙනත් තියෙන්නේ.. මං ඉපදිලා දවස් තුනකින් තමයි අප්පච්චි අපිව දාලා ගිහින් තියෙන්නේ.. ඉතිං පොඩි කාලේ ඉදං නැන්දා මට බනින්නේ කරුමක්කාර කෙල්ල කියලා.. මට ඒ කාලේ ඒ වචනවල තේරුමක් නොතේරුනාට දැං හොඳට ඒවා තේරෙනවා මහත්තයා.. බලං ගියාම නැන්දා කියපු කතාව ඇත්ත.. මං කරුමක්කාර කෙල්ලෙක් තමයි...
අන්තිමට මලගෙදර වැඩ සේරම ඉවර වුනාම හැමෝම ගියා... මොනවා වුනත් රශ්මි මට හරි ආදරෙයි.. ඒ ගෙදරින් ලෙන්ගතු කමට මාත් එක්ක එකට හිටියේ රශ්මි විතරයි... එයා මට එහේ යං කියලා කතා කලා... ඒත් නැන්දා අකමැති බව දැන දැනම මට එහේ යන්න හිතක් තිබුනේ නෑ... අනික සඳකැලුම් අයියාත් ඒ ගෙදර ඉන්න කොට මට කොහොමත් ගෙදර ඉන්න එක සැපයි කියලා හිතුනා.. ඒත් මට එවෙලේ හිතුන්නෑ ඒකත් මගේ කරුමෙට හිටි කියලා...
තට්ට තනියම කරුවලේ එදා රෑ මං කුප්පි ලාම්පුවත් පත්තු කරගෙන ඇද උඩට වෙලා කල්පනා කර කර හිටියේ වෙච්ච දේවල් ගැන... ඉස්සරහට මොකද කරන්නේ කියලා.. ඒත් එක්කම දොරට ගහන සද්දේ ඇහෙද්දි.. මට උන්හිටි තැන් අමතක වුනා. කකුල් දෙකත් ගල් ගැහිලා වගේ එහෙම්ම තිබුනු තැන එහෙට කරන්නත් බැරුව මෙහෙට කරන්නත් බැරුව.. මං එහෙම්ම ඉද්දී.. ආයේම දොරට තට්ටු කරනවා හයියෙන්.. මගේ හදවතත් වෙගයෙන්ම ගැහෙන්න ගත්තේ දොරට ගහන සද්දෙට දෙවෙනි නොවෙන්නම... මේ වෙලාවේ එහෙම එන්න කව්රුත් නෑ කියලා දැනෙද්දී.. දෙයියනේ සඳකැලුම් අයියා වත්ද.. මට නිකමට හිතුනා.. එත් එක්කම මං කොකටත් කියලා කුස්සිය පැත්තේ දොර ලඟට ගියේ ඒ දොර අරින්න.. ඒත් එක්කම ඇහුනේ ඉස්සරහ දොර බිම වැටෙන සද්දේ... එත් එක්කම අනිත් පැත්ත හැරිලා බලද්දී හිටියේ සඳකැලුම් අයියා.. මට කිසිදෙයක් හිතා ගන්න බැරිවුනා.. මං කුපපි ලාම්පුවත් එ් පැත්තට දික් කරද්දී දැක්කේ ඒ රකුසු මූණ.. හරියට ගොඳුරක් ඩැහැගන්න මාන බලන වෘකයෙක්ගේ රේඛාවන් ඒ මුහුණෙන් දිස් වුනේ..
එයා ටික ටික මා ලඟට ලංවෙද්දී මං කලේ කුප්පි ලාම්පුවත් එක්කම එයාව තල්ලුකරලා දාලා කුස්සිය පැත්තෙන්ම දුවපු එක... මං දන්නෑ.. එවෙලේ මට කොහෙන් ආපු ශක්තියක්ද කියලා.. මං දිව්වා තමයි මහත්තයා... මං දන්නැ.. මට දැනුනේ කව්රුහරි මාව ඇදගෙන යනවා වගේ හැඟීමක්.. මං පිටිපස්ස හැරිලා බලන්නෙවත් නැතිව දිගටම දුවපු එක කලේ.. මං දන්නැ මං කොච්චර දිව්වද කියලාවත්.. සෙරෙප්පු දෙකක්වත් නැතිව එහෙම්ම දුවලා අන්තිමේදි මට හොදටම හති.. මං එතනම පල්ලෙහා තිබුනු පඳුරක් අස්සට වෙලා හිටියේ පුදුම බයකින්...
පස්සේ එතනින් ඇවිත් අපේ ගමේ එළවළු ලොරියක් නැවැත්තුවා.. මට එකපාරටම හිතුනා ඒකට නගින්න.. මං කළුවරේම කාටවත් පේන් නැතිවෙන්න වෙන දෙයක් වෙයිනේ කියලා හිතලා ගිහින් ඒ ලොරියට නැගලා ගෝනියක් පෙරෝගෙන හිටියා.. ඒ අතරේ දන්නෙම නැතුව එහෙම්ම නින්ද ගිහින්... මාළු මාකට් එකට ආවා වගේ සද්දේ ඇහෙද්දි මට ඇහැරුනේ.. මං ගොඩක් බයේ හිටියේ මහත්තයා.. කව්රුවත් මාව දකී කියලා.. මගේ වාසනාවකට වගේ එවෙලේ කිසිම කෙනෙක් මාව දැක්කේ නෑ.. මං එහෙම්ම කලබලයෙන් ලොරියෙන් බහිද්දී එකේ තිබුනු ඇණයකට අහුවෙලා මගේ ගවුමත් ඉරුණා.. මං පුදුම විදියට ගියආත්මේ පව් කරලා ඇති මහත්තයා.. එච්චරටම දේවල් වෙද්දි.. මට හිතුනෙම වහනයකටවත් පැනලා ජීවිතේ නැති කරගන්න.. ඒත් මං ඉවසුවේ මං නිසා තවත් මනුස්සයෙක්ට කරදරයක් කරලා මැරිලා තවත් පව් පුරෝ ගන්නේ මොකටද කියලා හිතලා.. මං පිස්සියක්වගේ යන්න තැනක් හිතාගන්න බැරුව එළවළු මාකට් එකේ ඇවිද ඇවිද ඉන්නකොට තමයි මට මැඟී අම්මව හම්බුනේ.. එතකොටයි මට තේරුනේ මං එච්චරටම පව් කරලා නැ කියලා...
සඳුන්යා කියන දේවල් සේරම මිගාර ගොඩක් ඉවසීමෙන් අහන් ඉදියේ ඇයගෙන් හැමදෙයක්ම දැනගන්න තිබුනු වුවමනාවටමයි.. ඒ හිතත් උනුවන හිතක් ගල් හිතක්නෙවෙයි.. ඒ හිතටත් දුක දැනෙනවා.. ඔහු ගොඩක්ම පසුතැවුනේ ඇයට මේ හැමදෙයක්ම වෙන්න ඔහුත් හේතුවක් වුනා නේද කියලා දැනෙද්දී.. ඒ හිත පිච්චෙන්න ගත්තේ යන්න කලින් ඇය වෙනුවෙන් කිසිම දෙයක් ඔහුට කරගන්න බැරිවුනානේද කියලා හිතෙද්දීයි.. ඔහු ඔහුටම ශාපකරමින් ඉකිබඳින සඳුන්යාව තුරුලු කරගත්තේ කියාගන්න බැරි තරම් ආදරයක් ඒ හිත ඇතුලේ හිරකර ගෙන තිබියදීම ඒ දෙනෙත් වලින් කඳුලු කැටත් නොකියාම කොපුල්දිගේ කඩන්වැටෙද්දීය..
ඔහු මොනතරම් සල්ලිකාරයෙක් වුනත් මොනතරම් ප්රසිද්ධ පුද්ගලයෙක් වුනත් ඔහුට තිබුනේත් සාමාන්ය මනුස්සයෙක්ට තියෙන හොඳ හිතක්.. ඔහු මුලින්ම ඇයව කතරගමදී දකිද්දී ඔහුටත් අමුතුම හැඟීමක් දැනුනේ ඇයගැන.. ඒත් ඒක ආදරයද කියන්න ඔහුට තේරුමක් නැති තැනතමයි සඳුන්යාගේ අත්තම්මාට කිව්වේ ඇය තමන්ට සහෝදරියක් වගේ කියලා.. ඒත් ඕස්ට්රියා ගියාට පස්සේ හැම වෙලේම ඇගේ රුව බලන බලන තැන සිත්තම් වෙන්න ගද්දී.. ඇගේ හඬ සැරෙන් සැරේට රැව්පිලිරැව් දෙන්න ගද්දී.. ඔහුට තේරුනේ ඔහුගේ හිත ඇය ගැන වෙහෙසෙන්නේ මෙතරම් සහෝදරකමටම නෙවෙයි නේද කියලා.. ඒ හැඟීම ආදරය කියලා දැනෙද්දී.. මහ මුහුදේ පීනලා හරි ඉක්මනින් ලංකාවට එන්න තරම් හිතක් ඔහුට පහලවෙද්දී.. බාර ගත්ත වැඩ මඟ දාලා යන සිරිතක් ඔහුට නොවූයෙන් ඔහු ඒ වැඩ ටිකත් බොහොම ඉක්මනින්ම ඉවර කරලා ලංකාවට ආව ගමන් දුවගෙන ආවේ ඇයව බලන්න.. ඒත් ගමට එද්දී ඇයවත් අත්තම්මාවත් නැති තැන තිබුනු පුංචි ගේ කෑල්ලත් ගරා වැටිලා තියෙන විදිය දැකලා ඔහුගේ ලය සීසී කඩ විසිවෙලා යන්නාවාගේ දැනේද්දී.. ඔහු පිස්සුවෙන් වගේ කතරගම පීර පීර ඇයව හෙව්වා.. ඔහු ගොඩක්ම අසරණ වුනේ ඔහු ගාව ඇගේ පිංතූරයක්වත් නැතිවෙද්දී.. පුලුවන් හැමතැනම සතියක් පුරාවට හොටෙල් කාමරයක නතරවෙලා තමන්ගේ එකම යාලුවා වූ රවීන්ගේත් උදව් අරගෙන ඇයව හොයද්දී.. අවසානයේ ඔහුටත් වැඩ අධික වූ බැවින් මිගාරට තනිවම ඇයව සොයන්නට වූනා.. ඒත් හොයලා හොයලා බැරිම තැන ඔහුට හති.. ඒ නිසාම කඩවුනු බලාපොරොත්තු සමඟින්ම ඔහු ගෙදර ගියේ ලොකු පීඩනයකින්.. ඒත් ඒ ගියගමන් ඇය තමන්ගේ ගෙදර ඉන්නවා කියලා දැනගත්තම ඒ ආදරේ කියාගන්න බැරුව තවමත් ඔහු ලතවෙනවා..
💕
සඳුන්යා අහන්න.. අපි ජිවිතේ අලුතින් පටං ගමු.. වෙච්චි හැමදෙයක්ම වුනේ හොඳටයි කියලා හිතලා හැමදෙයක්ම අමතක කරමු.. ම්ම්ම්.. හැමදෙයක්ම මං හරිගස්සන්නම්.. අපි එක්සෑම් කරලා.. උපාධියක් අරගෙන හොඳ ජොබ් එකක් කරමු හරිද.. එහෙම කියලා මිගාර ඇගේ නලලත මත හාදුවක් තැබුවේ ඇයගේ අනවසරයෙන් මහත් ලෙන්ගතු කමකින් ආදරයකින්.. ඇයත් එය විදගත්තේ දෙනෙත් පියාගෙන ඒ ආදරේ ඇයටත් හොඳින්ම දැනෙද්දීය..
මහත්තයා කෑම කෑවෙත් නෑනේ..
මට බඩගිනි නෑ සඳුන්යා..
මටත් බඩගිනි නෑ මහත්තයා.. මැඟී අම්මා තනියම වැඩ කරනවා ඇති.. මං යන්නද මහත්තයා..
අදට විතරයි ඔහොම වැඩ කරන්නේ හරිද සඳුන්යා..
ඇය හිනාවක් පාලා මිගාරට සමුදීලා ගියේ පැන්ට්රිය දෙසටයි.. ඒ යද්දී ඇවිත් හිටිය අමුත්තෝ ඔක්කොම ගිහින්.. මැඟී අම්මා තනියම වැඩ කරනවා..
හොදයි ලමා තැනි.. දැං ගිහින් නිදා ගන්න.. අනේ අම්මපා.. හොඳට ඇදගත්තම උබ හිතුවද උබ මේ ගෙදර ලමාතැනි කියලා ආ.. කෙල්ලේ..
අනේ එහෙම නෑ මැඟී අම්මා.. මං මේ..
අනේ මට උබගෙන් නිදහසට කාරණා ඕනි නෑ කෙල්ලේ.. ඉතුරුටික සේරම උබම කරපන් කෙල්ලේ.. මට හොඳටම මහන්සියි...
අනේ හරි මැඟී අම්මා.. මැඟී අම්මා ගිහින් නිදාගන්න.. එහෙම කියමින් ඇය හරි හරියට පිඟන් කොප්ප සෝදා වලං එහෙමත් හෝදලා වැඩ සේරම ඉවර වෙද්දී පාන්දර දෙකත් පහුවෙලා.. ඇයටත් තෙහෙටිටුව තදින්ම දැනෙද්දී ඇගේ කාමරේට ගිහින් නිදාගන්න සැරසෙද්දී.. ඇයට මතක් වුනේ මිගාර මහත්තයා සමඟ ගත කල ඒ සොදුරු මොහොත ගැනයි.. ඇයට ඒ දේවල් හරි ලොකුවට දැනුනා.. කාගෙන්වත් ආදයක්නැතිව අසරණව ඉන්න ඇයට ඔහු තුලින් ලැබෙන ලෙන්ගතු කම රැකවරණය නිසා ජීවිතය විදින්න යලිත් අවස්ථාවක් ලැබිලා කියලා දැනෙද්දී.. ඇයට ලොකු සතුටක් දැනුනේ ඒ හිතට ලංවෙන්නවත් ලැබුණු එකම කොයිතරම් වාසනාවක්ද කියලායි..
💕
පහුවදා උදෙන්ම සඳුන්යා ඇහැරෙද්දි ගොඩක් පරක්කු වෙලා.. තෙහෙට්ටුව වාඩිකමටම ඇයට හොඳටම නින්ද ගිහින්..
මැඟී අම්මා.. අනේ මට නින්ද ගියානේ..
හරි හරි ඒකට කාරි නෑ.. ඔය ලමයා තනියම සේරම සුද්ද කරලානේ ඊයේ නිදාගත්තේ.. මං උයලාත් ඉවරයි.. ඔයලමයා පැන්ට්රිය පොඩ්ඩක් සුද්ද කරලා ගේ සම්පුර්ණයෙන්ම අතුගාන්න.. මේ මං මාකට් එකට යන්න කියලා.. බඩු ඔක්කොම ඉවරයි..
හරි මැඟී අම්මා ගිහින් එන්නකෝ ඉක්මනට..
මේ ලමයෝ ගෙදර කව්රුවත්ම නෑ.. සේරම ගිහින් වැඩවලට හරිද.. ඔය ලමයා දොරවල් වහගෙන වැඩටික කරන්න..
හරි මැඟි අම්මා මං එහෙම කරන්නම්කෝ...
සඳුන්යා මුලින්ම පැන්ට්රිය අස්කරලා අතුගාලා ගියේ ආලින්දයට... ආලින්දයේ දුවිලි පිහදාලා හොදට අස්කරලා අතුගාලා එකින් එකට කාමර ටිකත් අස්කරලා අතුගාන්න කියලා හිතලා.. මුලින්ම ගියේ විහන්සගේ කාමරේට.. ඇය කාමරේ ඉන්න අතරේ ගෙදරට ආවේ විහන්සා.. හැබැයි ඇවිත් ඉදියේ තනියම නෙවෙයි අර රස්තියාදු කාර මිනිහත් එක්ක..
රොවේන් මං ගිහින් චේන්ජ් කරං එන්නම් ඔයා මෙහෙන් ඉන්න...
එහෙම කියලා විහන්සා තමන්ගේ කාමරයට යන්න සැරසෙද්දී දැක්කේ සඳුන්යා තමන්ගේ කාමරයේ අස්කරමින් ඉන්න තාලේ.. ඒක දැකපු විහන්සා බැලුවේ වෙන කව්ද ගෙදර ඉන්නේ කියලයි.. ඒ බලද්දී ගෙදර කව්රුත් නෑ කියලා දැනගත්ත විහන්සා.. කෙලින්ම ගිහින් රොවේන්ට කිව්වේ අන්න සඳුන්යා මගේ කාමරේ ඉන්නවා කියලයි.. හරි ලොකු හපං කමක් කලාවගේ හැඟීමකින් ඇය සතුටු වෙද්දී.. රොවේන් තමන්ට පලිගන්න මේක තමයි හොඳම අවස්ථාව කියලා හිතලා විහන්සාගේ කාමරෙට ගිහින් දොර වහගත්තා.. කලින් දවසේ අයියාගෙන් රොවෙන් ගුටි කාපු වගක්වත් නොදන්න විහන්සා දොර ලඟට වෙලා බලා ඉදියේ කවුරුහරි එයිද කියලා...
💕
ඊළඟ කොටසින් හමුවෙමු..
>> මේ කතාව ලියන්නේ - වත්සලා ජයවර්ධන අක්කා ❤️
Post a Comment