තුන්වන දිගහැරුම
💕
ලස්සනට තියේද.. පේන්නැනි මේකේන්.. කෝ මේ මැඟී අම්මා.. පේන්නවත් නෑනි.. කමන්නැ චූටි බේබීගේ කණ්ණාඩිය ගොඩක් ලොකුයිනේ හතර පැත්තෙන්ම තියෙනවානේ.. ඒකෙන් හොඳට බලාගන්න පුළුවනි.. එහෙම හිතමින් ඇය පැන්ට්රිය ලඟම ඇති ඇගේ කාමරයෙන් පිටතට ආවේ කවුරුන් හරි සිටීදෝ ඇස් කරකවමින් වටේම බලමින්ය.. ඇය ඉක්මන් අඩියෙන් තරප්පුපෙල දිගේ යන්නට සැරසුනේ චූටි බේබීගේ කාමරය දෙසටයි.. ඒත් එක්කම ඇය පිටුපස හැරී බැලුවේ.. පහලින් ඇසුනු කටහඬට අවනත වීමෙනි..
සඳුන්යා ඔහොම ඉන්න..
ඒත් එක්කම ඇය ඔහු දෙසට පැමිණියා..
මහත්තයා..
සඳුන්යා.. මේ.. ඇඳුම ඉරිලා වගේ පිටිපස්සේන්..
මොනවා.. අනේ මහත්තයා.. ඇත්තමද ඔය කියන්නේ.. මට පුදුම තරම් ලැජ්ජාවක් ඇති වුනේ.. කොහෙන් මොනවා පේනවද දන්නැ.. මං එහෙම්ම මහත්තයාට මූණලා හිටියේ අනිත් පැත්තවත් හැරෙන්න බැරි කමට ඇතිවුන ලැජ්ජාව ඊට එහා නිසා..
කෝ ඔහොම ඉන්න.. එහෙම කියලා මිගාර අතේ තිබුණු බෑග් ටික බිමින් තියලා ඇදන් හිටිය ජැකට් එක ගලවලා ඇයට ඇන්දුවේ.. පිට වැහෙන ලෙසටයි..
හරි නේද.. කව්ද මෙහේම දේවල් කරන්නේ..ඒක ඉරිච්චි එකක් නෙවෙයි සඳුන්යා... හිතලා ඉරපු එකක් වගේ මට නම් පේන්නේ... පිට මැද්දෙන්මයි ඉරිලා තියෙන්නේ....
අනේ දෙයියනේ.. එහෙම වෙන්නේ කොහොමද.. මං අඳින කොට එහෙම දෙයක් දැක්කේ නැනි මං... එතකොට චූටි බේබී ඕනි කමින්මද මෙහෙම දෙයක් කරලා තියෙන්නේ.. ඒත් ඇයි.. මං බේබීට කිසිම වැරැද්දක් කරලා නෑනේ.. ඇයි දෙවියනේ මටම මෙහෙම කරන්නේ.. මං එච්චරටම පව් කරලා තියෙනවද.. නොයෙකුත් දේවල් හිතින් හිතමින් ඉන්න අතරේ ඇයගේ නෙතට කදුලු ඉනුවේ අති වූ ලැජ්ජාවටත්,, පාටියට දැං අඳින්න ඇඳුමකුත් නෑ කියලා දැනේද්දී දරා ගන්න බැරි තරමේ අසරණකමකින් ඒ හිත රිදුම් දෙද්දීය...
ඇයගේ ඉකිබිඳුම් හමුවේ.. ඔහුගේ ලය කිතූ කිතූ වලට කැඩි විසිවෙනවා වාගේ හැඟීමකින් ඒ හිත රිදුම් දෙන්න ගත් තැනදි.. ඒ සියුමැලි කොපුල් අල්ලාගෙන ඔහුගේ පපුවට තරුලු කර ගත්තේ.. මේ අහිංසකීට මෙතරම් වෙනස්කම් කරන්නේ කව්ද
කියලා හිතින් හිතන ගමනුයි...
මේ බලන්නකෝ කෙල්ලේ... මං මුකුත් දැක්කේ නෑ හරිද.. දැං අඬන්නැතුව ඉන්නකෝ.. මං නියම වෙලාවට ආවේ.. ම්ම්ම්.. තව පැයක් යන්න කලින් අමුත්තෝ එයි.. මට කියන්න කව්ද ඔයාට මේ ඇදුම දුන්නේ.. අනික මේක.. මං සුද්දිට අරන් දුන්න ගවුම වගේමයි.. ඉතිං කියන්නකෝ..
ඇයට කියන්න ඕනි වුනත් ඒක දුන්නේ චූටි බේබී කියලා.. ඇය නොකියා ඉන්න තීරණය කලේ ඇය නිසා සහොදරයෝ අතරේ රණ්ඩුවක් ඇති නොවෙන්න ඕනි නිසයි..
මෙච්චර මේ හොඳ දවසේ චූටි බේබීගේ හිත රිද්දන එක හොඳ නැ කියලා දැනෙද්දි.. ඇයට ආපු දවසේ සිට චූටි බේබී වචනයෙන් පවා ඇයට හිංසා කල අයුරු සිහිවෙද්දී.. ඒ හැමදෙයක්ම ඇගේම කරුමෙට වෙච්ච දේවල් මිසක් වෙන කව්රුත් ඒවට පලි නැනේ කියලා හිතමින්.. හිත හදාගෙන.. ඇය ඔහුගේ තුරුලේන් මෑත් වී කිසිත් නොකියාම එතනින් යන්නට සැරසෙද්දී.. ඒත් එක්කම මිගාර ආයේම සඳුන්යගේ සියුමැලි අතකින් ඇදලා අල්ලගත්තා..
ඔහොම ඉන්න සඳුන්යා.. මේකේ ඇති ගවුමක් ඔයා ඒක ඇඳගන්න ම්ම්ම්.. එහෙම කියලා මිගාර ඇයගේ අතට ඒ බැගය දෙද්දී.. ඇයට ඉකිගසමින්ම තව තවත් හැඬුම් එළියට පැන්නේ ඇයටවත් පාලනයක් නැති තැනදීය.. මෙතරම් අසරණ කමක්.. දුප්පත් කමයි.. කාගේ කව්රුවත් නැතිව අනාතයෙක් වෙන්න වෙච්චි එකයි.. මොනතරම් අවාසනාවක්ද දෙයියනේ.. ඇයට තව තවත් හැඬුම් එළයට පනිද්දී.. ඇයටම පාලනයක් නැතිවිය.. එහෙම්ම මිගාර ඇයව ඇදලා අරං ආයෙම ඒ පපුවට තුරුලු කරගත්තේ අපමන සෙනෙහසකිනි.. කියා ගන්න බැරි තරම් දුකක් ඒ හිතටත් දැනෙද්දීය.. ඇයගේ හැඬුම් නැවතීමට ඔහු මහත් වෙහෙසක් දැරීය..
අඬන්න එපා සඳුන්යා..ඇයි මේ.. කෝ බලන්න මං දිහා.. ඔයා තනිවෙලා නැනි ලමයෝ.. මං ඉන්නවනේ.. බය වෙන්න එපා.. හරිද.. මං හැමදෙයක්ම හරි ගස්සන්නම්.. ඕකේ.. එහෙම කියමින්ම මිගාර ඇගේ කොපුල් පිරිමැද්දේ ඒ කඳුලු පාරවල් මකා දැමීමටයි..
හා.. දැං ගිහින් හොඳ ලමයා වගේ ඕක ඇදං එන්නකෝ.. හැබැයි කෙල්ලේ අද කීයට හරි මට හැම විස්තරයක් ම දැන ගන්න ඕනි.. හොදද.. ගමේදී මොනවද සිද්ධ වුනේ.. ඒ හැම දෙයක්ම මට අදම දැන ගන්න ඕනි හරිද... මදක් නිව්නු ස්වරයකින්ම පැවසු ඔහු තරප්පුපෙල දිගේ ඉහත මාලය වෙත ඇදුනේ සුද්දිව හමු වීමේ බලාපොරොත්තුවෙනි...
ඔහු යන්නේ ලොකු කේන්තියකිනි.. ඒ කෙල්ලට ඔය වගේ ඇඳුමක් ගන්න තියා හිතන්නවත් බැරි කොට.. ඒ ඇඳුම අනිවාර්යයෙන්ම දීලා තියෙන්නේ සුද්දි කියලා හිතෙද්දී.. ඒක නිකං ඉරෙන්න විදියක් නෑ කියලා දැනෙද්දී.. ඔහුගේ කේන්තිය ඔහුට ම පාලනයක් නැති විය..
සුද්දි.. මෙහේ එනවා.. මෙහේ එනවා ඉතිං.. මගේ යකා අවුසන්නැතිව මෙහේ එනවා..
මල යකෙක් වගේ ඔහු කෑ ගහද්දී.. ඇස් දෙකත් ගිනි බෝල වගේ දිස් වෙද්දි.. ඇය හෙමින් හෙමින් මිගාර ලඟට ආවේ.. ඇගේ කකුල් වලටත් පන නැතිව යද්දීය..
අ..නේ.. අ.යි..යා.. මේ.. ඇ..යි.. මේ..
ඇයගේ දිව පැටලුනේ ගොත ගැහුනේ බිය වැඩි කමටමයි.. මොකද ඇය දන්නවා.. කොච්චර හොඳට හිටියත් ලොකු අයියට තරහ ගියාම මල යකාටත් වඩා අන්තයි කියලා..
තමුන් අර අහිංසක කෙල්ලට අද ඇඳුමක් දුන්නද..
ඇ..ඳු..ම..ක්.. මං.. මං ..
දුන්නද නැද්ද..
ඔව් දුන්නා..
ඇයි දුන්නේ.. අයිසේ මං ඇහුවේ ඇයි දුන්නේ කියලා.. තවත් ඇස් ලොකු කර ගෙන පුපුරන බැල්මෙන්ම එහෙම අහද්දී ඇයටත් කඳුලු ඉනුවේ ඒ බැල්ම එතරම්ම ඇයගේ හිතට බර වැඩි වුන නිසාමයි..
තමුන්ට මෙතන අඬන්න දෙයක් වුනේ නෑ සුද්දි.. මං ඇහුවේ.. ඇයි දුන්නේ කියලා.. මඳක් නිවුනු ස්වරයකින් ඔහු පවසද්දි.. ඇය උත්තර දුන්නේ මේ හොඳම වෙලාව කියලා ඇයට හිතෙද්දීය..
ලොකු අයියේ.. ඒ ලමයට අඳින්න ඇඳුමක් නැති නිසයි මං දුන්නේ.. ඒක වැරදීද.. ඉහි.. ඉහි..
එහෙම කියමින් ඇය ඉකි ගසා හඬන්න ගත්තේ මිගාර තමන් කරපු දේ ගැන දැනගෙනද කියලා ඇයට හිතෙද්දීය....
අඳින්න ඇඳුමක් නැති නිසා දුන්නා නම්.. ඇයි ඉරිච්ච ඇඳුමක් දුන්නේ... ආ.. කියනවා ඉතිං..
ඉරිච්ච ඇඳුමක්.. මං මොකටද ඉරිච්ච ඇඳුමක් දෙන්නේ.. ලොකු අයියට පිස්සු ද...
ආ ඒ කියන්නේ.. ඉරිච්ච ඇඳුමක් දුන්නෑ කියලද.. එහෙනම් ඒ අහිංසකි ඕනි කමින් ඉරාගෙන කියලද දැං කියන්න හදන්නේ..
සුද්දි මේ.. බොරුවට මෙතන අඬන්න හඳන්න එපා හරිද.. මන් බලාගෙනනේ.. ආපු වෙලේ ඉදං තමුන් අර කෙල්ලට නොසෑහෙන්න දේවල් මාත් එක්ක කිව්වනේ.. ඒ වැඩේ තමුන් හිතලමයි කලේ.. ඇයි.. මොකටද.. එහෙම කලා කියලා තමන්ට මොනවද ලැබෙන්නේ.. නිකං පව් පුරවගන්න එපා සුද්දි.. ආයේ තමුන් ඒ වගේ වැඩක් කරලා අහු වුනෝත් මේ ලොකු අයියා තරම් නරක මිනිහෙක් නැතිවෙයි තවත් හරිද.. දඹරඟිල්ලත් උලුප්පාගෙන ඔහු එහෙම කියලා එතනින් යන්න ගියේ අත මිටි කරලා කාමරයේ දොරට වැරෙන් පහරක් ගසමින්ය....
ඇයට කොච්චර බැන්නත් ගැහුවත් පස්සේ මිගාරම ඒකට දුක්වෙනවා.. පසු තැවෙනවා.. අදත් එහෙමයි.. මොකද මගාර ගෙදරින්ම ශ්යාමට පස්සේ කාටහරි ආදරේ කලා නම් ඒ සුද්දිටය.. ඔහු ටික වෙලාවකින් ආයෙම සුද්දි ලඟට ආවේ ඒ නිසාය..
කෝ මෙහාට එනවා.. මගේ සුද්දි.. ඔය වගේ නපුරු වැඩ කරන්න එපා මැණික.. ආදරේ නිසානේ කියන්නේ.. ආයේ එහෙම කරන්නැ නේද.. ම්ම්ම්.. එහෙම කියමින්ම ඒ පපුවට සුද්දි ව තුරුලු කරගෙන ඒ හිස අතගෑවේ පියෙකුගේ සෙනෙහසකිනි..
❣️
ඒත් එක්කම මිගාරගේ දෙනෙත් දිව ගියේ සුද්දීට පිටු පා මේ දෙසට ඇදෙන ඒ රුව දෙසටයි.. ඔහුගේ නෙත් විසල් වූයේ ඒ රුව දැකලයි.. ඒත් එක්කම විහන්සාගෙන් මෑත් වී.. ඔහු තවමත් බලන් උන්නේ ඇසිපිය නොහෙලා ඒ රුව දෙසයි.. ඒත් සමඟම විහන්සාද ඒ දෙස බැලූයේ.. මිගාරගේ දෙනෙත් ඔස්සේ යමින්ය.. ඇයගේද නෙත් විසල් වී.. පුදුමයෙන් මෙන් බලන් උන්නේ ඒ රුව දෙසය..
මොකක්ද මේ ලොකු බේබිටයි චූටි බේබීටයි වෙලා තියෙන්නේ.. මා දිහා කන්නවගේ බලන් ඉන්නේ.. සඳුන්යා එහෙම හිතමින්ම ඔවුන් අසලට පැමිණියේ දැඩි අපහසු තාවයකිනි.. ඇය එතරම්ම හැඩය.. ලස්සන රෝස පාට අත් දිගට දාලා දිග පෙයාඩ් ගවුම ඇයට කියලා මහලා වගේ තිබුණි.. ඇගේ දිගු කෙස් කළඹත් හිස් මුදුනට කරලා ගුලියක් ගසා අලංකාරව පීරා තිබූ අතර ඇයව දිස් වූයේ නවක නිරූපණ ශිලිපිනියක ලෙසයි.. මන්ද ඒ උස සිහින් සිරුර ඒ හමේ පැහැය පිරිච්ච වත දකිනා කෙනෙක්ගේ හිත පිනවන අපූර්වත්වයක් අද ඇයගෙන් දිස්විය..
මිගාරට කියන්න දේ බොහොයි.. ඒත් සුද්දිත් එතන සිටිනා බැව් දන්නා නිසාම ඔහුම ඔහුව පාලනය කරගෙන එතනින් යන්නට සැරසුනේ සඳුන්යා දෙසද නොබලමින් බිමම බලාගෙනය..
ඇයි මහත්තයා මුකුත් නොකියම ගියේ.. මං කැතයිද.. හිතට දැනුනු දුකටම ඇයගේ මුහුණ අඳුරු වූයේ බලා ඉද්දිමයි..
ඒත් එක්කම විහන්සා ඇය දෙස බලා සිටියේ ඉරිසියාවෙන් පැලි පැලිය.. මෙතරම් ලස්සනක් මේ කිලිටි කෙල්ලට.. මං කරන්න හිටිය හැම දෙයක්ම මේ ලොකු අයියා විනාශ කරානේ.. මේකි මෙහෙම හිටියොත් හැමෝම මේකි දිහාම බලන් ඉදී.. එතකොට මට මොකද වෙන්නේ.. නොයෙකුත් දේ හිතින් හිතන ගමන් ඇය කල්පනා කරන්නට වූයේ.. අදනම් මේ කිලිටි කෙල්ලට හොඳ පාඩමක් උගන්වන්නම ඕනි කියලයි..
❣️
නොයෙකුත් වෛවර්ණ ඇඳුම් කබඩයෙන් එළියට ගත් විහන්සා .. තෝරාගත්තේ අත් නැති ඇඟටම ඇලිලා තයෙන කලු පැහැති දිලිසෙන කොට ගවුමකි.. එය ඇඳගෙන ජුවලරි එහෙමත් පැලඳගෙන හැඩ බලමින් ඉන්න අතරේ.. සඳුන්යාත් ඒ කණ්ණාඩියටම එබුනේ ඇගේ රුවත් හොදහැටි බලා ගැනීමේ අදහසිනි.. ඇයට හිතාගන්න බැරි වුනා ඒ ඉන්නේ ඇයමද කියා.. ඇයට ඇයගැනම එවෙලෙහි ලොකු අභිමානයක් අහිංසක ආඩම්බරයක් හිතට ආවේ.. මොනදේ අහිමි කලත් දෙවියෝ මට හොඳ රූපයක් දීලා තියෙනවා නේද කියලා සිහිවෙද්දීය..
සඳුන්යාගේ රුවේ ඇති දිස්නය කණ්ණාඩියේ සටහන් වී ඇති අයුරු දුටූ විහන්සාගේ හිත තව තවත් ඉරිසියාවෙන් පිච්චෙද්දී.. ඇගේ හඬ අවදි කලාය..
කිලිටි කෙල්ල.. මං අතේ නේල් පොලිෂ් ගානවා.. අනේ මගේ ෂූස් දෙක දානවද..
හරි මං දාන්නම් චූටි බේබී ගාගන්නකෝ..
එහෙම කියලා සඳුන්යා බිමට නැමි විහන්සට ෂූස් දෙක පලඳවමින් ඉන්න අතරේ විහන්සා තමන්ගේ පවිටු සිතුවිලි ඉටු කර ගැනීමට පටන් ගත්තේ... නේල් පොලිෂ් බෝතලය මුලින් අතට හරවා සඳුන්යාගේ ඇඳුමට වැට්ටීමෙනි....
ඕහ්.. නෝ.. අයැම් සොරි ඩර්ටි ගර්ල්.. මං හිතලා කලේ නෑ.. දැං මොකද කරන්නේ.. ඉන්නකෝ.. ඔයා මගේ වොෂ් රූම් එකට ගිහින් ඕක හොද ගන්න එතකොට හරි.. මං ඉන්නම් මෙතන.. එහෙම කියලා ඇය කට වහගෙන හිනාවුනේ ලොකු හපන්කමක් කල ගානටයි..
සඳුන්යාට දුකයි.. ඒත් ඇය ඉවසුවා.. ඇය දැං දන්නවා චූටි බේබී ඒක හිතලමයි කලේ කියලා.. ඇයට හෝගාලා අඬන්න තරම් හිතුනත් ඇය ඉවසුවා.. ඇය වොෂ් රූම් එකට වී ඒ පැල්ලම කොච්චර හෝදලා අරින්න හැදුවත් බැරි වුන තැන ඇය එලියට ආවා.. ඒ එද්දී විහන්සා පේන්න හිටියෙ නැති තැන ඇය ගියේ කාමරයේ දොර ලඟටයි.. දොර අරින්න හැදුවත් ඒක අරින්න බැරි බව දැනෙද්දී.. ඇයගේ හැඬුම් එළියට පැන්නේ ඇයගෙන් අවසරයක් නොමැතිවමයි..
මං මොකද කරන්නේ.. ඇයි මං ඉන්නවා කියලා දැන දැනම චූටි බේබී දොරත් ලොක්කරලා ගියේ... පල්ලෙහා කොච්චර වැඩ තියෙනවද..ලොකු බේබි දුන්න ලස්සන ගවුම ඒකත් ජරා වුනා.. එයා මා දිහා බලන්නෙවත් නැතිව ගියා... මං හැමෝටම වදයක්ද.. චූටි බේබීත් මට වෙනස්කම් කරන්නේ මෙච්චරටම ඇයි..
අනේ ඇයි මෙහෙම වෙන්නේ.. ඇයි අම්මේ මාව මෙහෙම තනිකරලා ඔයා ගියේ.. මට මොනවා වෙයිද කියලවත් ඔය හිතට හිතුනේ නැද්ද අම්මේ.. මට ගොඩක් දුකයි අම්මේ.. අනේ මාවත් ඔයා ඉන්න තැනකට ඇවිත් එක්ක යන්නකෝ අම්මේ.. තමන්ටම නොයෙකුත් දේ කියාගන්න ගමන් දොරට හේත්තූ වී සිටී ඈ දොර දිගේ රූටා බිමට වැටුනේ දරාගන්න බැරිතරම් හඳ රිදුම් දෙද්දී.. කොපුල් දිගේ කඩා හැලෙන ඒ කඳුලු කැටත් පිටි අත්ලෙන්ම පිසදමමින්ය..
❣️
ඒ අතරේ අමුත්තෝ සාදයට පැමිණ සිටියාය.. කිත්සිරිද ශ්යාමා සමඟ ආවේ ගෙදර මෙහෙම පාටියක් ඇති බවවත් නොදැනමයි.. ඔවුන් පුදුමයට පත් කරමින් සැවොම එකට සුභ පැතුවාය.. ශ්යාමා හා කිත්සිරිට ඒ ගැන මතකයක්වත් නොවූවාය.. ඔවුන්ටත් පුදුමයි මේ දේවල් සේරම සූද්දී තනිවමද කලේ කියලා.. මොකද ඒ වෙද්දිත් මිගාර රට ඉදං ගෙදර ආවා කියලා ඔවුන් දැන සිටියේ නැත.. ඒත් එක්කම මිගාර හඬ අවදි කලාය..
අම්මි තාත්ති ඔන්න ඔයාලට මගෙන් උනුසුම් සුභ පැතුම්.. හැමදාම සතුටින් නීරෝගීව ඉන්න ඕනි.. එහෙම කියලා ඔහු ශ්යාමටයි කිත්සිරිටයි වැන්දේ පැමිණි සිටි අමුත්තන්ගේ නෙත් ඒ දෙසට යොමු වී තිබියදීමයි.. ශ්යාමාට හා කිත්සිරිට එය අමුත්තක් නොවූවාය.. කොච්චර ජනප්රිය කෝටිපති පුතෙක් වුනත් සැමවිටම ගෙදරින් එළියට යනවිට පවා ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගන්න දෙකට තුනට නැමෙන හොඳ පුරුද්දක් ඔහුට තිබෙන බව ඔවුන් හොඳින්ම දන්නා බැවිනි....
❣️
පැමිණ සීටි අමුත්තන් කෑම ගනිද්දී.. මැඟී අම්මා පැන්ට්රියට වී හිතන්න ගත්තේ මේ කෙල්ල කොහාට වුනාද.. හවස ඉදං දැක්කෙත් නෑ.. මොන ලෝකේ ගියාද.. වැඩ එමටයි.. කාමරයෙත් නෑ.. චූටී බේබීත් ඉන්නවනේ.. මොකද කරන්නේ චූටි බේබීගෙන් වත් ඇහුවොත්.. කියලා හිතමින් ඉදලා ඇගේ හඬ අවදි කලා.
මේ චූටි බේබී.. මේ අපේ සඳුන්යා එහෙම දැක්කද...
ආහ්.. කිලිටි කෙල්ල.. එයා ආවේ පල්ලෙහාට.. ඔය කොහේ හරි ඇති..
එහෙම කියලා ඇය එතනින් මාරුවෙලා ගියේ.. ඇයටත් ඒ වෙද්දී සඳුන්යා උඩ කාමරයේ සිටිනා බව අමතක වී තිබූ බැවිනි.. එවිටම ඇය,, තමන්ගේ ප්ලෑන් එක හිතං හිටියා වගේම දැං දැං ක්රියාත්මක කරන්න නියම වෙලාව බව පසක් කරමින්..
තමන්ගේ යාළුවෙක් වූ රොවේන්ට ඇහැකින් සංඥා කර සිටියේ ඇය උඩ කාමරයේ සිටිනා බවටයි. හොඳ හැටි රට බීම ජාතී පානය කර මත්බවින් සිටී රොවෙන්.. අඩ සිහියෙන්ම තරප්පුපෙල දිගේ විහන්සාගේ කාමරය වෙත ඇදුනේ තමන්ගේ පහත් ආශාවන් ඉෂ්ඨ කරගන්න නියම අවස්ථාව මේක තමයි කියලා හිතමින්.. ඇගේ රුව කොයි වගේ ඇතිද යනුවෙන් නොයෙකුත් සේයාවන් ඇස් මානයේ සිත්තම් කරමින්ය..
💕
ඊළඟ කොටසින් හමුවෙමු ..
>> මේ කතාව ලියන්නේ - වත්සලා ජයවර්ධන අක්කා ❤️
Post a Comment