කිලිටි කෙල්ල - Episode - 01


පලමු දිගහැරුම

💕
සඳුන්යා තේ බන්දේසියත් අතැතිව හෙමින් හෙමින් තරප්පුපෙල දිගේ ඉහල කාමරය වෙත ඇදුනේ ඔහුගේ රුව දැකගැනීමට ඇති ආශාව පෙරදැරිව හිත තුල නලියන තුටු හැඟුමින් හදවතද වේගයෙන් ගැහෙද්දීය..

ඇය කාමරය ආසන්නයටම ගොස් දොර ලඟට වී මදක් කල්පනාකරන්නට වූයේ ඔහුට මුහුණ දෙන්නේ කෙසේද කියාය.. එවිටම ඇය දොරට තට්ටුවක් දාලා සැල කර සිටියේ ඇය පැමිණි බවටයි.. එවිටම කාමරය තුල යහන මත හිදගෙන,,, තම දෙනෙත් දුරකතනය වෙතම ඔබාගෙන සිටියදීම,,, ඔහු පවසන්නට වුයේ,,, ඇයට ඇතුලට පැමිණෙන ලෙසයි..

ඇය කාමරය තුලට විත් තේ බන්දේසිය ඔහු අසල වූ බෙඩ් කබඩය මතින් තබා,, යන්නට සැරසුනද,, යලිත් ඔහු දෙස බලන්නට වූයේ,, දැං වත් මාදෙස හැරි බලන්න යැයි,, ආයාචනාත්මක බැල්මක් ඔහුදෙස පාමිනි.. නමුදු ඔහු නම් ඇය දෙස නිකමටවත් බැලුවේ නැත.. එවිටම ඇය හැරි යන්නට පටන් ගත්තැන.. ඔහු තම සිතත් සමග රණ්ඩු කරන්නට වූයේ, පැමිණ සිටින ඒ රුව දෙස එක්වරක් හෝ හැරි බලන්න යනුවෙනි.. එවිටම ඔහුගේ දෙනෙත් ඇය දෙසට දිව ගියේය..

ඇය කාමරයෙන් ඉවතට යන දෙස බලමින් ඔහු සිතන්ට වූයේ,, ඒ ඇයමද යනුවෙනි.. මන්ද ඒ තනි කරලට ගොතා ඇති දිගු කෙස්කළඹත් දණහිසටත් පහලට තරම් වූ දිගට ඇඳ සිටි මල් වැටිච්ච චීත්ත ගවුමත් සිහින් සිරුරත් ඔහුට මහත් සමීප බවක් එක්කල නිසාවෙනි.... එවිටම ඇයගේ වත කමල දැක ගැනීමට ඇති ඕනෑකම නිසාම ඇයට කතා කරන්නට විය..

මේ ඇහුනද..
ඒත් එක්කම ඇය ඔහුදෙසට හැරිනි.. එවිටම ඇය දැකීමෙන් ඔහුගේ නෙත් විසල් වූයේ ඔහු බලාපොරොත්තු වූ ඒ රුව දැන් තමන්ගේ නෙත් අභියස සිටිනා බව දකිද්දීය.. එවිටම ඔහු හුන් අසුනෙන් නැගිට ඇය දෙසට ගියා නොවෙයි යැවුනා කිව්වොත් මා නිවැරදියි.. නිම්හිම් නැති සෙනෙහසකින් ඒ සිත පිරි යද්දී ඔහුටම ඔහුව පාලනයක් නැති විය.. ඔහු එක් වරම ඇයව තම පපුතුරුලට ඇදලා අරං තද කරගෙන ඒ සතුට සැනසීම වා තලයට මුසු කලේ සැනසුම් සුසුමකිනි..

කොහෙද කෙල්ලේ ගිහින් හිටියේ.. මං කොච්චර ඔයාව හෙව්වද කියලා දන්නවද.. මං ඕස්ට්රේයා ඉදං ⁣ලංකාවට ආවේ දැං සතියකටත් කලින්.. ඒත් ගෙදර එන්න කලින් මං කලේ ඔයාව බලන්න ගිය එක.. ඒත් මං වත්හුරුවට යද්දී.. ඒ ගෙවල් පාළුවට ගිහින් තිබ්බෙි.. වටේ පිටේ ඉන්න අයගෙන් ඇහුවම කිව්වේ උබ ආ ගිය අතක් නැ කියලා කෙල්ලේ.. මං කොච්චර උබව හෙව්වද කියලා දන්නවද.. හරියට කෑමක් බීමක් වත් නැතිව රැයක් දවාලක් නැතිව මුළු කතරගම ම පීර පීර මං උබව හෙව්වා කෙල්ලේ.. සතියක් තිස්සේම හොයලා හති වැටිලා අදයි මං ගෙදර ආවේ.. මං කවදාවත් දෙයියෝ අදහන්නේ නැතිවුනත් මං දෙවියන්ටත් කන්නලව් කලේ උබව ඉක්මනට හොයලා දෙන්න කියලා.. දෙවියෝ කියලා අදහන්න පුළුවන් ජාතියක් ඉන්නවා කියලා දැං මට හිතෙනවා කෙල්ලේ.. ඒ උබව දකිද්දී..
හුස්මක් කටක් ගන්නේ නැතිව එක දිගටම කියවගෙන යන ඒ පපුවට තුරුලු වී ඇය ඉකිගසන්නට වූයේ වාවගන්න බැරි තරම් සතුටක් ඒ හිත තුල තෙරපෙමින් තිබූ බැවිනි..

අනේ මහත්තයා මට සමාවෙන්න.. මට ඔයාට කිසිදෙයක් කියන්න බැරි වුන එකට.. ඒකට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕනි මම.. මම ම විතරයි.. මහත්තයා මට නම්බර් එකත් ලියලා දුන්නේ හදාස්සියකදී කතා කරන්න.. ඒත් නම්බර් එකත් එක්ක මට මහත්තයා දුන්න ෆෝන් එකත් ගත්තේ නැති එක, ඒක මගේම මෝඩකම,, ඒකත් නරක වෙලාවට හිටියා මහත්තයෝ.. ඇය ඉකිගසමින් ඒ පපුතුවට තව තවත් තුරුලුවෙමින් තමන්ටම චෝදනා කරන්නට වූයේ සිදු වූ සියල්ලට ඇයම වැරදිකාරයා බව පසක් කරමිනි..
ටික වේලාවකින් ඔහු ඇයව තමන්ගේ තුරුලෙන් මැත් කර ඇයගේ අත් ගොබ දෙකෙන්ම අල්ලාගෙන,
මොකක්ද සිද්ධ වුනේ.. කොහොමද අපේ ගෙදර හොයාගත්තේ.. ඔයා ඇයි මේ තේ ගේන්නේ.. මැඟි අම්මා ඉන්නවානේ.. මට මුකුත් තේරෙන්නැ..
ඔහු එහෙම අහද්දි, ඇයගේ දෙනෙත් එකවරම බිමට බර වුනේ.. ඒක දිග කතාවක් මහත්තයෝ.. කියමින් දිග සුසුමක්ද වා තලයට මුසු කරමිනි...
හරි සඳුන්යා ඒ හැමදෙයක්ම මට කියන්නකෝ දැං.. බොහොම නිවුනු ආයාචනාත්මක ස්වරයකින් ඔහු පැවසුවා...
මං කියන්නම් මහත්තයා.. හැබැයි දැම්ම නෙවෙයි..
ඇයි දැං බැරි.. ඔයා ඒ හැමදෙයක් ගැනම මට දැංම කියන්න ඕනි හරිද...
ඒයි කිලිටි කෙල්ල.. මොකක්ද සමුසේ අපේ ලොකුඅයියාගේ කාමරේට වෙලා කරන්නේ තාම.. තේ එක දෙන්න නම් ආවේ.. ඒක දුන්නානම් තවත් මෙතන තත්ගැහෙන් නැතිව යනඑකයි ඇත්තේ..
ඇය එසේ පැවසූයේ සඳුන්යාගේ හිසේ සිට පාදාන්තය දක්වාම නපුරු බැල්මක් හෙලන ගමන් කට කොනකින් සමච්චල් හිනාවක් ද පාමිනි..
ඒත් සමඟම දෙන්නම ගැස්සි ඒ දෙසට හැරුනේ ඇගෙ කෑ ගැසීමටයි..
එවෙලෙහිම සඳුන්යා බිම බලාගෙනම යන්නට සැරසුනේ දෑස් අග කඳුලු කැට පොඳියක්ද පොඳිබැඳගෙනයි..
මොකක්ද සුද්දි ඒ කරපු කැත වැඩේ තේරුම.. තමුසේ මහා ජරා කෙල්ලෙක් වෙලා හලෝ..
අනේ මේ අයියා.. ඔයා ගෙදර ආවේ අදනේ..
ගියපාර ගිහින් ආවටත් පස්සේ, මාස පහකටත් පස්සේනේ ආවේ.. ඔයා දන්න දෙයක් නෑනි.. ඔයාටත් ඉතිං මේ කෙහෙවත් ඉන්න කිලිටි කෙල්ලෙක්ව ලොකු වුනා නේද.. තමන්ගේ එකම නංගිට වඩා..
අනේ සුද්දි මේ වැරැද්ද වැරැද්දමයි.. ඒක කවුරු කලත් මං ගන්නේ සාධාරණ පැත්ත හරිද.. ඇයි දැං ඒ අහිංසකිට කිලිටි කෙල්ල කියන්⁣නේ..
ඒකි කිලිටි කෙල්ලෙක් නිසානේ.. ලොකු අයියා දන්නැනි ඒකි අපේ ගෙදර ආපු පලවෙනි දවස.. අයියෝ බලන්න කැතයි අප්පා.. හැටි.. ඊයා..මතක් වෙද්දිත් අප්පිරියයි අනේ.. සෙරෙප්පු දෙකක්වත් නැතිව ගවුමත් එහෙම් මෙහෙන් ඉරිලා අයියා හරිද.. කොන්ඩේත් නිකං යකේක් වගේ ඇවිස්සිලා.. හරිද.. මේ අපේ මැගි අම්මා මාකට් ගිහින් එන ගමන් තමයි ඔය හෝන්තුව එක්ක ඇවිත් තියෙන්නේ..
හරි හරි.. මේ ලොකුඅයියා ඒවැයින් වැඩක් නෑ.. මං ඔයාට ඒවා පස්සේ කියන්නම්.. ඔයා ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න අනේ පල්ලෙහාට වැඩ තියෙනවා..
ඇයි අර..
ඔයා දන්නැද්ද.. අද පාටී..
මොකක්...
අද අපේ අම්මිගෙයි.. තාත්තිගෙයි ටුවෙන්ටිෆිෆ්ත් වෙඩින්ග් ඇනිවසරි එක ලොකු අයියා.. අනේ මන්දා ලොකුඅයියා ඔයාට ඒකවත් මතක නැද්ද..
නෑනි මැට්ටියේ.. අයියෝ මට වැඩ අස්සේ ඒකත් අමතක වුනා.. මෙච්චර දවස් මට මතක තිබුණා.. බලපංකෝ සුද්දි මං තැග්ගක් වත් ගත්තේ නෑනි බං..
ඇය සඳුන්යා ගැන පැවසු දේවල් වලට ඔහු
කිසිම වෙනසක් නොපෙන්වා හිතේ ප්රශ්න කෝටියාගෙන ඇයත් සමඟ කතා කලේ ඇයට සැකයක් ඇති නොවන ලෙසටයි..
අනේ ලොකු අයියා ගිහින් මොනවා හරි අරන් එනවා හලෝ.. දන්නවනේ ඉතිං පොඩි අයියත් නැති එකේ ඔයත් ඔහොම කලොත් එයාලට දුක හිතෙයි..
හරි බං මං ඉක්මනටම ගිහින් මොනව හරි අරං එන්නම් එහෙනම්.. තමුසේ මෙතන පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා හරිද.. අහිංසක කෙල්ලන්ට වචන කියන්නැතිව.. තේරුනාද.. මදක් තරවටු ස්වරයකින් එසේ පැවසු මිගාර ඇයට ටොක්කක් අනින්නත් අමතක කලේ නැත..
ආව්.. රිදෙනවා අප්පා..
රිදෙන්න තමයි ඇන්නේ.. එහෙම කියමින් වොලට් එකත් කී එකත් කලිසම් සාක්කුවට දමාගෙන මදක් නිවි තිබුනු තේ එකද එක උඟුරටම ගිල දමා ඔහු කල්පනා කරන්නට වූයේ සුද්දි පැවසු දේවල් ගැනය.. ඇයට එතරම්ම දේවල් වෙද්දී ඇයි මට කෝල් එකක්වත් දුන්නේ නැත්තේ.. මොනාද මේ සිද්ධ වෙලා තියෙන්නේ.. නොයෙකුත් ප්රශ්න තමන්ගෙන්ම අහන ගමන් කාමරයෙන් පිටත් වූ ඔහු කෙලින්ම ගියේ පැන්ට්රිය දෙසටයි..

💕
මිගාර සිතිජය රාජසිංහ වූ ඔහු ජීවත් වන්නේ කොළඹ හතේ අති සුඛෝපභෝගී නිවසකය.. ඔහු ප්රබල කෝටිපති ව්යාපාරික කිත්සිරි රාජසිංහගේ එකම පුතා වන අතර මව ⁣ශ්යාමා රාජසිංහ වූවාය.. ඔහුගේ සැබැ මව වුයේ අහිංසා රාජසිංහයි.. ඇගේ හොද ගතිගුණ ඔහුට එලෙසින්ම පිහිටා තිබුනි.. ඔහුගේ උත්පත්තියේදී ඇය මියගිය බව අදටත් ඔහුට රහසකි.. ඔහු මව ලෙස දකින්නේ කිත්සිරිගෙ දෙවැනි බිරිඳ වු ශ්යාමාවයි.. ඇය මවක් ලෙස ඔහුට යුතුකම් ඉටුකලේ කිත්සිරිගෙ වුවමනාවටයි.. පසුව ඇයද මිගාරගේ ආදරය හමුවේ මිගාරට ප්රේම කරන්නට විය.. තම මව් සෙනෙහසේ දෑත දිගු කරන්නට විය.... මිගාර හොඳ ගුණයහපත් චරිතයකින් යුතු නමුත් තම පියා මෙන් ඔහුත් ක්ෂණික කේන්ති කාරයෙකු වූවාය.. අසාධාරණයකදී පෙනී සිටීම කුඩා කාලයේ පටන් ඔහුගේ හොඳ ගුනාංගයකි.. ඔහු පෙනුමින් උසට සරිලන මහතකින් හෙබි දේහ දාරි පෞරුෂයක් ඇති කෙල්ලෙක්ට දෙපාරක් හැරිලා බලන්න හිතෙන තරම් පෙනුමක් ඇති අයෙකු වූවාය.. ඔහු ෆැෂන් ඩිසයිනර්, නිරූපණ ශේස්ත්රයේ නියැලෙන අතරම සිතිජය ඇඩ්වර්ටයිසින් කම්පැනියේ සීඕ ද ඔහුමය.. ඒ තම පියාගේ දායකත්වයක් නොමැතිව ස්ව උත්සාහයෙන්ම ඔහු ලබා ගත් දේවල්ය.. ඔහු දැනට ලාබාලතම ලොකුම කෝටිපතියා ලෙසින්ද ප්රසිද්ධියක් උසුලයි..

💛
සඳුන්යා සඳසි වික්රමරත්න වූ ඈ.. ජීවත් වූයේ වත්හුරුව නමින් හැඳින්වෙන කතරගම පුරවරයේ පිහිටි ඉතා දුෂ්කර ගම්මානයකය.. ඇය ගෙදර එකම දියණිය වූවාය.. ඇයගේ පියා ඉතා දරුණු රෝගයක් වූ Kidney failure හැදි මියගොස් ඇත්තේ ඇය කුඩා කාලයේදීමයි.. ඇයගේ මව තනියම කිරිවෙහෙර වදින්නට එන බැතිමතුන්ට මල් විකුනා ලැබෙන සොච්චමෙන් එකම දියණිය වූ සඳුන්යාවත්, ඇගේ අම්මා වූ සඳුන්යාගේ මිත්තණියවද රැක බලාගත්තාය... ඇයද පසුව Kidney failure රෝගයෙන් පෙලීම හේතු කොටගෙන මියගියේය.. එ් හේතුවෙන් සඳුන්යාගේ පාසල් ගමනද මග නැවතුනු අතර තම මව මෙන් කිරිවෙහෙරට යන පාර දෙපස ඇති මල් කඩයක සිට මල් විකිණීමට ඇයට සිදූ වූයේ තම මිත්තණියද රැක බලා ගැනීම ඇයට පැවරී තිබූ වගකීමක් වූ බැවිනි.. ඇය පංචකල්යානයෙන් හෙබි රූමත් තරුණියකි.. දුඹුරු දෙඇසත් සිහින් උසැති සිරැරත් පැහැපත් සමකින් යුතු වීමත් දිගැති කෙස්කළඹත් ඇගේ පෙනුම වැඩි කරන්නට විය.. ඇයගේ අහිංසක කම නිසා ගමේ කාගෙත් උදව් ඇයට නොමසුරුව ලැබුනි.. වෙඬරු පිඩක් මෙන් මෘදු සංවේදී හිතක් ඇයට ඇති අතර දරා ගැනීමේ හැකියාවද ඇයට උපතින්ම ලැබ ඇති දායාදයකි..
ඇය ඉගේනීමට ඉමහත් දක්ෂතාවයක් දැක්වූ ශිෂ්යාවක් ලෙස පාසලේ කාගෙත් පැසසුමට ලක්වූව ද ඇයගේ පාසල් ගමන නැවතීමට හේතුව සේවිමට තරම්වත් හොඳ ගුරුවරයෙකු එම පාසලේ නොවූයෙන් ඇයට උසස්පෙල විභාගයට පෙනීසිටීමද සිහිනයක්
විය...

💙
මිගාරගේ නැගනිය වූ ඇය නමින් විහන්සා මේගාවි රාජසිංහ වෙයි.. ඇය ටිකක් ආඩම්බරකාරියකි.. තම පියාගේ දේපල හා බලපුළුවන්කාරකම නිසා ඇය අහංකාර චරිතයක් වූවාය.. ඇය ගෙදර එකම සුරතලීය.. ඇය සිහින් සිරුරකින් හෙබි තරමක් මිටි තලෙලු සමක් ඇති පෙනුමැති තරුණියකි.. ආදරේට ඇය කාගේත් සුද්දීය.. ඇයද සඳුන්යාගේ සම වයසේ පසුවෙයි.. ඇය මොනවැඩේ තිබුණත් නිතර නිතර ක්ලබ් ගානේ යෑමටත්, නයිට් පාටි වලට යාමත් පුරුද්දක් කරගෙන සිටියාය.. ඇය ප්රයිවට් කැම්පස් එකක ඉගෙන ගන්නේ පියාගේ හා මවගේ උවමනාවටය.. ඇය ඉගෙනීමට අලස වීමත් අදක්ෂ වීමත් එයට හේතුවයි..

💕
මෙතරම් ප්රසිද්ධ කෝටිපති මිගාර කොහොමද මේ දුප්පත් අහිංකාවියව අඳුර ගන්නේ.. කිරිවෙහෙරෙදී මල් විකුනපු මල් කෙල්ල කොහොමද මේ සුවිසල් මැදුරේ කිලිටි කෙල්ල වුනේ.. විහන්සා ඇයිද මෙතරම් සඳුන්යාට නපුරු කම් කරන්නේ... කාගේ කව්රුවත් නැතිව අසරණ වුනු අඳුරු වුනු ඇගේ දිවිය කව්රු නම් එළිය කරාවිදෝ.. බලමු ඉදිරියට.. ඒ වගේම අනිත් චරිතත් ඊළඟ කොටස් වලින් හඳුනාගමු..



>> මේ කතාව ලියන්නේ - වත්සලා ජයවර්ධන අක්කා 

❤️

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget