සාශුට දුරකතන ඇමතුමක් ගන්නට කෙල්ලට ඒ වෙලාවේ මතක් උවද ඒ වන විටත් දුරකතනය ක්රියා විරහිත වී තිබුණි. නිවසින් එළියට ගිය ප්රථම දිනයෙදීම කෙල්ලට ආයෙමත් සියල්ලම එපා විය. ශීර් ගැන නම් කෙල්ලට සිදුවූයේ කරදර ගොඩකි. ඒ ගැන කෙල්ල වූයේ ඒසේ මෙසේ කේන්තියක් නොවේ. ඒ්ත් ඒ නපුරු ඇස් බැල්මට කෙල්ල හරි බයය. එ් නිසා කෙල්ල හැකි ඉක්මනට ශීර් ගැන හිතට එන ඒ තවමත් නමක් නොදන්න අමුතු සිතුවිලි ඉවත් කිරීමට උත්සහ කළා ය. ඇයට දරා ගන්න බැරි සීතලක් දැනෙද්දි කෙල්ල තමන්ගේ සිරුර දෙස බැලුවා ය.
ඇගටම තද වන සේ ඇද තිබුන ලා කහ පැහැති බ්ලව්ස් එක සහ තද දුඹුරු පැහැති ස්කර්ට් එක තෙත් වී අැගටම ඇලී තිබුණි. කෙල්ලගේ හැඩ ඇග පමණක් නොව එ් සිරුරේ සියුම් තැන්වල ඇති හැඩ පවා එම නිසා හොදින් කැපි පෙනුනි. ඉතිං කෙල්ලට දැනුන ලැජ්ජාව නිසාම කෙල්ල වාහනයෙන් එළියටවත් බැස්සේ නැත. ගෙවී යන තත්පරය පවා කල්පයක් ලෙස කෙල්ලට දැනුණි.
අවසානයේ කෙල්ල වෙව්ලන්නට වූයේ ශරීරයට දැනුන සීතල වැඩි වන්නට ගත් නිසාම ය. විකල්පයක් ඇයට තිබුනේද නැත. ඇය වෙව්ලමින් මෝටර් රථයෙහි අහු මුළු අතර හැම තැනක්ම කුමක් හෝ අැදුමක් ඇතිදැයි සිතමින් අදුරේම අත ගාමින් සොයන්නට වූවා ය. නැත පෙරදිනක ඇය සාශුගේ අවශ්යතාවයකට ඇයට මෝටර් රථය ලබා දුන් නිසා කෙල්ල වෙනදාට ලඟ තබා ගන්නා කිසිදු දෙයක් එහි වූයේ නැත. අවම පෝන් එකස්විච් ඔන් කර ගැනීමට අවශ්ය පවර් බෑන්ක් එකවත් ඇයගේ රථයෙහි නොවී ය.
#දුර්ග__ආශීර්__මංචනායක. කොල්ලා හදිස්යේම දැනට මාස කිහිපයකට කලින් ලංකාවට එන්නේ හේතු කිහිපයක් නිසාම ය. ඉතිං කොල්ලට මේ ආරම්භ වුන රාත්රිය ඉතාමත් විශේෂයි. ඔහු යමින් සිටියේ කොල්ලගේ යහළුවෙකු වූ තේමිය රාජමන්ත්රිව මුණ ගැසෙන්නට ය. ඔහු සතුව වටිනා විස්තර කිහිපයක් තිබුනා කොල්ලගේ ජීවිතේට සම්බන්ධව. ඉතිං ඒ නිසා තේමියගේ නිවසට යෑමට තිබුන තද බල අවශ්යතාවය නිසා කොල්ලා ජීප් රථය හැසිරුවේ උපරිම වේගයෙන්.
ඒත් අවසානයේදි කොල්ලගේ වාහනයෙහි වේගය වැඩි කම නිසා සිදුවුනේ අනතුරකි. ඒත් එයින් කොල්ලගේ රථයට නොව ඇයගේ රථයට විශාල ලෙස හානි සිදුවී තිබුනි.
කොල්ලට රථය හසුරුවන අවස්ථාවේදි පවා මතකයට නැගුනේ අැයගේ ලස්සන දිගු ඇස් දෙකයි. ඒත් ඇය හැම අවස්ථාවකම උත්සහ කළේ ඒ ඇස් කොල්ලගෙන් හංගන්න. හරියට ඒ ඇස් ඇතුළේ හැංගිලා තියෙන දුක කොල්ලා කියවයි කියලා බයට කෙල්ල හිතා මතාම කොල්ලගේ තියුණු අැස් වලින් කෙල්ලගේ අැස් සඟවන්නී ය.
අනතුර සිදු වු තැන තරමක් පාළු ප්රදේශයකි. ඉතිං එතැන ඇයට උදව්වක් දෙන්නට තරම් කෙනෙක් නොවී ය. ඒ වන විටත් කෙල්ල ගැන කොල්ලාට සියුම් අනුකම්පාවක් දැනෙමින් තිබුණි. අනුකම්පාවටත් වඩා තමා කොතරම් දෙඩවූවත් කෙල්ලට එලෙස සිදු වූයේ තමාගේ වරදින් බව කොල්ලා දැනගෙන සිටියේ ය. කොල්ලට ඒ මොහොතෙම හිතට නැඟුන සිතුවිල්ලත් සමඟ කොල්ලා රථය හරවා ගත්තේ ඇය ලඟට යෑමට ය.
විනාඩි කිහිපයකින් එම තැනට පැමිණි කොල්ලා කෙල්ලගේ මෝටර් රථය අනතුරට පත් වූ තැනටම පැමිණ ජීප් රථය නතර කළේ ය. ඉන්පසු රථයෙන් බැස්ස කොල්ලා කෙල්ලගෙ මෝටර් රථයෙහි ඉදිරි දොාර හරින්නටඋත්සහ කළේ ඇය ඇතුළේ සිටිනවාදැයි බලන්නට ය. කොල්ලාගෙ හිත පැවසු දෙය හරි ය. පසුපස ආසනයකට ගුලිවී වෙව්ලමින් සිටියේ ඇය ය. ඉතිං කොල්ලා දෙවරක් නොසිතාම කෙල්ලට කතා කළා ය.
"ඕයි... තමුසෙට මේකෙන් ගන්න ඕන රෙද්දවල් ටික අරගෙන එළියට එනවා."
කෙල්ල වෙව්ලමින් වුවද බැට්රි බැස ඕෆ් වී තිබුන දුරකතනය සහ ඇයගේ බෑග් එක අතට ගෙන හරි අපහසුවෙන් රථයෙන් බැස්සා ය.
"යනවා ගිහින් ජීප් එකට නගිනවා."
කෙල්ල දෙස නොබලාම කොල්ලා එලෙස පැවසුවද දෑස් කොනකින් මෙන් තෙමුන නිසා අැගටම ඇලි තියෙන ඒ හිර ඇදුම් වලින් හොදින් පෙනෙන ඒ කෝමල රේඛාවන් පවා දුටුවේ ය.
"ඒයි යක්ෂනි.. තමුසේ මෙහෙමද දැන් මගෙත් එක්ක වාහනේ යන්න එන්නේ?. බලනවා ඇදුමේ හැටි. තමුසේ ගෑනියෙක්නේ නේද?. ලැජ්ජාවක් කියලා දෙයක් දන්නෙම නැහැ... අාහ් මේක අැද ගන්නවා. ශිට් මේ ගෑනු නම්...."
කොල්ලා ඇදගෙන සිටි තද නිල් සහ කළු චෙක් ශර්ට් එකෙහි බට්න් ඕපන් කරමින් එය ගලවා කෙල්ල අත තැබමින් පැවසුවේ ය.
උඩු කය නිරුවත්ව සිටින කොල්ලා දෙස කෙල්ල වෙව්ලමින් වුවද බලාගෙන සිටියේ ඇස් දෙක ලොකු කරගෙන ය. මනාවට සකසා තිබුණ ඒ ශරීරය දෙස කොතරම් වෙලාවක් උවද බලාගෙන සිටිය හැකි ය. ඉතිං කෙල්ලගේ දෑස් බැල්ම බිමට යොමු කරගත්තේ කොල්ලා අායෙම ගුගුරන්න ගත්ත නිසා.
"ඒයි... ඇස් දෙක ගලවලා අතට දෙන්න කලින් යනවා ගිහින් නගිනවා ජීප් එකට."
ඒ වන විට තද වැස්ස තරමක් අඩු වී තිබුණි. ඒත් තවමත් වැසි වැටේ. කොල්ලගේ ශර්ට් එකත් ඇගේ දවටාගෙන කෙල්ල ජීප් එකේ පසුපස අාසනයකට බර විය.
"මම තමුසෙගේ ඩ්රයිවර් නෙවෙයි. නගිනවා ඉස්සරහින්."
කිසිම තෙතමනයක් නැති ඒ වචන කෙල්ලගේ හිත රිදවද්දි කෙල්ල ඉක්මනින් පසුපස ආසනයෙන් ඉදිරි ආසනට මාරු උනා. තමුසෙගේ ගෙදරට යන පාර කියනවා.
කෙල්ල වෙව්ලමින් කොල්ලට තිබුන බිය නිසාම මාර්ගය පැවසුවා ය. අනතුර සිදු වූ තැන සිට කෙල්ලගේ නිවසට විනාඩි විස්සක් පමණ දුරක් තිබුණි. ඉතිං කෙල්ල මාර්ගය පැවසීමෙන් අනතුරුව කළුවර අතරින් පසුවෙන ලයිට් එළි දෙස බලාගෙන හිටියේ කෙල්ල හිටියේ ඇයගේ ශරිරයට දැනෙන අපහසුව ගැන නොහිතාම ය.
"එ්යි..මෙතනින් කොහෙටද?."
"වමට දාන්න."
කෙල්ල හරි අහිංසක විදිහට එහෙම කීවේ. නැතිනම් කොල්ලා කෙල්ලව එ් තැනම දාලා යයි කියලා ලොකු බයක් හිතට දැනුනා.
"ඔය ඔතන බ්ලැක් කලර් ගේට් එක ඇතුළේ තියෙන ගෙදර."
කෙල්ලට පවසන්නට හැකි වුයේ එපමණකි. කෙල්ල හිටියේ ඒ වන විට පියවි සිහියෙන් ගොඩක් ඈතට ගිහින්. කොල්ලගේ දුහුල් ශර්ට් එක සමත් උනේ නැහැ කෙල්ලගේ සීතල අඩු කරන්න.ඉතිං තමන්ගේ නිවස අභියසදිම කෙල්ලගේ දෑස් බොදවී සියල්ලම අන්දකාරයෙන් වැසෙන්නට ගනිද්දී කෙල්ල හිද වුන් ආසනයටම අැය කඩා වැටුනේ තවත් කෙල්ලට ශරීර අපහසුව දරාගෙන ඉන්න බැරි වුන නිසා.
ශීට් එක මතට එක වරම කඩා වැටුනු කෙල්ලගේ සුදු මැලි වී ගිය මුහුණ දුටු විගස කොල්ලා බිය වූවේ ය. කොල්ලා කෙල්ලගේ නිවස ඉදිරියට වී වාහනයේ හෝන් එක නාද කළේ පිස්සුවෙන් වගේ. ශාසු ඇවිත් ඉක්මනට ගේට් එක විවර කළ තත්පරයෙදිම කොල්ලා වාහනය ඇතුළට දැම්මේ ය.
උඩු කය නිරුවත්ව දිගු ඩෙනිම් කලිසමක් පමණක් හැද වාහනයෙන් බහින කොල්ලා දෙස සාශු බලාගෙන හිටියේ බය වෙලා වගේ. ඒත් කොල්ලා සාශු දෙස ඇස් කොණකින් වත් බැලුවේ නැහැ.
කොල්ලා වාහනයෙහි ඉදිරි පස දොර හැරලා ශායල්ව දෑතින්ම අර ගත්ත ආශීර් ඉදිරි දොරෙන් ගේ අැතුළටම ගියා.
"ඒයි... තමුසේ යකෙක් දැක්කා වගේ මගේ දිහා බලාගෙන ඉන්නේ නැතිව මට මෙයාගේ කාමරේ පෙන්නනවා. නැතිනම් ඉතිං මම මෙතනම අත අරින්නම්."
"උඩ තට්ටුවේ තියෙන දෙවෙනි රූම් එක."
"ඉක්මනට මේ මනුස්සයට කවන්න පුළුවන් දෙයක් හදලා ගන්නවා. තව උණු වතුරෙන් වෙට් කරපු ටවල් එකක් අරගෙන උඩට එනවා."
"ආශිර් එහෙම කියලා පඩිපෙල නගින්න ගත්තා."
සාශු කිව්ව කාමරයෙහි වු ඇද මත කෙල්ලව තැබුව ශීර් කල්පනා කරන්නට විය. කිසිම දෙයක් හිතට එන්නේ නැති වෙද්දී කොල්ලා කාමරයෙහි දොරගුළු ඇතුළතින් දැම්මේ ය. අකමැත්තෙන් උනත් කොල්ලා කෙල්ලගේ ගත වටා බ්ලැන්කට් එක ඔතමින් වැස්සට තෙමි තවමත් වතුර වියලි ගොස් නැති ඒ ඇදුම් එකින් එක ඉවත් කරන්නට විය. පසුව කෙල්ලගේ හිස කෙස්ද ටවල් එකකින් එතුවේ ය.
"කරන්න දෙයක් නැහැ කෙල්ලේ. මට සමාවෙන්න.."
කොල්ලා හිතෙන් එය දහස් ගණනින් එය මතුරන්නට ඇත. ඉන්පසු ඇය සහ ඔහු වැසි යන ලෙසට ඇයගේ ඇදෙහි වූ තවත් බ්ලැන්කට් එකක් පෙරවාගෙන ඇයව ඔහුගේ නිරුවත් පපුවට තුරුළු කර ගත්තේ ය.
කිසිම දිනයක මෙවැනි අත්දැකීමක් විද නැති ශීර්ගේ හිත තුළට පැමිණෙන ඒ ආගන්තුක හැඟීම් ශීර් අඩපන කරද්දි කොල්ලා එකම එක වතාවක් ඒ ගෙල මත සහ නලල මත හාදුවක් තැබා ඇයව තම සිරුරට යට කර ගත්තේ හිත තුළ ඉපදෙන හැඟීම් දහස් ගණනක් මායිම් නොකරම ය.
දැනෙන උණුසුම වැඩි වෙද්දී කෙල්ල හෙමින් හෙමින් ඇස් හැර බැලුවා ය. ඇය සිටියේ ඔහුගේ සිරුරට යට වී ය. ඉතිං කෙල්ලට කෑ ගැසීමට සිත් වුනද අහම්බෙන් අද දුටුව ඒ පිරිමි රුව වෙනුවෙන් හිත ගැඹුරෙම තැම්පත් වී ඇති හැඟීම් සිත මතට ඇවිත් දඟ කරද්දි කෙල්ල කළේ තවත් ඒ පපුවට තුරුළු වීම ය. ඇය අවදි වූවත් ඒ මුව බැලීමට හැකියාවක් ඇයට තිබුනේ නැත. ඒ වගේම ඔහුගේ ඒ නපුරු වචන වලට හිත රිදවා ගැනීමට මේ වගේ අවස්ථාවක කෙල්ල අකමැති විය.
කෙල්ලව ඒ පපුවට තුරුළු කරගෙන කෙල්ලගේ හිස කෙස් මත ඇඟිලි යවමින් සිටි ශීර් කාමරයෙහි දොරට ගසන ශබ්දයත් සමඟ ඉක්මනට කෙල්ලගේ මදක් උණුසුම් වි තිබුන සිරුර මතින් නැගිට්ටේ ය.
ඒත් ඇය තවමත් ඇස් පියාගෙන ය. විනාඩි විස්සක් හෝ විසි පහක් ගෙවී ගොස් ඇතිවාට සැකයක් නැත. ඉතිං ඔහු වරක් හෝ දෙවරක් ඇය දෙස බැලුවේ අැය ඇසි පියන් හරීවි යන විශ්වාසයෙනි. ඇය තවමත් නිසොල්මනේ හිදින්නීය. අඟුලු දමා තිබුන දොර විවර කළ ශීර් පසෙකට වූයේ ශීලා අැන්ටිට සහ සාශුට කාමරය තුළට පැමිණීමට පහසු වන ලෙස ය. කාමරයට පැමිණ සිටි සාශු සහ ශිලා ඇන්ටි ශීර් දෙස බලාගෙන සිටියේ ප්රශ්න රැසක් අසන්නට තිබු උවමනාව පවා යටපත් කරමිනි. ඒත් ඊට පෙර ශීර් කතා කරන්නට පටන් ගත්තේ ය.
"තව ටිකකින් එයා නැගිටියි. එයා නැගිට්ටම අහන්න ඕන දෙයක් අහගන්න.එයාගේ ඇඟ වැහෙන විදිහට ඇදුමක් අන්දවලා තව බ්ලැන්කට් එකක් දාන්න ටිකක් රශ්නේ එන විදිහට. පුළුවන් නම් එයා කන්ඩිශර් එකත් එයාට පහසු ටෙම්පරේජ් එකකට හදන්න. මම යනවා."
"මහත්තයා කවුද?."
ඒ ශිලා අැන්ටි ය.
"මම කවුද කියන එක වැඩක් නැහැ. කිව්ව දේවල් විතරක් කරනවා. තව එකක් තමුසෙගේ යාළුවට කියනවා මගෙ පාර ඉස්සරහට එන්න එපා කියලා. එහෙම නැති වුනෙත් එයාට සෑහෙන්න විදවන්න වෙයි."
අන්තිම ටික සාශු දෙස බලාගෙන කිව්ව කොල්ලා කාමරයෙන් එළියට පැමිණියේ ආයෙම සැරයක් කෙල්ල දෙස බලමින්ම ය.
කෙල්ල කොල්ලා යනතුරුම සිටියේ දෑස් පියාගෙනම ය. කොල්ලා ගිය තත්පරයෙදීම කෙල්ල දෑස් හැර බැලුවද තවමත් ඒ මුවෙහි වූ සුදුමැළි ගතිය නම් මැකී ගොස් තිබුනේ නැත.
"ඒහ් බං ශායල් මොකද බං උනේ?. කොහෙද බං උඹගේ පෝන් එක."
සාශු හරි ඉක්මනට කියවගෙන ගියත් කෙල්ල කළේ මද සිනහවක් පෑම පමණි. ඉතිං ශිලා ඇන්ටි ශායල්ගේ ඇග සෝදවා අත් දිග පිජාමා කමිසයක් සහ දිගු පිජාමා කලිසමක් ඇන්දුවා ය. පසුව සකසා තිබු සුප් බදුන පොවා පැනඩෝල් දෙකක් දුන්නේ ඇයගේ සිරුර තරමක් උණුසුම්ව තිබුණ නිසාම ය.
"නිදා ගන්න මැණිකේ. අපි හෙට උදෙන්ම කතා කරමු."
ශිලා ඇන්ටි ශායල්ට නින්ද යනතුරු හිස අතගාමින් සිටියේ ඇය ගැන උපන් ආදරය නිසාම ය.
කෙල්ල අවදි වන විට උදෑසන නවයත් පසු වී තිබුණි. ඇගේ තෙහෙට්ටුව තිබුනත් කෙල්ල නාන කරයට ගොස් හොදින් නා ගත්තා ය. පසුව සැහැල්ලු කොට කලිසමකට කෙටි ටී ශර්ට් එකක් දමාගෙන පහළට එද්දි සාශු සහ ශිලා ඇන්ටි සෝෆා එකට වී ඉඳගෙන සිටියෝ ය..
කෙල්ල ඇවිත් සාශු සහ ශීලා ඇන්ටි ලඟම ඉද ගත්තේ පෙර දින සිදු වූ සියල්ල පැවසීමට ය. ඉතිං කෙල්ල උදෑසන කාර්යාලයට ගි.ය මොහොතේ සිට කෙල්ලට සිහිය නැති වෙන අවස්ථාව දක්වා සිදුවුන සියළුම දේවල් පැවසුවා ය.
"අයි අයියෝ සාමි... අපි තුන්සිය හැට පස් දවසෙම එළියට ගියත් මෙච්චර කාලයකට වුනේ නැති දේවල් ටිකක්නේ උඹට වෙලා තියෙන්නේ. හැබැයි ශායල් උඹ පේන්ට් උනේ නම් බොරුවට නේද?. අර නහරකාරයාගේ අතින් ගෙදර ඇතුළට එන්න ආස හිතුනවත්ද?."
කෙල්ලට ඒ වෙලාවේ ආයෙම ශීර්ව මතක් උනා. ශීර්ව මතක් වෙද්දී කෙල්ලගේ ඇස් දිලිසෙනවා. මුවට ලස්සනම ලස්සන හිනාවක් එනවා. ඉතිං කෙල්ල ඒ වෙලාවට කරන්නේ සාශුගෙන් ඒ මුව හංග ගන්න එක.
"මම දැක්කා උඹෙ මල් හිනාව. ඔහොම යමුකෝ #යේරා.."
කෙල්ලට සාශු ආදරේට කතා කරන නම. ඉතිං කෙල්ල සාශු දෙස බලාගෙන හිටියා විතරයි.
"ඒයි... සාශු කාර් එක බලන්න ලලිත් අයියාට යන්න කියලා කීවද?."
"ඔව් මම කීවා බං. තව ටිකකින් කතා කරයි අනිවා."
"ඒහ් සුද්දි උඹ අද රෙස්ට් කරපං. මම දැන් යන්න ඕන ඔෆිස් එකට. තේමිය සර් කෝල් බර ගානක් දැනටම ගත්තා."
සාශු එහෙම කියලා හිද සිටි තැනින් නැගිට ගත්තේ කාර්යාලයට යෑමට ය.
විරාමයකට අවසර ⏬⏬
>> මේ කතාව ලියන්නේ - සේයා දිසානායක ❤️
Post a Comment