කිලිටි කෙල්ල - Episode - 04


හතරවන දිගහැරුම

💕
මේ චූටි බේබී.. මේ අපේ සඳුන්යා එහෙම දැක්කද...

ආහ්.. කිලිටි කෙල්ල.. එයා ආවේ පල්ලෙහාට.. ඔය කොහේ හරි ඇති..

එහෙම කියලා ඇය එතනින් මාරුවෙලා ගියේ.. ඇයටත් ඒ වෙද්දී සඳුන්යා උඩ කාමරයේ සිටිනා බව අමතක වී තිබූ බැවිනි.. එවිටම ඇය,, තමන්ගේ ප්ලෑන් එක හිතං හිටියා වගේම දැං දැං ක්රියාත්මක කරන්න නියම වෙලාව බව පසක් කරමින්..
තමන්ගේ යාළුවෙක් වූ රොවේන්ට ඇහැකින් සංඥා කර සිටියේ ඇය උඩ කාමරයේ සිටිනා බවටයි. හොඳ හැටි රට බීම ජාතී පානය කර මත්බවින් සිටී ⁣රොවෙන්.. අඩ සිහියෙන්ම තරප්පුපෙල දිගේ විහන්සාගේ කාමරය වෙත ඇදුනේ තමන්ගේ පහත් ආශාවන් ඉෂ්ඨ කරගන්න නියම අවස්ථාව මේක තමයි කියලා හිතමින්.. ඇගේ රුව කොයි වගේ ඇතිද යනුවෙන් නොයෙකුත් සේයාවන් ඇස් මානයේ සිත්තම් කරමින්ය..

ඒත් සමඟම ඔහු නැවතුනේ ටෙරාන්ගේ හඬටය..

රොවේන්... කොහෙද බං යන්නේ.. මෙහේ වරෙන්.. එහෙම කියමින් ටෙරාන් රොවේන්ගේ කර වටා අතක් යවමින් යලි ඔහුත් සමඟ තරප්පුපෙල දිගේ පහත මාලයට ඇදුනේ ඩ්රින්ග්ස් ගන්නා ස්ථානයටයි.. ඔහුත් රොවේන් සමඟ පැමිණි විහන්සාගේ යහලුවෙකි..

කරන්න ගිය වැඩෙත් ඔහුට අමතක වූයේ ටෙරාන් ඇවිත් ඔහුව බලෙන්ම වගේ එතනින් එක්කන් ගිය බැවිනි..

ඒඅතරේ විහන්සා මේ සියල්ල දෙස බලා සිටියේ මහත් කෝපයෙනි..

ෂිට්.. මේ ටෙරාන් මොන එහෙකට මෙතන මැද්දට පැන්නද.. මෝඩයා.. මගේ හැම වැඩක්ම අවුල් කලා.. තවත් මේ ඩර්ටි ගර්ල්ව මගේ කාමරේ තියා ගන්න බෑ.. කව්රු හරි දැක්කොත් සේරම ඉවරයි.. එහෙම හිතමින්ම ඇය තම කාමරය වෙත යන්න හඳනවත් එක්කම ඇයගේ මඟ හරස් කරමින් එතෙන්ට පැමිණියේ ඇගේ යෙහෙලියක් වූ ටානියාය..

හේයි මේඝා.. කොහෙද බං යන්න හඳන්නේ වරෙංකෝ බං කන්න.. අපිට ඔහොමද සලකන්නේ..

මං.. මේ.. පොඩි වැඩක්..

අනේ ඕවා පස්සේ කරගනින් බං.. එහෙම කියමින් ටානියා ඇයව අතින් ඇදගෙන ගියේ කෑම ගන්නා ස්ථානයටයි.. ඒ යන ගමනුත් ඇය බලන් උන්නේ ඉහත මාලය දෙසයි..

❣️
මේ කෙල්ල කොහාට වුනාද මංදා.. වැඩ එමටයි.. කව්ද දැං මේවා කරන්නේ.. අනේ හැබැටම හොඳට ඇදගත්තාම මේකි හිතුවද දන්නැ මේ ගෙදර ලමා තැනි කියලා.. නොයෙකුත් දේ හිතින් හිතන ගමන් තරහෙන් පුපුර පුපුර මැඟී අම්මා වැඩ ටික කලේ ඇය ඉන්නා තැනක් ගැන ඇස් කරකවමින් ආපු සෙනඟ අස්සෙන් හොරෙන් හොරෙන් යවමින්ය..

ඒ අතරේ මිගාරද ඇයව සොයන්නට පටන් ගත්තේ ගොඩ වෙලාවකින් ඇයගේ සේයාරුවක් වත් අහල පහල නොවූ නිසාවෙනි.. එහෙ මෙහෙ හැමතැනකම ඔහු බැලුවත් සොයා ගැනීමට අපහසු වූ බැවින් අවසානයේ ඇදුනේ පැන්ට්රිය දෙසටයි..

මැඟී අම්මා.. මේ.. මට අර ලමයට කියලා පොඩි වැඩක් කර ගන්න තියෙනවා.. මේ.. මං බැලුවා හැමතැනම එ්ත් පේන්න නැති තැන ආවේ පැන්ට්රියට..මැඟී අම්මා දන්නවද සඳුන්යා කොහෙද ඉන්නේ කියලා..

ඒක තමයි ලොකු බේබී.. මාත් බැලුවේ.. ⁣චූටි බේබීට අන්දවන්න ඕනි කියලා උඩට ගියා ගියාමයි තාම ආවේ නෑ.. චූටි බේබීගෙන් ඇහුවම කිව්වේ නම් පහලට ආවා කියලා.. හැබැයි එහෙම ආවානම් පැන්ට්රියට නෑවිත් ඉන්නෑ ලොකු බේබි..

හරි හරි මං බලන්නම්කෝ.. සමහර විට උඩ ඉන්නවා ඇති.. ඔහු එහෙම කිව්වේ මැඟී අම්මා කලබලවෙයි කියලා සැකයෙනි.. දැං දැං මිගාරටත් බයක් හිතට ආවේ.. ඒ පාර සුද්දි මේ කෙල්ලට මොන කරදරයක් කරලා ඇද්ද කියලා හිතමින්.. අත මිට මොලවාගෙන දත්මිටි කමින්ම ගියේ සුද්දිගේ කාමරය දෙසටයි..

දොර ලඟට ඇවිත් සඳුන්යාට කතා කරලා බැලුවේ ඇය එහි ඉන්නවද කියලයි..

සඳුන්යා.. සඳුන්යා.. ඔයා ඇතුලේ ඉන්නවද..

ඇය ඇතුලේ සිටියත් සද්දයක් නැති වුනේ ඇයට හොඳටම නින්ද ගිහින් තිබුණු නිසයි.. දවස තිස්සෙම වෙහෙසිලා වැඩ කරලා ඇය බාගෙට මැරිලා වගේ හිටිය තැනදී.. පැය පහක විතර ඉදන් ඇය මේ කාමරයේ හිරවෙලා හිටියේ.. ඇයට දන්නෙම නැතිව දොර ලඟ බිම හිඳගෙන සිටි අතරේ එහෙම්ම නින්ද ගිහින්.. ඇතුලෙන් සද්දයක් නැති තැන මිගාර ලොක් එක කරකවලා දොර ඇරියා.. ඒත් එක්කම දැක්කේ බිම හිඳගෙන දොරටම හේත්තු වී සිටින ඒ රුව දෙසයි.. එත් එක්කම ඔහු බයවුනේ.. ඇගේ ඇඳුමේ රතු පාටට තිබෙන නේල් පොලිෂ් ලේ වගේ දකිද්දීය.. ඒත් එක්කම ඇගේ හිස පහලට කඩන් වැටි තිබෙන අයුරු දැක ඔහුගේ ලය එක දිගට බෙරයක් වගේ ශබ්ද නගමින් ගැහෙන්නට පටන් ගත්තේ මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඔහුගෙන්ම අහන ගමන් බියෙනි...

ඒත් එක්කම ඔහු බිමින් හිඳගෙන ඇයගේ සියුමැලි කෝපුල් වලින් අල්ලාගෙන හොලවමින් තට්ටු කරමින් ඇයට කතා කලා..

සඳුන්යා.. සඳුන්යා.. කතාකරන්නකෝ ලමයෝ...

එහෙම කියද්දිම හොදටම නින්ද ගිහින් සිටී සඳුන්යාට අැහැරණේ තම කොපුල් වලට දැනුනු ඒ සීතල පහස නිසයි..

ඒත් එක්කම සඳුන්යා හෙමින් සැරේ දෙනෙත් විවිර කර බැලු තැන දුටුවේ ඒ ආදරණීය මුහුණයි.. ඇය එහෙම්ම ඔහුට තුරුලු වුනේ ඔහුගේ අනවසරයෙනි.. ඇය ඉකිබඳිමින්ම තව තවත් ඒ පපුවට තුරුලු වී සිටියේ එතන ඇති ආරක්ෂාව වෙන කොහෙවත් නැතිබව පසක් කරමිනි.. ඔහුට හිතන්නවත් කාලයක් නැතිව මේ වුන සිද්ධිය ඔහුගේ හිතට එක්කලේ අමුතුම බියකි..

සඳුන්යා ඇයි මැණික මේ.. මොකක්ද සිද්ධ වුනේ.. කෝ මා දිහා බලන්න.. කෝ... කියන්නකෝ ඉතිං මාව බය කරන්නැතිව.. මොකද වුනේ කියලා.. කොහොමද මේ කාමරේ හිරවුනේ.. කව්ද ලොක්කරේ.. ඇයි සුද්දිගේ කාමරේට ආවේ.. මෙච්චර වෙලා කාමරේද හිටියේ. ම්ම්.. එතකොට මේ ඇඳුමේ ලේ ගැවිලා තියෙන්නේ.. කොහොමද..

එවිට ඇයගේ මුවින් සිහින් සිනහවක් නැගුනේ ඒ ලේ නෙවෙයි කියලා සිහිවීමෙනි..

අයියෝ මහත්තයා මේ ලේ නෙවෙයි අප්පා.. අර චූටි බේබී නියපොතු වල ගාන්නේ.. අාන්න ඒවා.. ඇයට හිනහා ගියත් ඒ හිනාව තත්පර අරික්කාලක්වත් ඒ මුවගේ රැදුනේ නැත්තේ ඒත් එක්කම මිගාර අහපු දේ නිසයි..

එහෙමද.. සුද්දි නියපොතු වල ගාන ඒවා ඔයාගේ ඇඳුමට ආවේ කොහොමද..

මේ. මේ.. ඒක.. නිකං හැලුනා මහත්තයෝ..

නිකං හැලුනා.. නිකං හැලෙන්නේ කොහොමද..

නෑ මාත් ටිකක් ගාගන්න ගියේ මහත්තයා.. චූටි බේබී දන්නෙත් නෑ.. ඒක හැලුනා මා අතින්.. පස්සේ හෝද ගන්න ගියා.. එද්දී කව්රු හරි දොර වහලා.. පුරුදු කාරියක් වගේ ඇය කියන බොරු ටික ඔහු අහං හිටියේ.. මේ හැමදෙයක්ම බොරුබව දැන දැනමයි.. බිම බලාගෙනම ගොත ගොත බොරු කියන තාලේ.. ඔහු ඈ දෙස බලං වුන්නේ සිනහවක් මුව අග රන්දාගෙනයි... සුද්දිව බේර ගන්න තමන්වම වැරදිකාරියක් කරගන්න මේ අහිංසකිටනේ මේ සුද්දි මෙච්චර නපුරුකම් කරන්නේ.. ඔහු ඔහුටම කියාගත්තේ සුද්දි ගැන කලකිරීමෙනි..

ඒත් එක්ක ම ඒ කොපුල් ඔහුගේ දෙඅත් අතර රදවාගෙන ඒ දෑස් දෙස බලන් වුන්නේ ඇයවත් අපහසුතාවයට පත් කරවමිනි..

තව කොච්චර බොරු කියනවද සඳුන්යා.. ම්ම්ම්.. එහෙම කියමින් සිනහවන ඒ වත දකිද්දී සඳුන්යාට කියා ගන්න බැරිතරමේ ලොකු ලැජ්ජාවක් ඇති වූයේ කියපු බොරුටික ගඟට කපපු ඉණි වගේ අපතේ ගියා නේද කියලා දැනෙද්දීය..

අනේ නෑ මහත්තයා.. මං ඇත්ත කිව්වේ.. ආයෙම බිම බලාගෙනම ඇය බොරු කීවේ.. ඒ මුහුණ දිහා බලාගෙන බොරු කියන්න තරම් හයියක් ඇයට නොමැති නිසාත්.. විහන්සාට ඇය නිසා අයියාගෙන් වචන අහන්න ඉඩ තියන්න බෑ කියලා දැනෙද්දීය..

ඇය හැමවිටම හිතුවේ විහන්සා තමන්ගේම සහොදරියක ගානටය.. හැම විටම ඇයව බේරා ගන්නට තමන් පිටම වැරැද්ද පටවාගෙන ඒ හැම දෙයක්ම ඉවසාගෙන ඉන්නේ ඇය තමන්ගේම නංගි කෙනෙක් බවට හිතමින්ය.. ඒ මොනදේ කලත් විහන්සා නම් ඇයදෙස අනුකම්පාවෙන් බැලුවේ නැත.. හැම විටම බැලුවේ සඳුන්යාට කරදරයක් කර සතුටු වන්නේ කෙසේද කියායි.. මේ හැම දෙයක්ම දැනගෙන සද්ද නැතිව ඉන්නට තරම් බිය ගුලු හිතක් මිගාරට නොවීය.. ඔහුගේ වතෙහි දැන් ඇත්තේ තරහවෙ රේඛාවන්ය.. එය දකිද්දි සඳුන්යාට ඇති වූයේ තමන් ගැනම තරහකි.. හරියට බොරුවක් වත් කියාගන්න බැරිහැටියක් කියලා ඇය ඇයටම බැනගත්තේ කියපු බොරු ටික බොරු බව මිගාරට තෙරුම් ගිහින් ඇතිබව ඒ මූහුනෙන් දැං දැං පෙනෙන්නට ඇති බැවිනි..

ඒත් එක්කම මිගාර විදුලි වේගයෙන් හිටගත්තේ දෙඅත් මිට මොලවාගෙන ඇස් දෙකත් රතු කරගෙන දත්මිටි කමින් ලොකු තරහකින් හද වත වෙගෙන් සද්ද නගා ගැහැද්දීය.. ඔහු යන්නට සැරසෙද්දී.. ඒත් එක්කම සඳුන්යා ඔහුගේ කකුල් දෙක අල්ලා ගත්තේ ඔහුට යන්න තියා හැරෙන්නවත් බැරි විදියට තදිනි..

සඳුන්යා මොකද මේ මට දැං ගොඩක් කේන්ති ගිහින් ඉන්නේ.. ප්ලීස් මාව තවත් කේන්ති ගස්සන් නැතිව එහාට වෙන්න..

අනේ මහත්තයා මං කියන දේ අහන්න.. දැං ඒ හැම දෙයක්ම අමතක කරන්න.. අනේ කරුණා කරලා මං කියනදේ අහන්නකෝ මහත්තයා...

සඳුන්යා මේ මං දැං එකපාරක් කිව්වනේ.. මගේ කකුල අතහරිනවා.. කිව්වම අහලා එහාට යන්නවා.. මාව තවත් අවුස්සන්නැතිව..

හරි එහෙනම් මහත්තයා යන්න.. ඒත් මහත්තයා චූටි බේබීට එක වචනයක් හරි මේ ගැන කිව්වොත් මං එකමොහොතක් මේ ගෙදර ඉන්නෑ මහත්තයා.. මං කොහේ හරි යනවා.. බිම බලාගෙන මිගාරගෙ කකුල් දෙකත් අල්ලගෙන ඉකිබඳිමින් මහ ලොකු ගෑනියෙක් වගේ සඳුන්යා එහෙම කියද්දි ඔහුගේ ලය පැලී සී සීකඩ විසිරි යනවා වාගේ හැඟීමකින් ඒ හිත රිදුම් දෙන්න පටන් ගත්තේය... ආපු කේන්තියත් නැතිව ගියේ... දූවිල්ලක් වගේ කොහෙන් ගියාද කියලා හොයාගන්නවත් බැරි වන ලෙසටයි..

ඒත් එක්කම බිම ඉඳගෙන හුන් සඳුන්යාව නැකිට්ටවලා.. ඒ දෙවුරසින් අල්ලගෙන ඔහු හඬ අවදි කලා..

ඒ කියන්නේ සඳුන්යාට දැං තනියම ජීවත් වෙන්න පුළුවන් ද.. මාව දාලා උබ කොහේ කියලා යන්නද කෙල්ලේ.. කව්ද උබට ඉන්නේ.. කොහෙද යන්නේ.. ආ..

අනේ මහත්තයා මට කව්රුත් නෑ තමයි.. මාත් යනවා නම් යන්නේ මගේ අම්මා ඉන්න තැනට.. එතකොට මං නිසා කාටවත් කරදරයක් වෙන්නෑනි.. මට පාඩුවේ අම්මත් එක්ක ඉන්න පුළුවන්.. ඒත් එක්කම ඇගේ කම්මුලට මිගාරගේ රළු අතක් පැමිණියේ ලොකු ශබ්දයකුත් පිට කරමින්ය..

ඒත් එක්කම ඇය මැරිච්ච මල කඳක් වගේ බිමට වැටෙද්දී මිගාර ඇයව අල්ලා ගත්තේ වෙව්ලන දෙඅත් වලින් කඳුලු කැට පොඳියක්ද දොරේ ගලද්දිය..

සඳුන්යා.. අනේ කතා කරන්න මැණික.. මට සමාවෙන්න.. මං හිතලා කලේ නෑ දෙයියනේ.. මං.. මං.. කොහොමද මෙහෙම දෙයක් කලේ.. අනේ මට සමාවෙන්න කෙල්ලේ.. මට එහෙම දෙයක් කරන්න ඕනි වුනේ නෑ දෙයියනේ.. මට කේන්තිය පාලනය කර ගන්න බැරි වුනා ඒකයි.. අනේ කතා කරන්නකෝ.. උබ මැරෙන කතා කියද්දි මට මාවම පාලනයක් නැති වුනා.. අනේ ඇස් අරින්න.. මිගාර ඇයගේ කොපුල් වලට තට්ටු කරමින් හිස අතගාමින් නොයෙකුත් දේ කරමින් කොච්චර උත්සාහ කළත් ඇය ඇස් අැරියේ නැති තැන.. ඇයව එහෙම්ම බිමින් තියලා. බෙඩ් කබඩය මත ඇති වතුර ⁣වීදුරුව ගෙන විත් ඇයගේ කොපුල් හරි පරිස්සමට තෙමමින් ඇයට කතා කලා..

අනේ ඇස් අරින්න සඳුන්යා.. මට සමාවෙන්න මැණික.. මගේ අතින් ලොකු වැරැද්දක් වුනේ.. අනේ නැකිටින්න..

එහෙම කියද්දී ඇය හෙමින් හෙමින් ඇස් ඇරලා බලද්දී.. ඇය දැක්කේ හඬමින් බොහොම අසරණ ලිලාවෙන් බලාසිටින ඒ වත දෙසය.. ඇයට එය දකිද්දී තමන් ගැනම
ලොකු කලකිරීමක් ඇති වුනේ.. ඇය තමන්ටම ශාප කරගත්තේ තමන් හිතන් නැතිව කියපු ඒ කට කැඩිච්ච කතාව නිසානේද මේ හැම දෙයක්ම වුනේ කියලා.. ඇය වෙනුවෙන් මෙතරම් දුක්වෙන කෙනෙක් ඉන්නවා නේද කියලා සිහිවෙද්දී ඇය එහෙම්ම නැකිටලා ඒ පපුවට තුරුලු වුනේ කියාගන්න බැරි ආදරයක් ඒ හිතට දැනෙද්දීය..

දෙන්නට දෙන්නාම තම තමන්ගෙන් සමාව ඉල්ලමින් තුරුලුවෙලා ඉකිබඳිමින් ඉන්න අතරේ කාමරයේ දොර අරින ගමන් ඇසුනු කටහඬට දෙදෙනාම ගැස්සී ඈත් මෑත් වූයේ විදුලි වේගයෙනි..

💕
ඊළඟ කොටසින් හමුවෙමු..



>> මේ කතාව ලියන්නේ - වත්සලා ජයවර්ධන අක්කා ❤️

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget