කෙල්ල එතන තිබුන කොන්ක්රීට් බෙන්ච් එකේ ඉද ගත්තේ මෙතෙක් වෙලා කෙල්ලගේ හිතට දැනුන සැනසීම එක වරම අතුරු දහන්ව ගිය නිසාම ය. නැගෙන බැස යන රළ වලින් දෑස් ඉවතට ගෙන සිටි කෙල්ල බලාගෙන සිටියේ වෙනත් ඉසව්වක් දෙස ය.
ඇයට පිටුපා තවත් කොල්ලෙක්ගේ කරට අතක් දමාගෙන මොනවා හෝ කියවමින් සිනහා වෙමින් ඈතට යන කෙල්ලගේ හද ගැස්ම මොහොතකට නතර කළ ඒ පිරිමි රුව දෙස කෙල්ල බලාගෙන හිටියේ ඒ රුව ඈත තිතක්ව ඇදි කෙල්ලට නොපෙනී යන තුරුම ය.
"අැන්තී.."
කෙල්ල අැයට පිටුපාලා ඈතින් ඈතට ඇදෙන ඒ රුවෙන් ඇස් ඉවතට ගත්තේ පුංචි රෝස පාට බොල ගෙඩියක් වගේ කොල්ලෙක් ඇවිත් කෙල්ල ලඟ ඉඳ ගත්ත නිසා.
"මොකද පොඩ්ඩෝ..."
කෙල්ල ලඟ ඉදගෙන හිටිය පොඩි කොල්ලව උස්සලා අරගෙන කෙල්ලගේ කකුල් උඩ තියා ගන්න ගමන් කතා කරලා අැහුවා.
"අල...අපේ අම්මි ඉන්නේ.. ඔයා දල්ලවද අනේ එයාව.."
"ම්ම්... නැහැනේ පුතු."
"එයා මත අයික්කීම් අලගෙන එන්නම් කීලා ගියා අනේ. මට තදී බබා එක්ක තෙල්ලම් කරන්න කීලා. ඒත් තදී බබාගේ තාත්ති ඇවිත් එයාව එක්කලගෙන ගියානේ. අම්මි එනකල් මම මෙතන ඉන්නද අැන්තී. ඔයත් තනියමනේ."
"හා පුතු.."
කෙල්ල ඒ හිස සිඹිමින් පැවසුවා ය.
කෙල්ලගේ උකුලෙහි හිඳගෙන හිදින රෝස බෝලේ කෙල්ල දෙස ඇස් ලොකු කරගෙන බලාගෙන සිටියි. කෙල්ලත් ඔහු දෙසම බලාගෙන සිටියා ය. පසුව ඔහු කෙල්ලගේ මුහුණ මත ඒ සුසිනිදු දෑතකින් අත ගෑවේ ය. පසුව ඔහු ඒ අත්ල දෙස බලාගෙන සිටියේ ය.
"ඇන්ති.. ඔයා ගාන්නේ නැතිද ඒවා.."
"මොනවද බබා.."
"අල එක එක පාත ඒවා මුණේ. අපේ අම්මි ගාන ඒවා. ලත්තන වෙන්න."
ඔහු මේ කියන්නේ මේක් අප් කිරීම ගැන බව කෙල්ලට හොදින් තේරුම් ගියා ය. රෝස බෝලෙගේ පණිඩිත කතාවට කෙල්ලගේ මුවඟට මද සිනහවක් නැගුනද කෙල්ල ඔහුට කතා කළා ය.
"නැහැනේ පුතු."
"ඒකනේ.. ඇන්ති ඒවා ගෑවෙ නැති වුනාට ඔයා අපේ අම්මිට වඩා ලත්තනයි අනේ. හලියට අල ටීවි එකේ ඉන්න සින්දූල් අක්කි වගේ."
පුංචි එකා කට හද හද පවසයි.
"අනේ අනේ පණිඩිත කතාව."
කෙල්ල ඒ රෝස කොපුලක් මත මගේ තොල් තද කරමින් පැවසුවා ය.
"ඇන්ති මයි නේම්... සිතාල් අභීව්. ඇන්තිගේ නේම්."
"ඩියේරා ශායල්.."
"දියේලා තායල් වාව්...නයිත් නේම් ඇන්ති.. අපේ අම්මි දිල්තා නන්දිතා,තාත්ති නේහාල් කුයාම..."
ඒ නම් ඇසූ මෙහොතේ නම් කෙල්ල කෙල්ලගේ සිනහව පාලනය කර ගත්තේ බොහෝ වෑයමක් දරා ය.
"ඇන්ති අල ඈතින් එන්නේ මගේ අම්මි."
ශායල් ඔහු පෙන්වූ දෙස බැලුවා ය. කෙල්ලගේ වයසට සමාන වයසක් ඇති යැයි පැවසිය හැකි තරුණියක් අයිස්ක්රීම් කෝන් දෙකක් රැගෙන තරමක් ඈතින් එනවා වගේ ඇය දුටුවා ය..
"අල බවුන් කලර් හෙයා තීන කෙනා. ඒ මගේ අම්මි. අම්මි... අම්මි.. මම මෙහේ. එන්න එන්න මේ ලත්තන ඇන්ති ලඟත ඔයත්..."
කෙල්ලගේ උකුලට වෙලා කියවා කියවා හිටිය රෝස බෝලේ කෑ ගහන්න ගත්තේ ය.
"තැන්ක් යු ඇන්ති. අම්මි ඇහුවොත් කියන්න මම දඟ බබෙක් නෙවෙයි කීලා. තේලුනා නේද?."
"සිතු.. මම කිව්ව තැනද දැන් ඔයා ඉන්නේ."
"අල තදීගේ තාත්ති තදීව එක්කලගෙන ගියානේ අම්මි. මම මේ ඇන්ති එක්ක හිතියේ. අම්මිගේ දඟ බෝලේ දඟ කළේ නැහැ අම්මි. ගෝඩ් පොමිත්.."
කොල්ලා අන්තිම ටික කීවේ එක අතකින් උගුර අල්ලගෙන. කෙල්ල ඇත්තටම ඔහු දෙස බලාගෙන හිදිද්දි මීට විනාඩි දහයකට පමණ කලින් සිදුවුන සියළුම දේවල් හිතින් අමතකව ගොස් තිබුණි. ඒ තරමට ඒ හිනාව හරි අව්යාජය. ඒ වගේම ඒ කතාව හරි හුරතල් ය. ඒ නිසාම කෙල්ල ඒ සුදුම සුදු හුරතල් මුහුණ දෙස ටික වෙලාවක් බලාගෙන සිටියා ය.
"තැන්ක් යු මිස්. මෙයාගේ යාළුවගේ තාත්ති හැමදාම එහෙමයි. මට කියන්නෙත් නැතිව වෙලාවකට දෙන්නවම එක්කගෙන යනවා. බබා මිස්ට කරදර කළා නම් සොරි."
"නැහැ නැහැ.. එයා මට කරදර කළේ නම් නැහැ."
"ඇන්ති එනවද යන්න අපේ ගෙදර.."
කොල්ලා තවම මගේ උකුලේ හිටියේ. උකුලට වෙලා සැපට ඉදගෙන කකුල් දෙකත් හොල්ලා හොල්ලා අයිස්ක්රීම් කෝන් දෙකක් අත් දෙකේම තබාගෙන අයිස්ක්රීම් කන ගමන් මට කියනවා.
"ම්ම්.. ඇන්ටි වැඩට යන්න ඕනනේ බබා.."
කෙල්ල එහෙම කීවේ ඒ නිවසට යෑමට වැඩි කැමැත්තක් නොතිබුණු නිසාම ය.
"අම්මි අනේ ලත්තන ඇන්තිව ගෙදර එක්කගෙන යමුකෝ. බබාත කවුලුත් සෙල්ලම් කලන්නත් නෑ.."
පොඩි එකා දුක හිතෙන මුහුණක් හදාගෙන කියනවා.
"මිස් මෙතන ඉඳලා ටුවෙන්ටි මිනිට්ස් වලින් අපේ ගෙදරට යන්න පුළුවන්. යමුද?. නැතිනම් අද මෙයාගෙන් බේරෙනවා බොරු."
බබාගේ අම්මා මද සිනාවකින් යුතුව එහෙම කියද්දි කෙල්ල නිරුත්තර උනා. කෙල්ල මේ විලස එළියට ආව දිනයක් කෙල්ලගේ මතකයේ කොහෙවත් නැහැ. ඉතිං එහෙම එළියට ආව පළමු දිනයෙම මෙහෙම දෙයක් වෙයි කියලා කෙල්ල හිතුවේ නැහැ. ඒ නිසා කෙල්ල කල්පනා කරන්න ගත්තා.
"අනේ ඇන්ති ඔයා එන්නම ඕන... ඔයා ආවොත් ඔයාට මම අසම රිමොත් කාල් එක දෙනවා."
ඉතිං කෙල්ල එහි යෑමට තීරණය කරගෙනම රෝස බෝලේගේ අතින් අල්ලගෙන හිඳ සිටි තැනින් නැගිට්ටා ය.
"යේහ්... අම්මි ලත්තන ඇන්ති එනවා.. අම්මි... අම්මි... කාල් එක කෝද?."
රෝස බෝලේ කෙල්ලගේ අතේ එල්ලිලා උඩ පනින ගමන් අහනවා.
"අම්මිට ඒක තවම හදා ගන්න බැරි උනා බබා."
"අයියෝ අම්මි.. ඒකවත් ඔයාත බැලිද අනේ?. ලත්තන ඇන්තිව කොහොමද දැන් අපි ගෙදල අලං යන්නේ."
"අපි කාර් එකකට එන්න කියමු."
"ඕන නැහැ. මගේ වෙහිකල් එක තියෙනවා. ඒකේ යමු. කෙල්ල ඇයට සිනා මුසුව පැවසුවෙමි."
වෙලාව කොතරම් ගෙවුනාද කියා කෙල්ලට ගාණක් වත් නැත. බිල්ඩින් බොක්ස් ගොඩකට යටවුනු කෙල්ල සහ රෝස බෝලේ බොහෝ වෙලාවක් සෙල්ලම් කරමින් සිටියහ. ඇය සිටියේ බොහේ සතුටිනි. කලාන්තරයකට පසුව කෙල්ල හදවතින්ම සිනහ වන්නී ය.
"අක්කි..."
රෝස බෝලේගේ අම්මි ඇවිත් කෙල්ලට කතා කළා.
"නංගි.."
කෙල්ල පොඩ්ඩත් එක්ක ක්ලේ වලින් එක එක රූප හදමින සිටියේ. ඉතිං කෙල්ල රෝස බෝලෙගේ අම්මිට කතා කළා.
"කෑම කමුද?. මම ඉක්මනට උයලා ගත්තා."
ඇය සිනහ වෙමින්ම පැවසුවා ය.
අවසානයේ කෙල්ල නිවසට ගියේ රාත්රිය උදා වෙද්දිම වගේ ය.
"ඇන්ති ඉත්කූල් නැති දවසක මම එන්නම්කෝ ඔයාගේ ගෙදර. එද්දි මේ බිල්දින් බොත්ක් ඔක්කොම තික මම අලගෙන එන්නම්. ඔයත් එක්ක තෙල්ලම් කලන්න."
රෝස බෝලේ කෙල්ලගේ කකුලක් බදාගෙන කියනවා. කෙල්ල ඒ රෝස කොපුලක් සිපගෙන මෝටර් රථයට ගොඩ වුනේ බබාගේ අම්මිගෙන් සමුගෙනමය.
♥️♟️♟️♟️♟️♟️♟️♟️♟️♥️
කෙල්ල හිතෙන් රෝස බෝලේ සමඟ ගෙවනු ඒ පැය කිහිපය ගැන හිතමින් රථය හැසිරුවා ය. ඒත් එක වරම අතුරු මාර්ගයකින් ඩිෆෙන්ඩර් රථයක් මාර්ගයට අවතීර්ණ කළ නිසා කෙල්ලගේ මෝටර් රථය කෙල්ලට පාලනය කර ගැනීමට බැරි වී අසල තිබු තාප්පයෙහි ගැටුණි. ඒ රථයද මාර්ගයෙහි මැදම නතර කර එක රුවක් රථයෙන් බැස්සේ ය. කෙල්ල ඒ වන විටත් හිටියේ කෙල්ලගේ රථය වැදුනු තාප්පය ලඟ හිදගෙන රථයට කුමක් සිදු වී ඇති දැයි බලමින්ම ය.
"ඒයි මොකද අයිසේ වෙලා තියෙන්නේ. සිහියෙන් වාහනේ අරගෙන යනවා."
ඒ හඩ වේගවත් ය. ඒත් ඒ හඩ අසා පුරුදු ය. ඉතිං කෙල්ල මුව ඔසවා ඒ දෙස බැලුවේ ඒ ඔහුමද කියා සැක හැර දැන ගැනීමට ය. ඒ ඔහු ය. ඉතිං කෙල්ලගේ මුව ඒ තත්පරයෙම බිමට නැඹුරු විය.
සැහ්.. මේ යකා. දන්න කියන එකෙක් නම් කොහිල කටු මාලුවක් හදලා දෙන්න තිබුනා ශිලා ඇන්ටිට කියලා.
කෙල්ලගේ හිත කෙල්ල සමඟ දොඩමළු වෙද්දී කෙල්ල නැගිට ගත්තේ තවත් මෙතන හිදීමෙන් පලක් නොමැති නිසාම ය. වාහනයෙහි පැත්තක් යන්තම් සීරී ගොස් තිබුණි. වැඩි ඩැමේජ් නැති නිසා කෙල්ල වාහනය රැගෙන නිවසට යෑමට හිතුවා ය.
"ආහ්... මේ තමුසෙනේ... තමුසේ මාව ෆලෝ කරනවද ඕයි.?."
කොල්ලා එලෙස අසද්දි නම් කෙල්ලට තරමක් කේන්ති ගියා ය. කෙල්ල කොල්ලව දුටුවේත් අදම ය. ඉතිං කොල්ලා ගැන කෙල්ල මොනවා හොයන්නද?.
"ඒහ්... මිස්ටර්.. මට පිස්සුවක් නැහැ තමුන් වගේ කුකුළෙක්ව ෆලෝ කරන්න."
කෙල්ල කේනිතියෙන් වගේ පැවසුවා ය.
"මොකක්... කුකුලා.. ඒ කතාවට නම් තමුසෙට විදවන්න වෙයි."
"ඒක තමයි මටත් බය."
කෙල්ලත් නතරවන පාටක් නැත.
"අයිසේ කට ගහගෙන එන්න එපා මේ #ශීර් එක්ක. තේරුනාද?."
"ඇයි තමුසේ මට මොනවා කරන්නද?."
"දන්න එකෙක්ගේ අහ ගන්නවා ශීර් කියන්නේ කවුද කියලා. ඒ කරලා එනවා කට ගහගෙන."
"තමුසේ කවුරු උනත් මට මොකද හලෝ. අයින් වෙනවා මගේ පාරෙන්."
අද උදෑසන ඔහු කෙල්ලට පැවසු දෙය දැන් කෙල්ල දැන් ඔහුට පවසමින් හිදියි.
"තමුසෙගේ කට නම් හොදටම වැඩියි. බලා ගන්නවා තමුසෙට මම කරන් දේ."
"මම මේ... බයවෙලා මේ බිත්තර කට්ටක් හොයනවා."
කෙල්ල කියද්දි කොල්ලා කට ඇරගෙන කෙල්ල දෙස බලාගෙන ඉන්නවා.
"ඒ මොකටද?."
"තමුසෙට බයේ හැංගෙන්න."
"තොගේ කට වැඩියි ගෑනියේ."
"ගෑනි ගෑනි ගාන්නේ මොකටද මනුස්සයෝ. මගේ නම ශායල්."
"හරි හරි මොකී උනත් කමක් නැහැ. කතා කරන්න ඉගෙන ගන්නවා."
කොල්ලා කෑ ගැසුවේ ය. ඒත් ඒ දෙදෙනාගේ රණ්ඩුව තවත් දුරකට යෑමට ගෙන යා නොහැකි වුනේ මෙතෙක් වෙලා කළු කර තිබු අහස එක වරම හයියෙන් හඬන්නට පටන් ගත් නිසාම ය. කෙල්ලගේ ඔෆිස් අැදුම් තෙත බරිත කරන්න තත්පර කිහිපයකදි ඒ වැස්සට හැකි විය.
"ඕහ්.. ශිට් මේ වැස්ස."
කොල්ලා අත්දෙකෙන්ම තමන්ගේ හිස කෙස් අදිමින්ම පැවසුවේ ය.
කෙල්ල ඉක්මනට මෝටර් රථයට ගොඩ වුනද ඒ වන විට කෙල්ල වැස්සට හොදටම තෙමි සිටියා ය. වැහි කළුවරත් එක්ක රාත්රි කළුවරත් එකතු වී මුළු කොළඹ පුරවරයම දැඩි අදුරකින් වැසි යද්දි කෙල්ල මෝටර් රථය ස්ටාර්ට් කිරීමට උත්සහ කළේ ශීර්ටත් හිතෙන් බැන බැනම ය. ඔහුගේ නොසැලකිලිමත් බව නිසා මෙය සිදු වූ බව කෙල්ල හොදින්ම දනියි. ඒත් ශීර් එය පිළිගැනීමට තබා කතා කිරීමටද ඉඩක් නොදෙන බව ඇය දනියි.
තද වැස්සෙම කෙල්ලගේ ශටර් එකකට ශීර් ගසන්නට වූ නිසා කෙල්ල ආයෙමත් රථයෙන් බැස්සේ කේනිතියෙනි.
"තමුසෙගේ කාර් එකේ ලයිට් වැඩ කරන්නේ නැහැ. දැන් මේ තරම් වෙලාවක් ඒවා හොදට වැඩ කලා. තමුසේ මොනවා හරි කළාද ඔය මඟුල අස්සට නැගලා. තමුසේ කොහෙ හරි ගිහින් අැන ගන්න කලින් ඔන්න මම කීවා. මම ගියා එහෙම නම්."
සමච්චලයට වගේ කියපු කොල්ලා මාර්ගයේ මැද්දටම වන්නට නතර කර තිබුණ ජීප් එක ලඟට ගියේ කෙල්ල දෙස බලන්නෙවත් නැතිව ය.
කෙල්ල මහ වැස්සේ තෙමි තෙමීම පාර අයිනෙහි තිබුන කෙල්ලගේ කාර් එකට හේත්තු වෙලා කෙල්ලට පිටුපා යන ඒ නපුරු අඩම්බරකාරයාගේ රුව දෙස බලාගෙන හිටියේ දුකක් මිශ්ර කේනිතියක් හිත පුරාවටම කීරි ගසමින් තිබියදී ය.
විරාමයකට අවසර ♥️♥️♥️
ශායල් කොහොමත් නපුරුයි... ශීර් ඊටත් වඩා නපුරුයි හරිද බබලා.
>> මේ කතාව ලියන්නේ - සේයා දිසානායක ❤️
Post a Comment