කිලිටි කෙල්ල - Episode - 07


හත්වන දිගහැරුම

💕
රොවේන් මං ගිහින් චේන්ජ් කරං එන්නම් ඔයා මෙහෙන් ඉන්න...

එහෙම කියලා විහන්සා තමන්ගේ කාමරයට යන්න සැරසෙද්දී දැක්කේ සඳුන්යා තමන්ගේ කාමරයේ අස්කරමින් ඉන්න තාලේ.. ඒක දැකපු විහන්සා බැලුවේ වෙන කව්ද ගෙදර ඉන්නේ කියලයි.. ඒ බලද්දී ගෙදර කව්රුත් නෑ කියලා දැනගත්ත විහන්සා.. කෙලින්ම ගිහින් රොවේන්ට කිව්වේ අන්න සඳුන්යා මගේ කාමරේ ඉන්නවා කියලයි.. හරි ලොකු හපං කමක් කලාවගේ හැඟීමකින් ඇය සතුටු වෙද්දී.. රොවේන් තමන්ට පලිගන්න මේක තමයි හොඳම අවස්ථාව කියලා හිතලා විහන්සාගේ කාමරෙට ගිහින් දොර වහගත්තා.. කලින් දවසේ අයියාගෙන් රොවෙන් ගුටි කාපු වගක්වත් නොදන්න විහන්සා දොර ලඟට වෙලා බලා ඉදියේ කවුරුහරි එයිද කියලා...

මහත්තයා මෙහේ.. ඇයි දොර වැහුවේ... මහත්තයා කරුණාකරල දොර අරින්න.. අනේ චූටි බේබී ඔයා ආවද...

මේ කෑ ගහන්න එපා කෙල්ලේ ගෙදර කව්රුත් නෑ.. ම්ම්ම් දැං ඔයා කොච්චර කෑගැහුවත් ඔයාව බේර ගන්න කව්රුත්ම එන්නෑ.. ඒ නිසා කෑගහන්නැතිව මං කියනවිදියට ඉන්න.. ඕකේ..

අනේ මහත්තයාට පිස්සු ද.. එන්න එපා ලඟට..

සඳුන්යා අතේ තියෙන කොස්ස අමෝරාගෙන කිව්වේ ආවෝත් කොස්සෙන් ගහනවා කියලා.. ඒත් ඇයට එච්චර දෙයක් කරන්න තරම් හයියක් තිබුන්නෑ.. එතරම්ම ඇය බයවෙලයි හිටියේ.. දෙනෙත් වලින් කඳුලු කැට දොරේ ගලද්දි.. එතනින් ගැලවිලා යන්න ක්රමයක් නැතිව වට පිට බැලුවේ මුළු ගතම හීන් දාඩිය දාලා වෙව්ලද්දීයි... එදා සඳකැලුම් අයියාගෙන් බේරිලා යන්න කුස්සියේ දොර තිබුණට මෙතනින් ගැලවිලා යන්න හිතන තරම් ලෙහෙසී නෑ කියලා දැනෙද්දී.. ඇය නිකම්ම දුර්වල වුනා.. අතේ තිබුනු කොස්සත් හිතපුවත් නැති විදියට රොවෙන්ගේ අතට නතුකරගත් රොවේන්.. ඒක පැත්තකට විසිකරලා ඇයව ඇදලා අරං යහන මතට තල්ලුකලා.. රොවේන් එ් ක්ෂණයෙන්ම ඔහුගේ ටී ෂර්ටය ගලවා විසිකරලා ඇදසිටි ඩෙනිමේ බෙල්ටයද බොත්තම් ද ගලවා දමා යහන මත හඬමින් සිටින සඳුන්යාව මෘර්ගයෙක්වගේ තමන්ගේ ඇඟට යටකරගත්තේ කාමයේ වියරුවෙනි..

💕
ඒ අතරේ විහන්සා කල්පනා කලේ තමන් කරපු කැත වැඩේ තියෙන බරපතල කම ගැනයි.. ඇය හිතන්නැතිව කල දෙයින් ඇයටම අවසානයේ විදවන්නවෙයිද කියලා හිතපු ඇය දොරට ගහලා සැල කරහිටියේ ලොකු අයියා ආ වගයි.. එහෙම කියද්දීත් රොවේන්ගෙන් කිසි ප්රතිචාරයක් නැති තැනදී ඇය කල බලවූයේ සඳුන්යාට කරදරයක් වත් වෙලාද කියලයි.. ලොකු අයියා දැනගත්තෝත් තමන්ට විසුමක් වෙන්නෑ කියලා දැනුනු විහන්සා පුළුවන් හැමවිදියටම දොරේ ලොක් එක කඩන්න වෙහෙසුනා.. අතට අහුවෙන හැම එක්කින්ම ගහලා ගහලා අන්තිමට දො⁣රේ ලොක් එක කඩපු විහන්සා දොර ඇරගෙන ඇතුලට යද්දී දැක්කේ රොවේන්ගේ ඇගඩ යටවී අසරණවී සිටින සඳුන්යාවයි.. මේ හැමදෙයකටම වගකියන්න ඕනි තමන් බව දැනුනු විහන්සා රොවේන්ව ඇය මතින් ඉවත් කිරීමට කෑගැසුවද වියරුවෙන් වගේ හිටිය රොවේන් තමන්ගේ අභිමතාර්ථය ඉෂ්ට කරගැනීමට හිතුවා මිසක වෙනත් දෙයකට ඇහුම්කන් දෙන්නවත් ඒ පැත්ත හැරිලාවත් බැලුවේ නැත.. බලා ඉන්න බැරිම තැන රොවේන්ට පුලුවන් විදියට තඩිබෑව විහන්සා ඔහුගේ පා පහරකින් විසි වෙලා ගිහින් නතරවුනේ
බිත්තියේ වැදිලයි.. අමාරුවෙන්ම නැකිටගත්ත විහන්සා දැක්කේ බෙඩ් කබඩය මත අති ඇපල් බන්දේසියේ වූ පිහියයි.. දෙපාරක් නොසිතා එය අතට ගත් විහන්සා වියරුවෙන් වගේ රොවේන්ගේ පිටට ඇනගෙ ඇනගෙන ගියේ තමන්ව තල්ලු කරපු වේදනාවටත් සඳුන්යාව බේරාගැනීමට වෙන විකල්පයක් නැති තැනදීයි.. ක්ෂණයෙන් මුලු යහනම ලේ විලක් බවට පත් වෙද්දී.. එහෙම්ම ඒ යකඩ දේහය සඳුන්යාගේ මතින් ඉවත් කරපු විහන්සා ඇයව නැකිට්ටවලා හඬන්නට පටන්ගත්තේ වුන සියල්ලටම ඇයම වැරදීකාරයා බවට පවසමිනි..

අනේ සඳුන්යා මට සමාවෙන්න සඳුන්යා... මේ හැමදෙයක්ම මමයි කලේ.. අනේ මට සමාවෙන්න.. අයියා දැනගත්තෝත් මාව නොමරා මරයි දෙයියනේ.. අනේ සඳුන්යා මේ මිනිහා මැරිලවත්ද.. අනේ දැං අපි මොකද කරන්නේ.. ඇය හඬමින්ම සඳුන්යාට තුරුලු වී කිව්වේ පොඩි දරුවෙක් වගේ..

තමන්ගේම නංගි කෙනෙක් වගේ හැඟීමකින් ඇයව තුරුලු කරන් ඉන්න සඳුන්යා වෙච්ච දේවල් ගැන හිතා ගන්න බැරුව කල්පනා කරන්න ගත්තේ ඇයිද මේ විදියට දෙවියෝ තමන්ට දඬුවම් කරන්නේ කියලයි.. අැයත් හඬමින්ම හතුවේ මේ මිනිහා මැරිලානම් විහන්සව බේර ගන්නේ කොහොමද කියලයි.. එහෙම හිතමින් ඉන්න අතරේ ඇය හඬ අවදිකලා..

චූටි බේබී අහන්න.. මෙතන වුන කිසිම දෙයක් කාටවත් කියන්න එපා හරිද.. අපි පුළුවන් තරම් ඉක්මනට මේ මනුස්සයාව හොස්පිටල් ගෙනියමු..

හරි සඳුන්යා මං කාර් එක ඉස්සරහට අරං එන්නම්.. එහෙම කියලා විහන්සා හඬමින්ම දිව්වේ කාර් එක ලඟටයි.. ඉක්මණින්ම කාර්එකට නැග ගත් විහන්සා ඒක ගේ ඉස්සරහටම අරං ඇවිත් සඳුන්යා හා එක්ව මහත් වෑයමක් දරමින් රොවේන්ව උස්සන් ඇවිත් කාර් එකට දාගත්තා.. පිටුපස ශීට් එකේ හිඳගත් සඳුන්යා රොවේන්ගේ හිස ඔඩොක්කුවෙන් තියාගෙන ඔහුට කතා කලේ පන තියේද බලන්නයි...

රොවේන් මහත්තයා.. අනේ කතා කරන්නකෝ.. රොවේන් මහත්තයා..

සඳුන්යා රොවේන් කතා කරනවද.. අනේ එයා මැරිලද සඳුන්යා..

අනේ මං දන්නැ චූටි බේබී.. රොවේන් මහත්තයා කතා කරන්නෑ.. චුටී බේබී බයනැතුව ඉන්නකෝ.. දැං ඉස්සරහ බලාගෙන පරිස්සමින් එලවන්නකෝ..

අනේ මට බයයි සඳුන්යා..

අනේ කිව්වම අහලා බය නැතුව ඉන්නකෝ චූටි බේබී.. මාත් ඉන්නවනේ.. චුටී බේබීට කරදරයක් වෙන්න මං ඉඩ තියන්නැ.. බය නොවී ඉන්නකෝ..

සඳුන්යා එහෙම කියද්දී විහන්සාට තවත් හැඬුම් එළියට පැන්නේ තමන් මෙච්චර හරියක් ඇයට කරලත් ඇය තමන්ට කතා කරන විදිය සිහිවීමෙනි... ඇයගේ අහිංසක හිත තමන්ට තේරුම් ගන්න බැරුව කරපු දේවල් ගැන දං ඇයම පසුතැවෙනවා.... හිතුවටත් වඩා වේගයෙන් විහන්සා කාර් එක ඩ්රයිව් කල නිසාම ඉක්මනින්ම ලඟම ඇති පෞද්ගලික රෝහලවෙත ලඟාවීමට හැකිවුනා.. රෝහල් කාර්යමණ්ඩලයේ දායකත්වයෙන් රොවේන්ව ඉක්මනින්ම අයිසීයූ එකවෙත රැගෙන ගියා.. ඒ අතරේ මේක පිහි ඇනුමක් නිසා පොලිස් නිලධාරියෙක් ඇවිත් ප්රශ්න කරන්න පටන් ගත්තා.. දෙන්නම තිගැස්සී ගියේ ඔහු අහපු ප්රශ්නවලටයි..

කොහොමද මේ පිහිඇනුම සිද්ධ වුනේ.. කව්ද ඒ වෙලාවේ ඒ සිද්ධිය දැක්කේ.. මොකක්ද හේතුව.. පොලිස් නිලධාරියා නොයෙකුත් ප්රශ්න එකදිගට විමසද්දී.. විහන්සා හා සඳුන්යා මුහුණට මුහුණ බලාහිටියේ කොහොමද මේ ප්රශ්න වලට උත්තර දෙන්නේ කියලයි..

සඳුන්යා දන්නවා සිදුවූ සියල්ල එලෙසින්ම කියන්නට ගියෝතින් චූටි බේබීගේ ජීවිතේ අනතුරේ කියලා.. චූටි බේබී වෙනුවෙන් හඬන්නට වැලපෙන්නට අයියලා අම්මා තාත්තා යාලුවෝ කට්ටිය ගොඩක් ඉන්නවා නේද කියලා හිතෙද්දී... තමා වෙනුවෙන් වැලපෙන්න දුක්වෙන්න කව්රුත්ම නෑ නේද කියලා හිතේදී.. ..ඇය දෙපාරක් හිතන්නැතිවම හඬ අවදිකලේ ඒක කිව්වම තමන්ට අත්වන ඉරණම ගැනද ඇය හොඳින්ම තේරුම් අරගෙනයි..

සර් මං තමයි ඒ මහත්තයාට පිහියෙන් ඇන්නේ..

ඇය හඬමින් ම කියලා දැම්මේ පෙරදා තමන් මිගාර මහත්තයා සමඟ කතා කල දේවල් ද එකින් එකට ඇස්මානයේ සිත්තම් වෙද්දී..ඒ හැමදෙයක්ම දැං බොඳවුනු සිහිනයක් වී හමාර බව පසක්කරමිනි.... ඇය හිත හයිය කරගත්තේ ඇය උපතින්ම කරුමක්කාර කෙල්ලෙක් කියලා හිතමින් තමන්ට කවදාවත් සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න තරම් මේ ලෝකේ වාසනාවක් ඇයට උරුම නැති බවට හිතමිනි..

කෙල්ල පුංචි කාලේ හිටම්ම හිතුවේ අනුන් ගැන.. ඇය ගෙදර ඉන්න කාලේදී පුළුවන් හැමවිදියකින්ම අම්මට උදව්කලා.. අත්තම්මව ආදරෙන් බලාගත්තා.. අම්මා හැමදාම මල් විකුනන්න ගියාම ඇය පාසල් ඇරි ගෙදර ආ විගසම රෑටත් එක්ක මොනවහරි තියෙන දෙයක් උයලා දුවන්නේ මල් විකුනන තැනට අම්මට උදව් වෙන්න.. අම්මා ගෙදර එන්නේ උගුර රත්වෙන කම් කෑගහලා හිටගෙන ඉදලා බොහොම තෙහෙට්ටුවෙන් කියලා ඇය දන්නවා.. ඒක ඇයට හොදින්ම තේරෙන නිසයි ඇය අම්මට උදව් කලේ..එහෙම කරපු එකේ අගේ තමයි එදා කව්රුවත් ම ඇගේ ලඟ නැතිවුනත් අත්තම්මවත් බලාගෙන මල් විකුනලා ජීවත්වෙන්න ඒ පන්නරය ලැබුනා ඇයට.. අදටත් ඇය එහෙමයි.. තමන්ගේ සතුටට වඩා හිතන්නේ වටේ ඉන්න තමන්ගේ හිතවත් පිරිසගේ සතුටයි.. විහන්සා තමන්ට කරන්න පුළුවන් උපරිම වැරැද්දත් කරලා තියෙද්දී ඇයඒ කිසිම දෙයක් සතේකටවත් මායිම් නොකර විහන්සාගේ ජීවිතේ බේර ගන්න තමන්ගෙම ජිවිතේ බිල්ලට තියනවා.. සඳුන්යා හිතන්නේ සඳුන්යා මේ මහපොලොවටත් බරක් කියලා.. ඒ බර නිදහස් කරගන්න මෙහෙම දෙයක්වත් කලාට කමන්නෑ කියලයි ඇය හිතන්නේ...

ඒ අතරේ විහන්සා කල්පනා කලේ මේ මොකක්ද මේ සඳුන්යා කරන්න හදන්නේ කියලයි.. තමන්ගේ වරද ඈ පිට පටව ගෙන ඇය වැරදිකාරියක් වෙලා මාව බේරන්න තරම් එච්චරටම හොඳ හිතක් මේ කෙල්ලට තියෙද්දී.. මං මෙහෙම කිසිම දෙයක් නොකර සද්ද නැතුව හිටියොත් දෙවියොවත් මට සමාවක් නම් දෙන එකක් නැතිවෙයි.. කියලා හිතපු විහන්සා ෆෝන් එක අරගෙන කෙලින්ම කතා කලේ මිගාරටයි...

💕
මිගාර අමතක වුනු ෆයිල් වගයක් ගන්නගෙදර එද්දී දැක්කේ ඉස්සරහදොර හායි කියලා ඇරලා තියෙනවගයි.. ඒක එච්චරටම ගනන්නොගත් මිගාර ටික ටික ආලින්දය වෙතට එද්දී දැක්කේ සුදු පැහැති ටයිල් පොලොවමත ඇති රොවේන්ගේ රුධිර සලකුණුවල පාරවල්ය.. ඒ දැකපු මිගාර කලබල වුනේ මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලායි.. බයවෙච්ච පාර කෑගහගෙන ගේ වටේම දිව්වේ ගෙදර කව්දඉන්නේ බලන්නයි.. ඒ අතරේ පැන්ට්රිය දෙසට දුවලා බැලුවේ කෙල්ල කොහෙද කියලයි.. මොකද ඔහු දන්නවා ගෙදරකෙනෙක්ට කරදරයක් වුනානම් මේ වෙද්දිත්ඔහුට ඇමතුමක් ඇවිත් කියලා.. ඒත් මිගාර දැං බයවුනේ මැඟී අම්මාවත් කෙල්ලවත් ගෙදර නොසිටි බැවිනි.. හොදටම බයවෙලා පපුව වේදනා දෙන්න ගද්දී ඔහු එහෙම්ම එතන තිබුනු පුටුවක් උඩින් වාඩි වුනේ හිටගෙන ඉන්න බැරිම තැනදී.. ඒ අතරේ කෙලින්ම මිගාර කෝල් එකගත්තේ තමන්ගේ සහෝදරයෙක් වගේ හැමදෙයකදීම ලඟින් ඉන්න ෆිට් එකට..

රවීන් අනේ බලපං මචං වෙලා තියෙන දෙයක්.. ඉක්මනට මෙහේ වරෙංකෝ...

රවීන්ට කතා කරලා වෙලා තියෙනදේ කිව්ව මිගාර කල්පනා කලේ කාටද මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලායි.. ඒ අතරේ ෆෝන් එක දිහා බලන් ඉදියේ කාගෙන් හරි කෝල් එකක්වත් එයිද කියලයි.. මොකද ඔහු කැමති නෑ මේවෙලාවේ ගෙදර කිසිම කෙනෙක් නිකරුණේ කලබල කරන්න.. හැබැයි මිගාර හොඳින්ම දන්නවා පවුලේ කාටවත්ම කරදරයක් වෙලා නෑ කියලා.. ඒත් සැකේටම එකටම ගත්තේ අම්මට..

💕
මේ අයියාත් ඕනි වෙලාවට ආන්සර් කරන්නෑ.. කොච්චර බැලුවත් බිසී... දැං මොකද කරන්නේ... විහන්සා කෝල් ගත්තේ මිගාරට විස්තරේ කියන්න.. ඒත් මිගාරගෙ නම්බර් බිසී නිසා බලා ඉන්න බැරිම තැන ගත්තේ රවීන්ට...

අනේ රවීන් අයියා අපිට පොඩි කරදරයක් වුනා....විහන්සා කියන්න පුළුවන් උපරිම කෙටිකරලා රවීන්ට විස්තරේ කිව්වේ කොහොමහරි අයියට විස්තරේ කියලා එයාවත් එක්කන් එන්න කියලයි.. ඇයටත් දැං කොහොමහරි මොනවාහරි කරලා සඳුන්යාව මේ මර ගාලේන් බේර ගන්නයි ඕනි කමතියෙන්නේ...

💕
ඒ අතරේ රවීන් ගත්තා මිගාරට කෝල් එකක්.. ඔහුත් හොස්පිටල් යනගමන් තමයි මිගාරට ඇමතුමක් ගත්තේ.. මචං මිගාර හෙන අවුලක් වෙලා බං.. උබ ඉක්මනින්ම අරුණ හොස්පිටල් එකට වරෙන්.. මං ආවම විස්තරේ කියන්නම්..

මිගාරටත් උන් හිටිතැන් අමතක වෙලා තිගැස්සිලා ගියේ රවීන්ගේ ඒ වචන ටිකට.. ඔහු එක දිගට රවීන්ට ඇමතුම් ගත්තේ ඩ්රයිව් කරනගමන් වෙච්චදේ හරිහැටි දැනගන්නයි.. ඒත් රවීන් දන්නවා මිගාරගෙන්නම් බේරුමක් නෑ කියලා... ඕකා එනමඟ දිගට මගෙන් කෝල් අරං වෙච්ච දේ අහයි කියලා.. ඒ නිසාම ඔහු ෆෝන් එක වසන්දිකරලා තිබ්බේ.. මිගාරගෙන් බේරෙන්න ඕනිවටයි.. නැත්නම් කොහේහරි කානුවක් පල්ලේවත් වාහානේ දාගත්තොත් තියෙන කලබලෙට කියලා හිතලයි..

💕
ඊළඟ කොටසින් හමුවෙමු....



>> මේ කතාව ලියන්නේ - වත්සලා ජයවර්ධන අක්කා ❤️

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget