කිලිටි කෙල්ල - Episode - 05


පස්වන දිගහැරුම

💕
දෙන්නට දෙන්නාම තම තමන්ගෙන් සමාව ඉල්ලමින් තුරුලුවෙලා ඉකිබඳිමින් ඉන්න අතරේ කාමරයේ දොර අරින ගමන් ඇසුනු කටහඬට දෙදෙනාම ගැස්සී ඈත් මෑත් වූයේ විදුලි වේගයෙනි..

සඳුන්යා.. සඳුන්යා.. ඔයා.. ලොකුඅයියා මෙතන..

ඔව් ඇයි මට එන්න හොඳ නැද්ද.. මිගාර තරහෙන්ම කියලා දැම්මා..

මේ ඩර්ටි ගර්ල් හැමදෙයක්ම ලොකු අයියට කියලවත්ද.. නෑ එහෙනම් අයියා ඔහොම ඉන්නෙත් නෑනි.. නොයෙකුත් දේ හිතමින්.. විහන්සා කලබලයෙන් මෙන් දෙන්නාගේම මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලමින් ඉන්න අතරේ.. මිගාර කතා කරන්න හදනවත් එක්කම විහන්සා අනිත් පැත්තට හැරි විදුලි වේගයෙන් එතනින් පිට වූයේ.. ඩර්ටි ගර්ල් ඉස්සරහ ඇයට අපහසුතාවයට පත් වෙන්න වෙයිදෝ සැකයෙනි..

දැක්කා නේද හොර පූසී වගේ මාරු වෙලා ගිය තාලේ... අද ඔයා නිසා තමයි එයා බේරුනේ සඳුන්යා... ආයේනම් මගෙන් කිසිම සමාවක් නෑ එයාට...

අනේ මහත්තයා ඒක අමතක කරන්නකෝ.. සඳුන්යා මිගාරගේ අතකින් අල්ලගෙන එහෙම කියද්දි.. ඔහුත් ඒ වචන වලට අවනත වුනා...

හරි හරි.. දැං බඩ ගිනි ඇති නේද.. ම්ම්.. මං අපි දෙන්නටම කෑම බෙදාගෙන එනකම් ඔයා දොර වහගෙන ඉන්න සඳුන්යා හරිද..

හරි මහත්තයා.. එහෙම කියලා සඳුන්යා දොරත් වහගෙන දොරටම හේත්තු වී ඉන්න අතරේ.. දිව ගියේ ඇගේ සොඳුරුතම පෙර මතකයන් වලටයි.. ඒඅතරේ මුලින්ම ඇයට මතක් වුයේ මිගාරව දැක්ක මුල්ම දිනයයි..

💕
කිරි වෙහෙරට යන පිංවත් සැමදෙනටයි මේ පවසන්නේ...
දුප්පත් මේ අපේ කඩෙන් මල් දොතක් අරගෙන යන්නේ...
වැවට ගිහින් උදයෙම මම මේ මල්ටික නෙලා ගෙනෙන්නේ ...
පිංසිදු වෙයි අනේ ඉතින් මේ මල් ටික අරගෙන යන්නේ...

දුප්පත්කම හින්දම මම හැමදාමත් මල් විකුණනවා...
සංසාරෙන් එතෙර වෙන්න කවදාවත් මට බැරි වෙනවා...
මල් විකුණන එක හොද නැති බව සමහර අය පවසනවා...
අසරණ මේ පොඩි කෙල්ලට පිං ඇති ඔබ සැම සලකනවා...

💛
ඒ කවිය ඇහෙද්දි මල් ගන්නට එන බැතිමතුන්ගෙන් වැඩි පිරිසක් මා වටේ එක්රොක් වෙන්නේ හිතන්නවත් බැරි විදියට.. ඉතිං ගේන මල්ටික බලා ඉද්දීම ඉවරවෙද්දී.. ගෙදරයන්නේ ලොකු සතුටකින්.. ඒත් ඉතිං කොච්චර වුනත් අතට ඉතුරු වෙන්නේ සොච්චමයි.. කඩේ අයිතිකාර මාටින් අංකල්ට ලැබෙන අදායමෙන් බාගයක්ම හැමදාම දෙන්න වුනාම.. කොච්චර මහන්සි වුනත් වැඩක් නෑ..
එහෙම ඉන්නදවසක උදේ පාන්දරම දැක්කේ ඒ පිංවන්ත රුව.. එදා මගෙන් මුලින්ම මල් ගන්න ආවේ ඒ පිංවන්ත මහත්තයා...

ලස්සන කවියක්.. අපිටත් දෙන්නකෝ මල් පොකුරු දෙකක්ම.. එහෙම කියලා ඒ පිංවන්ත මුහුණේ අයිති කාරයා මට දුන්නේ පන්දාහේ කොලයක්..

මගේ ඇස් උඩ ගියේ ඉබේටමයි.. මහත්තයා මා ගාව මාරු නැනි මහත්තයා.. මෙච්චර ලොකු ගානක්.. මන් අතින්වත් අල්ලලා නෑ කවදාවත්.. මං එහෙම කියනකොට ඒ පිංවන්ත මහත්තයා එයත් එක්ක ඇවිත් ඉදිය අනෙක් මහත්තයාත් එක්ක මූණට මූණ බලාගෙන හිටපු තාලේ මට තාමත් මතකයි..

එහෙනම් මාරු තියෙන වෙලාවක දෙන්නකෝ.. අපි ආයෙම එනවා.. එහෙම කිව්වේ ඒ පිංවන්ත මහත්තයා.. ඉතිං ඒක අහලා මට ලොකු සතුටක් දැනුනේ.. ඒ පිංවන්ත මුහුණ මට ආයෙම දකින්න පුළුවන් නේද කියලා දැනෙද්දී..

ඒත් මට ඒ සල්ලි ගන්න හිතක් නෑ.. මං කිව්වා මහත්තයලා ආයේ එනවා නම් එතකොට සල්ලි දෙන්න කියලා..

හරි හරි අපිට ඉතුරු නැති වුනත් කමන්නෑ නේද මිගාර.. එහෙම කිව්වේ එතන හිටිය අනිත් මහත්තයා.. ඒකෙන් මං ඒ පිංවන්ත මුහුණේ අයිති කාරයාගේ නම දැනගත්තා..

මං කොච්චර එපා කිව්වත් බලෙන්ම වගේ සල්ලි තියලා එයාලා යද්දී.. මිගාර මහත්තයා මා දිහා බලන් ඉදිය තාලේ මට තාමත් මතකයි... ඇස් දෙකත් හිනි කරගෙන ඒ ලස්සන මුවගෙ තිබුණු හිනාව..

මල් පූජා කරලා ආයෙම මහත්තයලා එද්දී මාත් එක්ක කතා කරලමයි ගියේ.. මට මහ අමුතුම හැඟිමක් එදා දැනුනා.. ඒක මට කියන්න තේරෙන්නැ ... ඉතිං පලවෙනි දවස එහෙම ගෙවෙද්දී.. ඊළඟ දවසේ මං ඊටත් වඩා උදෙන්ම මල් කඩාගෙන ආවේ ඒ පිංවන්ත මුහුණ බලා ගන්න තිබුණු ඕනෑකම වැඩිකමටමයි... ඒත් මට අර සල්ලි මාරු කරගන්න බැරි වූනා..

මං ඒ මහත්තයා ගැන හිතමින් ඉන්න අතරේ එතෙන්ට ආවේ රශ්මි..

මොකද බං කල්පනා සාගරේ ගිලිලද උබ.. එහෙම කියමින් රශ්මි මල් කූඩෙන් මලක් අරගෙන හරි පරිස්සමට බලෙන්ම පුප්පවමින් ඉන්න අතරේ.. ඇය ආව වගක්වත් මට දැනුනේ නැත්තේ.. පෙරදා සිදුවූ සිදුවීම් පෙල පෙලින් පෙලට මං සිහිකරමින් වෙනමම ලෝකයක සිටී නිසාවෙනි.. ඒත් එක්කම මගේ අතට දැනුනු සීතල පහසට පියවී ලෝකෙට ආවා...

මොකද බං වෙලා තියෙන්නේ.. මං ආවේ නැත්තේ ඊයේ විතරයි.. ඒ ඩිංගට මොකද වුනේ..

අනේ මල විකාර මොනවා වෙන්නද.. අදත් උබ ඉස්කෝලේ ගියේ නැද්ද..

අයියෝ නෑ වදේ.. ගියානම් මං මෙතන ඉන්න විදියක් නෑනි නේද..

ඇයි රශ්මි මේ.. ඔයාට මෙහෙම එන්න කිසිම හේතුවක් නැනි.. ඔයා ඉගෙන ගන්න.. ඒකේ වටිනාකම මට හොඳට තේරෙනවා.. ඒකයි කියන්නේ..

අනේ විකාර නැතිව ඉන්න සඳු.. මං ආවේ මට ඕනි නිසා උබට උදව් කරන්නනේ..

උදව් කරන්න.. උබ.. මට.. අනේ රශ්මි කියනදේ අහන්න.. නැන්දා බැන්නේ නැද්ද..

අම්මෝ බැන්නා බැන්නා.. මං ආවා ඒත්.. උබට උදව් කරන්නවගේ ආවට මං ආවේ මල් ගන්න එන කොල්ලෙක්ව සෙට් කරගෙන එහෙම්ම පැනලා යන්න.. කියලා ඇය සිනහවක් පාන ගමන් සදුන්යාගේ කනට කරලා කිව්වා..

අනේ මන්දා.. රශ්මි.. උබටනම් පිස්සු.. නැන්දා මේවා දැනගත්තොත් එහෙම මටත් බැනුම් අහන්නයි වෙන්නේ..

හරි බං ඉතිං උබ කියන්නෙත් නැත්නම්.. මං කියන්නෙත් නැත්නම් අම්මා කොහොමද ඒක දැනගන්නේ කියපංකෝ.. එහෙම කියමින් ඇය යලිත් සිනාසුනේ ඒක හරි ලොකු හපන්කමක් වගේ හිතමිනි..

එක එක විකාර කතා කියමින් ඉන්න අතරේ ආවේ ඒ පිංවන්ත මිගාර මහත්තයා... එයා අපෙන් මල් ගද්දී මගේ මුහුණ පෝයට පායන පුන්සඳක්වගේ බැබලෙන්න ගත්තා..

ඔන්න ඉතිං අපි කිව්වා වගේම ආවා..

ඒත් මහත්තයා මට සල්ලි මාරු කරගන්න බැරි වුනානේ.. කියලා මං අර සල්ලි ආපහු දෙද්දී..

නෑ නෑ.. අපිට ඒ සල්ලි ඕනි නෑ... ඒකට හරියන්න අපි හැමදාම මල් ගන්න එන්නම්.. නේද මිගාර.. එහෙම කියමින් රවීන් මහත්තයා මිගාර මහත්තයා දිහාට හැරිලා ඇහැක් ගහනවා මං දැක්කා.. ඒ මොනවා වුනත් ඒ වචන ටිකත් හරියට කනට මී පැණි වක්කලා වගේ දැනුනේ මට.. ඇයිද මංදා..

ඒ අතරේ රශ්මි මූණ දෙක කරගෙන බලන් ඉදියේ මගේ මුහුණ දිහා.. මං මිගාර මහත්තයාට රශ්මිව අඳුන්වලා දුන්නා.. එල්ලගෙන හිටිය ඒ මුහුණත් බැබලෙන්න ගත්තේ ඊට පස්සේ..

ඉතිං ටිකක් වෙලා කතා කර කර ඉදලා ඒ මහත්තයලා දෙන්නම ගියා... හැබැයි ආයෙත් එනවා කිව්වා.. ඉතිං පහුවදාත් මං හරි ආසාවෙන් මල් අරගෙන ආවේ.. ඒ මුහුණ බලාගන්න.. ඉතිං ඒ විදියට සතියක් විතර ගෙවුනා.. දැනුනේවත් නෑ.. ඉතිං ඒ කාලෙදී ඒ මහත්තයාලත් එක්ක අපි ගොඩක් කතා බහ කලා... හිනාවුනා.. ගොඩක් සතුටින් ගෙවුනා ඒ කාලේ..

💜
ඇය නමින් රශ්මි චංචලා විතානගේය.. ඇය සඳුන්යාගේ තාත්තාගේ අක්කා වූ නිමාලිගේ එකම දුවය.. එනම් සඳුන්යාගේ එකම නෑනාය.. ඇය තරමක් බොලද ගති පැවතුම් ඇති තැනැත්තියක වූ අතර පෙනුමින් තරමක් තලෙලු සමක් හිමි මහත තැනැත්තියකි.. සඳුන්යා හා සමවයසේ පසු වන ඇය ඉගේනීමට අකමැත්තේය.. ඇයද සඳුන්යා සමඟ මල් විකිණීමට යන්නේ අයියාගේ හා අම්මාගේ ඇනුම් බැනුම් මැද්දේය..

💕
තව දවසක් අපි අහම්බෙන් හම්බවුනේ.. ඒ අත්තම්මා එක්ක වකුගඩු සම්බන්ධව තිබුනු සායනයකට අපි පන්සල් ගිය දවසේ..

ආ සඳුන්යා.. ඔයා.. ඉතිං කොහොමද.. මං හිතුවා ඔයා එයි කියලා... මිගාර මහත්තයා මා දිහා බලාගෙන බොහෝම ආදරණීය පිළිගැනීමක් කරද්දී..මාත් ආදරෙන්ම මහත්තයාව පිළිගත්තේ වචනවලින්..

අනේ මහත්තයාලා කොහෙද මෙහේ..

අපි තමයි මේ සායනය කරන්නේ සඳුන්යා..

ආහ්.. මහත්තයලද මේක කරන්නේ.. කොච්චර දෙයක්ද මහත්තයා.. අපේ ගමේ ඔය ලෙඩෙන් කී දෙනෙක් නැතිවුනාද.. මගේ අම්මයි අප්පච්චි දෙන්නම නැතිවුනේ ඔය කරුම ලෙඩේ හැදිලා මහත්තයා.. මං අත්තම්මවත් අරං ආවේ ඒකයි..

ඒකනේ සඳුන්යා ඔයා මට කලින් කියලා තියෙනවානේ ඒක.. දන්නවද.. මට මේක කරන්න හිතුනේ ඇයි කියලා.. ඒ ඔයා එදා ඔයාගේ අම්මයි අප්පච්චියි ගැන මට කිව්වට පස්සේයි.. ම්ම්ම්

එහෙම කියද්දී මට මගේ අම්මවයි අප්පච්චිවයි ගොඩක් මතක් වුනා.. දන්නෙම නැතිව හෝගාලා කඳුලු කැට කඩන් වැටෙද්දී මිගාර මහත්තයා මාව සනසලා.. මගේ හිත හදපුවිදිය.. මට තාමත් මතකයි..

සඳුන්යා ඔයා අඬන්න එපා... ම්ම්ම්.. ඔයා තනිවෙලා කියලා හිතන්නත් එපා හරිද.. මං අද එන්නම්⁣කෝ ඔයාලගේ ගෙදර... ඇවිත් අත්තම්මා එක්ක කතා කරන්නම්.. ම්ම්ම්.. දැං අඬන්න එපා හරිද.. බොහොම නිව්නු හඬකින් මිගාර මහත්තයා එහෙම කියද්දී.. මට අමුතුම හැඟිමක් දැනුනේ ඒ පාර මොකක් ගැනද අපේ අත්තම්මා එක්ක කතා කරන්නම් කිව්වේ කියලා හිතෙද්දීයි..

ඉතිං සායනයේ වැඩ සේරම ඉවර වුනාට පස්සේ.. අත්තම්මාවයි මාවයි ඒ කාර් එකට දාගෙන ගියේ අපේ ගෙදර.. ගමේ අයත් ඇස් ලොකු කරගෙන අපි දිහා බලන් ඉදියේ.. මට මහ මොකක්දෝ බයකුත් දැනුනේ ගමේ එවුන් පදයක්වත් හදයිද කියලා..

මේ තියෙන්නේ මහත්තයා අපේ පුංචි පැල..
අනේ එන්නකෝ මහත්තයා ඇතුලට.. පොල් අතු හෙවිලි කරලා වරිච්චි බිත්ති වලින් වටවුනු අපේ පුංචි ⁣පැලට මං මහත්තයාට එන්න කිව්වේ.. හිතකින් නෙවෙයි.. ඒ ගෙදරට එන්න තියා හැරෙන්නවත් ඉඩක් නති තැන අව් රස්නෙට ඒ ගේ ඇතුලේ බල්ලෙක්ටවත් ඉන්න බෑ.. ඉතිං නොකියා බැරි කමටයි ඇතුලට එන්න කිව්වේ...

කමන්නැ සඳුන්යා මං මෙහෙන් ඉන්නම්.. මට අත්තම්මා එක්ක ටිකක් කතාකරන්න ඕනි..

හරි මහත්තයා.. එහෙනම් මහත්තයා අත්තම්මා එක්ක කතා කරන්නකෝ..

මිගාර මහත්තයා අත්තම්මා එක්ක කතා කරන අතරේ මං ගිහිල්ලා මහත්තයාට බොන්න දිවුල් එකක් හැදුවා ..

අත්තම්මා මේකයි.. මං මේ දරුවට ඉගෙන ගන්න උදව් කරන්න කැමතියි.. අත්තම්මාත් කැමති නම් දෙන්නම යමු කොළඹ.. මං දෙන්නටම ඉන්න තැනක් ලැස්ති කරන්නම්.. අත්තම්මා මොකද කියන්නේ...

අනේ කොච්චර දෙයක්ද මහත්තයෝ.. මේ මගේ මිණිබිරීට හොඳට ඉගෙනගන්නත් පුළුවන් මහත්තයෝ.. ඒත් කොහෙද මේ දුප්පත්කම අපිට හැමදෙයකටම හරස්වෙලා තියෙන්නේ.. කවදාහරි මාත් නැතිවුනු දවසට මේ කෙලිට යන කලක් මං හැමවෙලේම කල්පනා කරනවා මහත්තයෝ.. අනේ ඔය මහත්තයාට බුදුබව අත්වෙනවා මහත්තයෝ.. මේ කරන දේවල් වලට...

අනේ හරි හරි අත්තම්මේ.. මං මේක කරන්නේ මටත් මේ වගේම නංගි කෙනෙක් ඉන්නවා.. මගේම සහෝදරියක් වගේ හිතලයි මං මේ දේවල් කරන්නේ.. මට වැඩ වගයකට ආයෙත් ඕස්ට්රේලියා යන්න වෙලා.. ඉතිං අදම යන්න ඕනි කොළඹ.. ඒත් මං ආයෙම එද්දී හැමදෙයක්ම හරිගස්සලා තමයි එන්නේ.. ඒ ටික මගේ සවනට වැටෙද්දී ගෙනාපු දිවුල් වීදුරුවත් අත් දෙකෙන්ම අල්ල ගත්තේ මුළු ගතම අප්රාණික ⁣වුනා වගේ හැඟිමක් දැනෙද්දීය.. එහෙම්ම බන්දේසිය ⁣එතන තිබුනු ස්ටූල් කෑල්ල උඩින් තිබිබේ.. හදවත වේගෙන් ගැහෙද්දි..

මහත්තයා...

සඳුන්යා මේ මගේ නම්බර් එක.. මේකට ඕනි වෙලාවක කතාකරන්න.. මොනවැඩේ තිබුණත් මං ආන්සර් කරනවා හරිද... අනික මේ ෆෝන් එක තියාගන්න...

අනේ එපා මහත්තයා.. මට ෆෝන් ඕනි නෑ.. මං මහත්තයාට කතා කරන්නම්කෝ... එහෙම කියලා මං බිම බලාගෙනම හිටියේ තවත් ඒ මුහුණ දිහා බලා ඉන්න හයියක් මට නැති නිසයි..

ඉතිං සඳුන්යා ෆෝන් එකක් නැතිව මොකෙන්ද කතා කරන්නේ...

මං මං කොහොමහරි කතා කරන්නම්කෝ මහත්තයා.. රශ්මි ලගත් පොඩි ⁣ෆෝන් එකක් තියෙනවා මහත්තයා.. මං බිම බලාගෙනම කිව්වා..

හරි හරි සඳුන්යාගේ කැමැත්තක්. එහෙනම් මං යන්න කියලා අත්තම්මා.. පරිස්සමින් ඉන්න ඕනි මිණිබිරීවත් බලාගෙන.. එහෙම කියලා කිසිම ලෝබ කමක් නැතිව අත්තම්මාට වැන්ද වෙලේ මට හිතාගන්ක බැරි වුනේ මේ මිගාර මහත්තයාගේ හිත කොයිතරම් නම් පිරිසිදුයිද කියලයි..

හොදමයි මහත්තයෝ.. තකරගම දෙයිහාමුදුරුවන්ගේම පිහිටයි.. මහත්තයාට..

එහෙනම් සඳුන්යා මං ගිහින් එන්නම්.. අත්තම්මාවත් බලාගෙන පරිස්සමින් ඉන්න ඕනි හොදද.. මේ මොනවාහරි දෙයක් ඕනි වුනොත් අනිවාර්යයෙන්ම ඔය නම්බර් එකට කතා කරන්න හරිද..

හරි මහත්තයා.. එහෙම කියලා මං ඒ මහත්තයාට දන නමලා වැන්දා.. ඒ මොහොතේ මගේ ඇස් වලට කඳුලු ඉනුවේ හිතුවේවත් නැති විදියට..

අනේ සඳුන්යා.. ඇයි මේ ඇස්වල කඳුලු.. ම්ම්ම්.. මං ආයෙම එනවා.. බයවෙන්න එපා.. හැමදාටම යනවා නෙවෙයිනේ.. ම්ම්ම්.. එහෙම කියමින් මහත්තයා මගේ ඔලුව අතගාද්දී මට ලොකු ආදරයක් දැනුනා මිගාර මහත්තයා ගැන.. ඒත් මිගාර මහත්තයාගේ හිතේ මොනවා තියේද කියන්න මං අදටත් දන්නෑ..

ඒ අතීත මතකයන් අතර සිර වී සිටී මං මේ ලෝකෙට ආවේ මිගාර මහත්තයාගේ කටහඬට..

මොකෝ සඳුන්යා දොර අරින්න පරක්කු වුනේ.. දන්නවද මං කොච්චර වෙලාවක ඉදංද මෙතන ඉඳං කෑගැහුවේ කියලා..

අනේ මට ඇහුනේ නැ මහත්තයා.. මං වෙන කල්පනාවක හිටියේ..

බර කල්පනාවක ඉන්න ඇත්තේ නේද ඒකනේ මාව ඇහුනේ නැත්තේ..

ඔව් මහත්තයා.. මං..

හරි හරි සඳුන්යා ඒක ගැන මං අහන්නෑ.. මේ ඔයා මටත් එක්ක කවන්න හොදද..

කවන්න.. මං..

ඔව්.. ඇයි බැරිද..

නෑ එහෙම දෙයක් නෙවෙයි මහත්තයා.. කවුරුහරි දැක්කනම් තමයි වැඩේ..

ආ.. ඒකද ප්රශ්නේ.. ඉන්නකෝ මං ඒ ප්රශ්නෙත් නැති කරන්නම්කෝ.. එහෙම කියලා මිගාර ගිහින් දොර වැහුවා..

අනේ මන්දා මේ මිගාර මහත්තයාගේ වැඩ ගැනනම් මට හිතා ගන්න බෑ.. ගමේදී අත්තම්මාට කිව්වේ මාව සහොදරියක්වගේ දැනෙන්නේ කියලා.. ඒත් මං ගැන හොයලා බලන විදිය.. මං ගැන දුක්වෙන තරම්.. දැං බත් කවන්නලු මේ හැමදෙයක්ම සහෝදර කමටද එතකොට... නෑ.. නෑ.. මොනාද මං මේ හිතන්නේ.. ඒ හැමදෙයක්ම සහොදර කමට තමයි කරනවා ඇත්තේ.. ඒවගේ ප්රසිද්ධ කෝටිපති පිංවන්ත මිගාර මහත්තයාට මං වගේ ගොඩේ හරියට ඉගෙන ගත්තේවත් නැති කාගේ කව්රුවත් නැතිව අන්ත අසරණ දුප්පත් කෙල්ලෙක් කොහොමත් ගැලපෙන්නෑ... අර චූටි බේබී කියන්නාවාගේ කිලිටි කෙල්ලෙක්නේ මං.. කොහොමත් එයාට ගැලපෙන්නෑ.. එයා අහසේ පායලා තියෙන හඳනම්.. මං පොලොවේ ඉන්න පුංචිම පුංචි කූඹියෙක්.. ඉතිං ඒ කූඹියා කොහොමද ඒ හඳ ලඟට යන්නේ.. කවදාවත් වෙන්නැති දෙයක් ඒක..

සඳුන්යා මොනවද ඔච්චරටම කල්පනා කරන්නේ.. ඔයා අකමැතිනම් කියන්න මං වෙන එකක් බෙදාගෙන එන්නම්..

අනේ එහෙම නෑ මහත්තයා මං කවන්නම්..

ඉතිං පලවෙනි කට අනලා කවද්දී.. එයා හරියට හිටියේ පොඩි ලමයෙක් වගේ..

සඳුන්යා හරිම රහයි කෑමටික.. ඔයාට රසට උයන්න පුළුවන් නේද.. ම්ම්ම්. මං අදනේ ඔයා උයපුවා කන්නේ.. ඔයා අනලා කවනකොට තවත් රසයි.. සඳුන්යා.. ඔයාගේ අතින් හැමදාම කන්න තියේනම්... එයා මගේ මූණට එබිලා එහෙම කියද්දී මාව කූල් වෙලා ගියා.. මූණත් එක්ක රතු වුනේ ලැජ්ජාවට..

මේ සඳුන්යා තව දෙයක්.. ඔයා අද බෝනික්කියක් වගේ ගොඩක් ලස්සනයි... ම්ම්ම්.. සොරි මට ඒක කලින් ඔයාට කියන්න බැරි වුන එකට...

අනේ මහත්තයා බොහෝම ස්තූතියි.. ඔච්චරටම මාව වර්නනා කරන්න එපා මහත්තයා.. මං එච්චරටම වටින කෙල්ලෙක් නෙවෙයි...

මොකක්ද සඳුන්යා.. ඔය කියන කතා.. ආයේ එහෙම ඔහොම කතා කියන්න එපා හොදද...
මෙච්චර හොඳ මොහොතක් මාව නිකරුණේ තරහගස්සලා නැති කරලා දාන්න එපා සඳුන්යා... මිගාර මහත්තයා නැති තරහක් අරගෙන එහෙම කියද්දි කොහෙවත් තිබුණු කඳුලු මගේ ඇස්වලින් කඩාවැටෙන්න ගත්තේ ඒ වචන ගොඩක් හිතට දැනුනු නිසාමයි...

ඔන්න ඉතිං ඒ පාර අඬන්න තියා ගත්තා.. මං දැං අඬන්න දෙයක් කිවිවද සඳුන්යා..

අනේ නෑ මහත්තයා.. මට නිකං කඳුලු ආවා..
දැං මහත්තයා මේ බත්ටික කන්නකෝ..

මට එපා සඳුන්යා.. මං පොඩි කාලේ මැඟී අම්මාගේ අතින් බත් කෑවේ.. මතක ඇති කාලෙක අම්මාගෙ අතින්වත් මං බත් කටක් කලා නෑ සඳුන්යා.. මැඟී අම්මාගෙන් පස්සේ ගැහැණු අතකින් බත් කටක් කෑවානම් කෑවේ ඒ ඔයාගේ අතින්... ඒ මොහොත මට ගොඩක් සුන්දර විදියට විදින්නයි ඕනි වුනේ.. දැං ඒකට මට මූඩ් එකක් නෑ.. එහෙම කියලා මිගාර මහත්තයා නැකිටලා යද්දී මට මං ගැනම ඇති වුනේ ලොකු කලකිරීමක්..

මාත් කොච්චර ආසාවෙන්ද මිගාර මහත්තයාට බත් කැව්වේ.. දැං එ්කත් නැතිවුනා.. මං පුදුම පව්කාරියක්.. එහෙම්ම මාත් නැකිටලා.. බත් එකත් අතින් අරගෙන බිම බලාගෙන අඬ අඬම තරප්පුපෙල දිගේ පහලට දුවද්දී.. මගේ මඟ හරස් කරමින් එතෙන්ට ආවේ මිගාර මහත්තයා.. මේ කොහෙද යන්නේ ලමයෝ මං තාම කාලා ඉවර නෑනි.. ඕකත් අරගෙන යන්න බැල්කනියට.. මං එන්නම්..

මං එහෙම්ම ඒ මූණ දිහා බලා ඉදියේ ඔය ඇත්තමද කියලා අහන්නා වාගෙයි..ඇයි මෙහෙම සැරෙන් සැරේ වෙස් පෙරලෙන්නේ කියලයි..

ඒ පාර මුණ දිහා බලන් ඉන්නවා.. ඇත්තටම තමා කිව්වේ.. මං එන්නම් ඔයා යන්කෝ..

හරි මහත්තයා.. එහෙම කියලා මං බැල්කනියට වෙලා මහත්තයා එනකම් බලා ඉදියා.. මං බත් එකත් එතන තිබුණු මේසේ උඩින් තියලා බලා ඉදියේ පහලින් පේන ඒ විදුලි පහන් ආලෝකයේ ඇති අපූරුවත්වය දෙසයි.. ඒත් එක්කම මගේ ඇස් දෙක වහමින් මගේ ලඟට ආව ඒ රුව.. කරපු දෙයින් මාව කූල් වෙලා අහසේ පාවෙලා යනවා වගේ හැඟීමක් දැනුනේ..

❣️
ඊළඟ කොටසින් හමුවෙමු...



>> මේ කතාව ලියන්නේ - වත්සලා ජයවර්ධන අක්කා ❤️

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget