දෙවන දිගහැරුම
රිදෙන්න තමයි ඇන්නේ.. එහෙම කියමින් වොලට් එකත් කී එකත් කලිසම් සාක්කුවට දමාගෙන මදක් නිවි තිබුනු තේ එකද එක උඟුරටම ගිල දමා ඔහු කල්පනා කරන්නට වූයේ සුද්දි පැවසු දේවල් ගැනය..
ඇයට එතරම්ම දේවල් වෙද්දී ඇයි මට කෝල් එකක්වත් දුන්නේ නැත්තේ.. මොනාද මේ සිද්ධ වෙලා තියෙන්නේ.. නොයෙකුත් ප්රශ්න තමන්ගෙන්ම අහන ගමන් කාමරයෙන් පිටත් වූ ඔහු කෙලින්ම ගියේ පැන්ට්රිය දෙසටයි..
ඒ යද්දි සඳුන්යා සාදයට අවශ්ය කෑම ජාති පිලියෙල කරමින් සිටියාය.. එය දැකිමෙන් ඔහුගේ ලය හීන් තියුනු පී පහරකින් පසාරු කරගෙන යන්නාක් මෙන් හැඟීමක් දැනෙන්ට පටන් ගත්තැන ඔහු හඬ අවදි කලාය..
සඳුන්යා.. මොනාද මේ ඔයා කරන්නේ..
එහෙම කියලා ඇගේ අත් ගොබෙන් ඇදලා අරං තම හුස්ම ඇගේ හුස්ම හා ගැටෙන දුරකින් හිද ඇය වෙත ඇස් ලොකු කරගෙන පුපුරන බැල්මක් හෙලුවේය..
ඇයට ඔහුගේ බැල්ම හමුවේ ඒ ඇස් දිහා තව දුරටත් බලන් ඉන්න බැරිම තැන බිම බලාගෙනම හිටියේ.. කියාගන්න බැරි තරම් අසරණ කමකින් ඒ හිත රිදුම් දෙද්දීය..
අනේ මහත්තයා අත අරින්න.. අනේ මගේ අත රිදෙනවා.. අනේ මැඟි අම්මාවත් ආවොත් අපි ගැන වැරදියට හිතයි..අනේ ඉතිං අත අරින්නකෝ මහත්තයා..
මේ සඳුන්යා.. මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා.. හරිද.. ඔයා මෙහෙම මේ ගෙදර බැලමෙහෙවර කම් කරනවා මං බලන් ඉන්නේ කොහොමද.. මේ හිත කොච්චර රිදෙනවද කියලා දන්නවද.. ආ.. දන්නවද.. එක් අතකින් තම පපුවට තට්ටු කරන ගමන් ඔහු කියා සිටියේ තමන්ගේ හිතේ තියෙන වේදනාව ගැනයි..
අනේ මහත්තයා ඕවා කතා කරන්න මේක වෙලාව නෙවෙයි.. අනේ ටිකක් ඉවසලා ඉන්නකෝ.. ඇය ඉකිගසමින් කනට ඇසෙන නොඇසෙන ස්වරයකින් බොහොම පරිස්සම්ව කියනුයේ කාට හො ඇහෙයිදෝ බියෙනි..
අනේ සඳුන්යා මං ආයි කියන්නැ.. මේ විකාර වැඩ නවත්තන්න.. මං ඔයාට හොද ජොබ් එකක් දෙන්නම්.. ඔයා තව ඉගෙන ගන්න ඕනි.. ඔයා තාම පොඩි ලමයෙක්.. මේවා උබට කරන්න බෑ කෙල්ලේ.. ඔය පුංචි අත්වලින් තාම කරන්න පුළුවන් එක වැඩයි.. ඒ ලියන එක.. හරිද..
අනේ මහත්තයා මං කියනදෙයක් අහන්නකෝ.. අනේ මෙතන ප්රශ්නයක් ඇති කරන්න එපා මහත්තයා.. එහෙම උනොත් ලොකු නෝනා මාව පන්නයි මෙහෙන්.. එතකොට මං කොහොමද මහත්තයාව දකින්නේ.. අනේ කිව්වම අහලා දැං මෙතනින් යන්නකෝ මහත්තයා.. මට වැඩ ගොඩක් තියෙනවා..
මට එවයින් වැඩක් නෑ සඳුන්යා.. මං ඔයාගේ ආච්චි අම්මට පොරොන්දු වුනා.. ඔයාව බලා ගන්නවා කියලා.. මට ඒවා හොදට මතකයි සඳුන්යා.. ඒ මනුස්සයා ඉන්න තැනක ඉදං බලන් ඉන්නවා ඇති මං කියපු දේවල් කරනවද කියලා.. ම්ම්ම්.. මට කියන්න ඔයා කොහොමද අපේ ගෙදරට ආවේ.. මැඟි අම්මා කොහොමද ඔයාව මෙහේ එක්කන් එන්නේ.. එයාව අඳුරනවද..
හරි මහත්තයා මගේ අත.. අතහරින්නකෝ.. මං කියන්නම්.. ඒත් එක්කම ඔහු සඳුන්යාගෙන් මෑත් වී බලන් වුන්නේ ඒ අහිංසක මුහුණ දෙසයි..
ඇය බිම බලාගෙනම කියන්නට සැරසුනේ ඇය මේ ගෙදර ආ හැටිය..
මං පොඩි කාලේ ඉදං හොදට දන්නවා මැගි අම්මව.. එයා අපේ ගෙදරත් එනවා හිටි ගමන්.. අපේ අම්මාගේ සහොදරියක් වගේ එයා.. ඉතිං අම්මා මට මැගි අම්මා ගැන විස්තර කියලා තියෙනවා මහත්තයා...
ඉතිං..
ඉතිං.. එයා රට රස්සාවට යන්නයි කොළඹට ඇවිත් තියෙන්නේ.. ඒත් හොර ඒජන්සි කාරයෙක්ට අහුවෙලා.. එයාගේ සල්ලි සේරම නැති වෙලා.. ඉතිං හිස් අතින් ආයෙම ගමට එන්න බැරි නිසා මෙහේ එක එක ගෙවල් වල බැල මෙහෙවරකම් කරලා.. පස්සේ ඒ හිටපු ගෙදර අය රට ගිහින් නවතින්නම.. ඊට පස්සේ මැඟි අම්මාව මෙහේ ලොකු නෝනා ගාවට එවලා තියෙන්නේ ඒ ගෙදර නේනාමයි.. එදා ඉදං මැගි අම්මා මෙහේ..
ඉතිං මං එදා මාකටි එකේ පිස්සියක් වගේ.. මගේම කියලා කව්රුවත් නැතිව.. මේ නොදන්න කොළඹ රටේ තනිවෙලා ඉන්න කොට දෙව් දුවක් වගේ මං ලඟට ඇවිත් මැඟි අම්මා මට කතා කලා.. මොකද මගේ පෙනුමත් අපේ අම්මාගේ වගේ නිසා.. එයා මාව අඳුර ගත්තා.. මට පුදුම තරම් සතුටක් දැනුනේ මහත්තයා එදා.. ඊටත් එහා මං ඇවිත් තියෙන්නේ මහත්තයාගේ ගෙදරට කියලා දැනෙද්දී ඒ සතුට තවත් වැඩිවුනා මහත්තයෝ.. මං මේ ගෙදරට ආපු ගමන් දැක්කේ ආලින්දයේ තියෙන මහත්තයාගේ විශාල පින්තූරය.. ඒක දැකලා මං විස්තර ඇහුවම තමයි මැගි අම්මා කිව්වේ මහත්තයා කොයිවගේ කෙනෙක්ද කියලා.. මට හිතා ගන්න බැරිවුනා මෙතරම් ජනප්රිය කෙනෙක්ද එදා අපේ ගමට ආවේ කියලා... මහත්තයා..
ලොකු බේබි..
ඒත් එක්කම දෙන්නම ගැස්සුනේ මැඟි අම්මාගේ හඬටයි..
ආහ් මැඟි අම්මා..
මොකද ලොකු බේබි මෙතන කරන්නේ..
නැ.. මේ..මං.. මේ.. ලමයගෙන් විස්තර ඇහුවා.. මං ගියපාර එද්දී මෙයා හිටියේ නෑනි..
ආ ඔව්.. ලොකු බේබි.. මේ දරුවා මං හොඳට දන්න කෙනෙක්..
හරි මැඟි අම්මා... මං එයාගෙන් විස්තර අහගත්තා.. ඉතුරු ටිකත් මං පස්සේ එයාගෙන්ම අහගන්නම්.. එහෙම කියලා ඔහු පැන්ට්රියෙන් ඉවතට ගියේ අතේ බැඳි ඔරලෝසුව දිහා බලන ගමන්,,
තව දුරටත් මැඟී අම්මට මුහුණ දෙන්න තරම් මානසිකත්වයක් ඔහුට නොමැති නිසයි..
මේ ලමයෝ.. වැඩිය බේබිලත් එක්ක බජනෙට යනවා නෙවෙයි.. අපිට පුලුවන් හද දිහා බලන්න විතරයි.. ඒත් අල්ලන්න ගියොත් හති වැටිලම මැරෙන්නයි වෙන්නේ.. අන්න ඒක විතරක් හොඳට මතක තියාගනින්..
දෙයියනේ මොනාද මේ මැඟි අම්මා කියන්නේ.. මං තුන් හිතකින් වත් හිතපු දෙයක් නෙවෙයි දෙයියනේ.. එහෙම හිතමින්.. සඳුන්යා කිසිත් නොපවසාම ඉන්නට තීරණය කලේ.. තව දුරටත් මැඟී අම්මට තේරුම් කරන්න ගිහින් ඊට වඩා දේවල් අහගන්න වෙයි කියලා සැකයෙනි..
❣️
ඇය මැඟී අම්මා හා එකතුව ලහි ලහියේ කෑමටික සූදානම් කලේ.. හිතුවටත් වඩා කාලය ගෙවී ගොස් ඇති බව දැනේද්දීය..
ඒයි කිලිටි කෙල්ල.. මෙහේ එනවා..
චූටි බේබී...
තමුසෙට අද හවස පාටියට අඳින්න එකක් තියේද..
ම්ම්.. මේ.. ම..ට..
එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ඇය කියන්න උත්සාහ කලේ එතරම් හොඳ ඇඳුමක් ඇයට නැති බවයි.. මන්ද ඇයට ඇත්තේ චීත්ත ගවුම් කැලි තුන හතරක් පමණි.. ඇයට ඒ ගෙදර වැඩ කාරකම් කලාට ඒ හිටපු මාස තුනටම කාගෙන්වත් සල්ලිවත් ඇඳුමක් වත් ලැබුනේ නැත.. මැඟී අම්මට දෙන මුදලින් සඳුන්යාටත් එක්ක ඕනි කරන දේවල් මැඟී අම්මා ගෙන එන්න අමතක කලේ නැත්තේ ඒ නිසාය..
හරි හරි ඇඹරෙන්න දෙයක් නෑ.. මේං මේක අඳිනවා.. ඕක මං ඇන්ඳ එකක් නෙවෙයි..
අනේ මෙච්චර හොඳ ඇඳුමක්..
මේ.. ඕක මට ලොකු අයියා ගෙනත් දුන්න එකක්.. ඔච්චර දිගට මං අඳින්න නෑ.. ඒකයි තමුසෙට දුන්නේ.. කොහොමත් එකපාරකට වඩා මං ඇඳුමක් අඳින්නෙත් නෑ.. කොහොමත් ඕක මං කාට හරි දෙන්න හිතන් හිටියේ.. ඒකයි තමුසෙට දුන්නේ.. මොකද අද මගේ යාලුවෝ එනවා.. අයියාගේ යාලුවෝ.. වැදගත් මිනිස්සු එනවානේ.. ගෙදර වැඩකාරි වුනත් එවෙලෙට පිළිවෙළට ඉන්න ඔනිනේ.. එහෙම කියලා ඇය සමච්චල් හිනාවක් පෑවේ.. අද තමයි තමුසේ හොඳ පාඩමක් ඉගෙන ගන්නේ.. කියලා හිතින් හිතන ගමනුයි..
ඒක සැබැවින්ම ලස්සනට තියෙනවා.. කොල පාට දිග ගවුමක්.. ඇයටත් හරි පුදුමයි.. ඇවිත් මාස තුනක් වෙනවා.. ඒත් මේ වෙනකම් ඇය දෙස බලා මනුස්ස හිනාවක් වත් නොපෑව ඒ චූටි බේබී මෙහෙම තෑඟි දෙද්දී.. ඇය පුදුම වුනා.. සතුටට ඇයගේ නෙතට කඳුලක් ඉනුවේ ඇයටත් නොදැනීමයි..
මේකනම් මොකක් හරි ඇගේ කපටි වැඩක් කියලා නොදන්න සඳුන්යා.. ඇයට හඳවතින්ම ස්තූති කලා..
අනේ බොහෝම ස්තූතියි චූටි බේබී.. ගොඩක් ලස්සනයි මේක..
හරි හරි.. තමුසේ ඕක ඇඳගෙන කෙලින්ම අපේ කාමරෙට එනවා හරිද.. වෙන කොහෙවත් යන්නැතිව ඉකිමනට එනවා.. මට ඇඳගන්න උදව් කරන්න..
අනේ හරි බේබි මන් එන්නම්..
එහෙම කියලා ඇය විගහට ඇවිත් මැඟී අම්මා හා එක්කව බඩු ටික ලැස්තිකලේ ඇයත් ලැස්ති වී බේබිට අන්ඳවන්න උදව්වට යන්නත් තියෙන නිසයි..
ඒ අතරේ විහන්සා බොහොම සතුටෙන් තම කාමරය වෙත ඇදුනේ.. අද නම් හොද ජොලියක් ගන්න පුළුවන් කියලා..හිතින් හිතන ගමනුයි..
❣️
මැඟී අම්මා දැං හයටත් ලඟයි.. මං ඉක්මනට ඇගහෝදගෙන එන්නම්.. ඉතුරු ටික මැඟී අම්මට කරන්න පුළුවන් ද..
හරි ලමයෝ දැං ඒ හැටි දෙයක් නෑනි.. ඔය ලමයා ගිහින් ලැස්තිවෙන්ට.. බේබීට අන්දවන්න එන්න කිව්වලුනේ නේද.. මොනවා වුනත් පරිස්සමින් කෙල්ලේ.. ඔය චූටි බේබී නාහෙට අහන්නැති ලමයෙක්.. හිතන තරම් හොඳ ලමයෙක් නෙවෙයි.. ලොකු බේබී පොඩි බේබී ලඟ තියෙන කිසිම ගුණයක් ඔය චූටි බේබී ගාව නෑ.. පොඩි කාලේ ඉදන්ම හරිම මුරණ්ඩුයි.. ඒ වගේම නපුරුයි..
අනේ එහෙම නැ මැඟී අම්මේ.. මේං මට චූටි බේබී දුන්න ඇඳුම.. ලස්සනයි නේද..
හොදා හොදා ඉතිං.. ඒත් පරිස්සමින්..
හරි මැඟී අම්මේ.. බලමුකෝ..
එහෙම කියලා ඇය ලහිලහියේම පැන්ට්රිය පිටුපස ඇති කරාමය වෙත ඇදුනේ ගත දොවා පිරිසිදු වීමටයි.. චූටී බේබී දුන්න ඇඳුමත් ගතලාගෙන ඇය කෙලින්ම ගියේ කණ්ණාඩිය ලඟටයි.. ඒ කණ්ණාඩිය ගොඩක් පුංචියි.. මුළු ගතම එයින් බලන්න අමාරුයි..
ලස්සනට තියේද.. පේන්නැනි මේකේන්.. කෝ මේ මැඟී අම්මා.. පේන්නවත් නෑනි.. කමන්නැ චූටි බේබීගේ කණ්ණාඩිය ගොඩක් ලොකුයිනේ හතර පැත්තෙන්ම තියෙනවානේ.. ඒකෙන් හොඳට බලාගන්න පුළුවනි.. එහෙම හිතමින් ඇය පැන්ට්රිය ලඟම ඇති ඇගේ කාමරයෙන් පිටතට ආවේ කවුරුන් හරි සිටීදෝ ඇස් කරකවමින් වටේම බලමින්ය.. ඇය ඉක්මන් අඩියෙන් තරප්පුපෙල දිගේ යන්නට සැරසුනේ චූටි බේබීගේ කාමරය දෙසටයි.. ඒත් එක්කම ඇය පිටුපස හැරී බැලුවේ.. පහලින් ඇසුනු කටහඬට අවනත වීමෙනි..
💕
ඊළඟ කොටසින් හමුවෙමු...
>> මේ කතාව ලියන්නේ - වත්සලා ජයවර්ධන අක්කා ❤️
Post a Comment