"අැයි බං සුද්දි.. මොකක්ද උඹට එක පාරම දැනුන තදියම."
කෙල්ල ඇසුවේ අැයගේ හොදම යෙහෙළිය වූ #සාශුගෙන්. සාශු කියලා කතා කළාට කෙල්ලගේ හොදම යාළුවගේ නම #සසුණි___තිවංගි__අධිකාරි.
"ඒහ් බං මැණිකෝ ඔය දොරට තඩිබාන එක නතර කරලා හිටු. උඹ කියන මෙලෝ මළදානයක් මට ඇහෙන්නේ නැහැ. හරියට කොත්තු කඩේකට ගියා වගේ."
කෙල්ල කෑ ගහල වගේ කීවා.
"මේ ඔෆිසර් තේමිය උඹව අහනවා. මේ දැනුත් කෝල් කළා."
"ඒ මොනවටද?."
"මම දන්නවද බං.. උඹ දැන් පැයක් තිස්සේ බාත් රූම් එකට වෙලා පොල් ගානවද?. ඉක්මනට වරෙන් එළියට. මගේ උගුරත් එක්ක රිදෙනවා උඹට කෑ ගහලම."
"විනාඩි පහක් දියන් මට.."
කෙල්ල එහෙම කියලා ඉක්මනට ශවර් එක යටට උනා. අතීත මතක කෙල්ලගේ හිත පාරද්දි අැස් දෙක පියාගෙනම කෙල්ල හිතින් අම්මටයි අප්පටයි කතා කතා කළා."
#ඩියේරා__ශායල්__සෙල්වනායගම
විනාඩි පහක් කීවට මොකද කෙල්ල බාත්රූම් එකෙන් එළියට එද්දි විනාඩි පහළොවක් විතර ගෙවිලා ගිහින් තිබුනා.
"ආහ් බිසවුන් වහන්සේ සැපත් උනාද?."
සාශුගේ වැඩේ කෙල්ලව විහිළු ගන්න එක. ඒත් රතුවෙලා ඉදිමිලා තිබුන කෙල්ලගේ ඇස් දැක්කම සාසුට දැනුනේ කේන්තියක්.
"ශායල් මම උඹට හැමදාම කියනවා.. ඒත් මට අදත් ඒ දේවල් කියන්න උඹ සිද්ධ කරා."
"මම දන්නවා උඹගේ අතීතේ අපි හිතන තරම් ලස්සන නැහැ කියලා. ඒත් ප්ලීස් පුළුවන් හැම තත්පරෙන්ම ඒකෙන් මිදෙන්න බලපං. අම්මයි අප්පයි ගෙනාව අායුශ අරගෙන එයාලා යන්න ගියා. ඒත් උඹ තවම ජීවත් වෙනවා. බලපං බැහැලා එළියට. හැම සිකුරාදාටම කෝවිලට යන එක ගැන නෙවෙයි මම කියන්නේ. උඹටත් ජීවිතයක් තියෙනවා ඒක විඳපන් මේ විඳිහට මුළු ගැන්විලා ඉන්නේ නැතිව."
"නිධානයක් පහල වෙලා නෙවෙයිනේ උඹට. උඹගේ පුංචි බිස්නස් බලා ගන්න එක ඇත්ත. පොඩ්ඩක් ඒවා ගැනත් හොයලා බලපං. ඕනර් විදිහට අන්තිම සයින් එක ගහන එකම නෙවෙයි උඹට තියෙන වගකීම. ඒ හැමදේකම තියෙන්නේ උඹගේ අම්මිගෙයි අප්පගෙයි මහන්සිය."
"උඹ ලෑස්ති වෙලා වරෙන්. මම යනවා."
සාශු කේන්තියෙන් කියලා යන්න ගියා. කෙල්ල දැනට පදිංචි වෙලා ඉන්නේ කොළඹ. කෙල්ල කොළඹ ඉන්නේ කෙල්ලගේ ජොබ් එකට පහසු නිසා. නැතිනම් කෙල්ලගේ ගම නුවර එළිය. ඒත් කෙල්ලට ගොඩක් වෙලාවට රට පුරාම යන්න සිදුවෙනවා කෙල්ලගේ ජොබ් එකේ වැඩ වලට. කෙල්ල සේවය කළේ ආරක්ෂක අමාත්යාංශයේ වුනත් ඇය හිටියේ අති දක්ශ නියෝජිතයන් දස දෙනෙක්ගෙන් පමණ හැදුන විශේෂ රහස් නියෝජිත කණ්ඩායමක. මෙතෙක් නොවිසදුණු හෝ අත හැර දමන පරණ අපරාද පිළිබඳව පවා මේ කණ්ඩායම හොයලා බැලුවා.
ඉතිං කෙල්ල ඉක්මනට ලා කහ පැහැති අත් දිග ඔෆිස් බ්ලව්ස් එකට තද දුඹුරු පැහැති ටයිට් ස්කර්ට් එකක් ඇදගෙන, කවර් හීල්ස් දෙකකුත් දමාගෙන කලින් දින සූදානම් කරගෙන තිබුන ඔෆිස් බෑග් එකත් අතට අරගෙන, පෝන් එක සහ කාර් කී එකත් අරගෙන පහළට ආවේ ශාසු පහළ ඇති කියලා හිතාගෙන. ඒත් ඇය පහළ හිටියේ නැති නිසා ඇය නිවසෙහි සේවය කරන ශිලාට කතා කළා.
"ඇන්ටි ශිලා.. කොහෙද සාසු?.."
"දෝණි බබා.. සාසු නෝනා ගියා."
සාසු හිටියේ තරමක් කේන්තියෙන්. ඒ නිසා ඇය යන්නට ඇත. කෙල්ලට එහෙම හිතුනා. ඉතිං කෙල්ල හිස් හිතෙන්ම කාර් එකට නැගලා එය ස්ටාර්ට් කරගෙන ඕපන් කර තිබුණ ගේට් එකෙන් මාර්ගයට දැම්මේ උදේ අහාරය නොගෙනම ය.
♥️♟️♟️♟️♟️♟️♟️♟️♥️
"මිස් ශායල්.. මිස්ටර් තේමිය ඔයාව අහනවා."
ආයතනයෙහි ලිපිකාරිනියක් වූ දනුකි ඇවිත් කෙල්ලට පැවසුවා.
කෙල්ල එයාගේ කැබින් එනට පැමිණියා පමණයි. මොහොතක් දෙකක් එයාගේ ශීට් එකට වෙලා හිටිය කෙල්ල සූදානම් වෙලා හිටියේ සාසුව මුණ ගැහෙන්න යන්න. ඒත් එය පසුවට කල් දැම්ම කෙල්ල ගියා තේමියව හොයාගෙන එයාගේ කැබින් එකට.
"ගුඩ් මෝර්නින්ග් මිස්ටර් තේමිය. මම ඇතුළට එන්නද?."
"එන්න ශායල්.. මම ඔයා එනකල් තමයි මේ බලාගෙන හිටියේ."
ඔහුගේ කාර්යාලය ඇතුළට පැමිණි කෙල්ල ඔහු ඉදිරියෙහි වූ පුටුවෙහි හිඳ ගත්තා. කිසිම කතාවක් නැතිව ඔහු කෙල්ල වෙත දිගු කළේ ෆයිල් කිහිපයක්.
"සොරි ශායල්.. ඒක ඇක්සිඩන්ට් එකක් විතරයි."
කෙල්ල ඇසිපිය නෙහෙලා ඒ ෆයිල් කවර වල ඇති ලිපි දෙස හිස් හැඟීමෙන් බලාගෙන හිටියේ. තේමිය ටික වෙලාවකට පසුව එහෙම කියද්දි කෙල්ල ඉක්මනට ඇස් උස්සලා ඔහු දෙස බැලුවා.
"මම හිතුවෙත් මර්ඩර් එකක් කියලා. ඒකයි මම පෞද්ගලිකවම ඒ ගැන හොයන්න ගත්තේ. ඒත් මට කිසිම තැනක සැකයක් ඇතිවෙන විදිහට දෙයක් මුණ ගැහුනේ නැහැ. වාහනේ ස්පීඩ් එක කන්ට්රෝල් කර ගන්න බැරිව තමයි ඒක වෙලා තියෙන්නේ. අනික සීසිටීවී චෙක් කළාම උනත් ඒක තේරුම් ගන්න පුළුවන්."
ඒ ෆයිල් එකෙහි වූ ලිපි ගොනු පුරාවටම වූයේ මීට වසර කිහිපයකට පෙර සිදුවුනු කෙල්ලගේ අප්පගේ සහ අම්මගේ මරණය ගැන කරන ලඳ විමර්ශනයන් වල සටහන්.
සාසු අද උදෑසනම කේන්තියෙන් කෙල්ලට පැවසු දේවල් කෙල්ලට මතක් උනා.කෙල්ල ඒ මෙහොතේ ඉඳලම පුදුම උත්සහයක් ගත්තේ පරණ හිත පාරවන මතක වලින් මිදෙන්න. එය හිතන තරම පහසු දෙයක් නොවෙයි.
කෙල්ලට අවුරුදු දා හතරෙදි කෙල්ලගේ අම්මා, අප්පා කෙල්ලව අත හැරලා යන්නම ගියාම කෙල්ලගේ තනියට හිටියේ කෙල්ලගේ පුංචි අම්මයි ගෙදර වැඩට හිටිය ශිලා ඇන්ටියි විතරයි. කෙල්ලෙක්ට අම්මා කෙනෙක් උවමනා කාලයේදි කෙල්ලට සිදු වුනා අම්ම නැතිව ජීවිතේ පටන් ගන්න. තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඉතිං කෙල්ලට කල්පනා උනේ තමන්ගේ ජීවිතේ අඳුරටම සින්න උන ඒ දවස ගැන.
ජීවිතය අපිට හැම මොහොතෙම දෙන්නේ අපි කැමති දේවල් නොවේ. ඉතිං ජීවිතය අපිට දෙන සියල්ලම අපි බාර ගෙන කාලයත් එක්ක අපි ඉදිරියට යා යුතු ය. කෙල්ල ඒ ගැන හොදින් තේරුම් අරගෙන හිටියත් කෙල්ලට බැරි උනා ඒ අදුරෙන් එළියට එන්න.
මසකට වරක් තමන්ට අවශ්ය සියළුම දේවල් ගැනීමට කල එළි බහින කෙල්ලගේ ජීවිතය උනේ උදේට ඔෆිස් යෑම සහ හවසට නිවසට පැමිණීම පමණි. ඒ වගේම කිසිම කෙනෙක් සමඟ එක වචනයකින් එහාට කතා නොකරන කෙල්ලගේ එකම යෙහෙළිය වුයේ සාශු පමණි. ඇය සාශු හා ඇන්ටි ශිලා සමඟ නම් ගිරවියක සේ කියවන්නේ ඒ දෙදෙනා කෙල්ලට නිශ්ශබ්දව සිටිමට කිසිදු අවස්ථාවක් නොදෙන නිසාම ය.
ඉදහිට රාජකාරිමය ලෙස කටයුතු කිරිමේදි කෙල්ල කතා කළද ඒ්ත් ඒවා තිර ලෙසම වචන දහයකට දොලහකට සීමා වී තිබුණි. ඉතිං ඇත්ත නම් කෙල්ල බොහෝ අවස්ථා වල ජීවත් වුනේ ඒ අදුරු දවසේ ය. දින ගෙවෙනවාට ඉර පායනවාට කෙල්ල ජීවත් විය. අැයට අැයගේ දෙමාපියන් අහිමි වීම ඇයගේ ජීවිතය බොහෝ ලෙස මන්දගාමී කර තිබුණි. එය හරියට දෙවියන් කෙල්ලට දුන් විශාල දඬුවමක් මෙන් විය.
"මිස්ටර් තේමිය. මට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕන. මම එළියට ගියාට කමක් නැතිද?."
හිතින් සෑහෙන දුරක හිටිය කෙල්ල තේමියගෙන් ඇසුවේ ලස්සන දිග ඇස් වලින් ඔහු දෙසම බලාගෙන. ඇත්තටම කෙල්ලට උවමනා උනේ තරමක් හෝ මේ හිතට එන ඒ දුක හිතෙන මතක වලින් මිදෙන්න.
ඇය මෙතරම් දුරක් පැමිණියේ ඒ මරණ පිටුපස කුමක් හෝ අදිසි හස්තයක් ඇති යැයි සිතුනු නිසාය. ඇය මේ ක්ශේත්රය තෝරා ගත්තේද ඒ නිසාම ය. ඉතිං ඇයට මීට මොහොතකට පෙරත් මේ රාජකාරිය කිරීමට ඉලක්කයත් තිබුණි. ඒත් මේ මෙහොත වන විට ඒ සියල්ලම කෙල්ලගේ හිතෙන් ගිලිහි ගොස් තිබුණි. අම්මා සහ අප්පාගේ මරණය අනතුරකින් සිදුවූවක් බව දැනගෙන දැන් කෙල්ලගේ හිත හදා ගත යුතුම ද?. කෙල්ලට කවදාවත් එය හිතීමටවත් බැරි ය.
"ශුවර්.. යූ කැන් ශායල්."
තේමියගේ හඩින් පියවි සිහියට පැමිණි කෙල්ල ඔහුට මද සිනහවකින් සංග්රහ කර කාර්යාලයෙන් එළියට බැස්සා ය. ඇයගේ අධි සුපෝකභෝගි මොටර් රථයට ගොඩ වුන තත්පරයෙදිම ඇයට සාසු සිහි වූ නිසා කෙල්ල සාසුට කෙටි පණිවිඩයක් තබා රථය මාර්ගයට යොමු කළේ ය.
වැඩි රථ වාහන තද බදයක් නැති කොළඹ ගාලුමුවදොර මාර්ගයෙහි කෙල්ල හරි හිතේ බරින් රථය හැසුරුවා ය. ඒත් මර්ගයෙහි අනෙක් පසින් පෙනෙන ගාලු මුවෝදර වෙරළ තීරය දුටුව කෙල්ලට හිතුනා තත්පරයකට හරි එතන නවතින්න.
විශ්වාස කරන්න දහස් වතාවක් ඇය එතනින් එහෙ මෙහේ ගොස් ඇත. ඒත් ඇයගේ ජීවිතයේ එකදු එක තැනකවත් ඇය මෙතන නතර වී හිද නොමැත. කෙල්ලගේ හිතට ඒ මොහොතේ ආව ක්ශනික ආශවත් සමඟ ඇය අසල වූ රථ ගාලෙහි රථය නතර කළා ය.
ස්කර්ට් එකට යට කර හැද සිටි ඔෆිස් බ්ලව්ස් එක ස්කර්ට් එකට උඩින් දමාගෙන, උඩට කර බන් එකක් ලෙස සකසා තිබුන තරමක් දිගු ස්ට්රේට් කොණ්ඩය ඇය මුදා හැරියා ය. ඉන්පසු රථයෙහි වූ එක්ට්රා ප්ලැට් සැන්ඩ්ල්ස් දෙක දමාගෙන පෝන් එක සහ වොලට් එක පමණක් අරගෙන කෙල්ල රථයෙන් බැස්සා ය.
මුහුදු රළ නැගෙන බහින අයුරු බලමින් කෙල්ල ඉදිරියට හෙමින් හෙමින් අඩිය තබමින් ඉදිරියට ගියේ හිතට දැනුන අපමණ සැනසීමත් එක්කම ය. මේ තරම් ලස්සන මුහුද විටෙක රුදුරු වන බව ඇය දනි. ජීවිතයත් හරියට මහ මුහුද වගේ ය. කෙල්ලට එහෙම හිතුනත් දුක හිතෙන ඒ අතීත මතකය අමතක කළ යුතු බව තේරුම් ගෙන සිටි නිසා තවත් ඒ ගැන සිතන්නට උත්සහ කළේ නැත. කෙල්ල අැසි පිය නොහෙලාම මුහුද දෙස බලාගෙනම ඉදිරියට පියවර තිබ්බේ කවදාවත් හිතට දැනිලා නැති ඒ සැහැල්ලුව මුළු හදවතින්ම විඳින ගමන්ම ය. කෙල්ලගේ ඇස් යොමුවෙලා තිබුනේ නැගෙන හා බැස යන රළ පෙළ දෙසට පමණි. ඉතිං අවට පරිසරයෙහි සිදුවන කිසිම දෙයක් ගැන ඇයට නිනව්වක් නොවුණි.
එකවරම කෙල්ලට දැනුනේ ඇය ගොස් ලොකු ගල් පර්වතයකක හැපුනා වැනි හැඟීමකි. මුහුද දෙස බලාගෙන සිටි කෙල්ලගේ ඇස් බැල්ම එයින් මුදවාගෙන තමා ඉදිරියේ උන් පිරිමි රුව ලඟ රැදුණි.
දකුණු අතින් කොණ්ඩය පිටි පසට කරමින් කෙල්ල දෙස හරි නපුරු විදිහට බලාගෙන ඉන්න පිරිමි රුව දෙස කෙල්ල මොහොතක් දෙකක් බලාගෙන හිඳින්නට ඇත. ඒ රුව දුටුව ප්රථම තත්පරයෙදිම කෙල්ලගේ හිත සසැලුනේ නැහැ කීවොත් එය මුසාවකි. හරි දැඩි හිතක් තිබුන කෙල්ලගේ හිත සසල කරන්නට ඒ කඩවසම් පිරිමි රුව සමත් වී තිබුන බව කිව යුතුය.
වර්ණ ගන්වන ලඳ ස්ට්රේට් කොණ්ඩය අතින් පසුපසට අදිමින් සිටිය කොල්ලගේ මුවට කෙල්ල දුටුව තත්පරයෙදීම දැනුනේ දරා ගන්න බැරි කේන්තියක්. ඒ කේනිතිය වැඩි කමට නපුරු ඇස් රත් පැහැයට හැරුනේ කෙල්ල බලාගෙන හිඳිද්දිම ය. ඒත් කෙල්ල තවමත් අසිපිය නොහෙලා කොල්ලා දෙස බලාගෙන ම සිටිය ය.
ඉතිං කෙල්ලගේ හිතට නුහුරු වුත් නුපුරුදු වූත් හැඟීම් රාශියක් හිතට දැනෙද්දි ඒ හැඟීම් ගැන හිතමින්ම ඔහු දෙසම කොතරම් වෙලාවක් බලාගෙන සිටියාද කියා කෙල්ලවත් නොදන්න තරම්. ඒත් ඒ රුව දුටුව තත්පරේම ඇති වූ නුහුරු වූත් නුපුරුදු වූත් හැඟීම ඒ තත්පරේම විනාශ වෙලා ගියේ කොල්ලගේ රළු වදන් වලට.
"ඇස් පේන්නේ නැතිද අයිසේ.. ඇවිත් ඇඟේ හැප්පෙන්නේ... පාර බලාගෙන ඇවිදිනවා."
කෙල්ල අැස් ලොකු කරගෙන කොල්ලා දෙස බලාගෙන හිටියා මිස කිසිවක් පැවසුවේ නැත.
"මොකද කරන්නේ ඕයි මගේ මූණ දිහා බලාගෙන. දැන්වත් අයින් වෙනවා මෙතනින්."
කෙල්ල පියවි සිහිය ලද පළමු තත්පරේම එතනින් ඉවත් උනා.
"ශිට්... මේ ගෑනු නම්.. කොහොන් හරි ඇතිල්ලෙන්නමනේ එන්නේ."
#ආශීර් එහෙම මුමුණමින් ඉක්මන් ගමනින් එතනින් නික්මුනේ කෙල්ල දෙස ඇස් කොණිකන් වත් බලන්නේ නැතිවමයි..
මතුවටත්....❤️❤️
මගේ අළුත් කතාව. තවම ලොකු අදහසක් නැහැ. ඒත් ඔයාලා වෙනුවෙන් ලස්සනට ලියන්න බලාපොරොත්තු වෙනවා..
#කී__කුරුළු
#ශිව්__නූහි
චරිත වලට වගේම
#ආශීර්___ශායල් ටත්
ඔයාලා ආදරේ කරයි කියලා මම විශ්වාස කරනවා..
>> මේ කතාව ලියන්නේ - සේයා දිසානායක ❤️
Post a Comment